පූචානම් කතා නිමයි.. නාවුක හමුදාව හම්බන්තොට වරායේ සිටිනවාට කෝටි 05ක බද්දක් ගෙවන්නැයි චීනය දන්වයි..

June 21, 2018 at 10:40 am | lanka C news
පූචානම් කතා නිමයි.. නාවුක හමුදාව හම්බන්තොට වරායේ සිටිනවාට කෝටි 05ක බද්දක් ගෙවන්නැයි චීනය දන්වයි..

මෑතකදී චීන සමාගමකට බදු දෙන ලද හම්බන්තොට වරාය පරිශ්‍රයේ නාවික හමුදාව වෙනුවෙන්ම ඉදි කරන ලද ජැටිය භාවිත කිරන්නේ නම් එම ඉඩකඩ සදහා මිලියන 52ක බද්දක් ගෙවන්නැයි චීන සමාගම විසින් දන්වා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම දැනුම් දීම ලිඛිතවම නාවික හමුදාවට කර ඇති බවද මන්ත‍්‍රීවරයා කියයි.

මෙම වරාය චීනයට දීමෙන් ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් නොවන්නේ යයි ආණ්ඩුව පැවසුවද දැන් නාවික හමුදාව වරාය ජැටිය භාවිත කිරීම සදහා චීනයට බදු ගෙවන්න වීමෙන් ජාතික ආරක්ෂාව අනතුරේ වැටී ඇතැයිද ඔහු සදහන් කරයි.

නාවුක හමුදාවට චීන සමාගම බදු ගැසීම ගැන ආණ්ඩුව ජාතියෙන්ම සමාව ගත යුතු යයිද ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

19,682 Viewers