පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණිකයින් පරදවමින් යහපාලකයන් බදු වැඩි කරයි.. ගිය රජයට වඩා 100%කින් බදු ඉහලට..

June 11, 2018 at 8:40 am | lanka C news
පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණිකයින් පරදවමින් යහපාලකයන් බදු වැඩි කරයි.. ගිය රජයට වඩා 100%කින් බදු ඉහලට..

පසුගිය රජයට වඩා වත්මන් රජය යටතේ ජනතා බදු බර 100% කින් වැඩි වීමට හේතුව රජය විසින්ම නිර්මානය කරගෙන ඇති ආර්ථික අර්බූදය බව මහජන පුස්තකාලයේ පැවති රැස්වීමක් අමතමින් ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේය.

වත්මන් රජය විසින් ආර්ථික අර්බූදයක් නිර්මාණය කර ගන්නට හේතු ලෙස ඔහු පෙන්වා දුන්නේ

‘රජයට නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නැතිකම , එකිනෙකට නොගැලපෙන මතවාද කරපින්නා ගත් පක්ෂ දෙකක් විසින් හවුල් ආන්ඩුවක් කිරීමට ගන්නා අසාර්ථක උත්සාහය, 2015 අතුරු අයවැයෙන් ඇරඹි අත්තනෝමතික බදු අයකිරීම් නිසා දේශීය ව්‍යාපාරිකයින්ගේ විශ්වාසය බිඳ වැටීම, දිගින් දිගටම වත්මන් රජය විසින් ලංකාවේ ආර්ථිකය ගැන පෙන්වු අඳුරු චිත්‍රය නිසා විදේශ ආයෝජකයින්ගේ විශ්වාසය බිඳ වැටීම, මහ බැඳුමකර මංකොල්ලයේ ප්‍රථිපලයක් ලෙස රටේ ආර්ථිකයට වූ රුපියල් කෝටි ලක්ෂයකට වැඩි පාඩුව මෙන්ම රටේ ප්‍රතිරූපයට වූ හානිය, රජයේ වැරදි කලමණාකරන තීරණ නිසා පොර්ට් සිටියට රුපියල් බිලියන 26ක් , එයර් බස් සමාගමට රුපියල් බිලියන 17ක්, හයට් හෝටලයේ සැපයුම්කරුවන්ට බිලියන 1.6 ක් වශයෙන් ගෙවන්නට සිදුවූ විවිධ වන්දි, කෘෂිකර්මාතයට දැක්වූ නොසැලකිල්ල නිසා කෘෂිකර්මාන්තය කඩා වැටීම, රටේ මුදල් සංසරණය දුර්වල වීම හා පොලී අනුපාතයන් ඉහල යාම මත කර්මාන්ත හා සේවා වල බිඳවැටීම නිසා අපනයන වර්ධනය් දුර්වල වීම, රජයේ ප්‍රතිපත්ති විරහිත ආර්ථික කලමනාකාරිත්වය තුල ආනයන වියදම් ඉහල යාම හා රුපියලේ කඩා වැටීම තුලින් ආර්ථිකයට වූ හානිය යන කරුණුය.

මේ තත්වය යටතේ රජය පවත්වාගෙන යාමට මුදල් සොයාගැනීමට වත්මන් රජය භාවිත කරන ක්‍රමවේදයන් ලෙස ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේ රාජ්‍ය දේපල විකිනීම , අසීමිත ලෙස ණය ගැනීම හා ජනතාවගේ බදු බර ඉහල දැමීමයි

සෑම රජයක්ම බදු අයකල යුතු වුවත් එය කල යුත්තේ මී මැස්සෙකු මල නොතලා රොන් ගන්නා සේ ජනතාව පීඩනයට පත් නොකොට බව පෙන්වා දුන් ආචාර්ය ගොඩහේවා පැවසූවේ වත්මන් රජය ජතාව තලා පෙලා බදු අයකර ගන්නේ එකල පෘතුගීසි , ලන්දේසී හා ඉංග්‍රීසි ආක්‍රමණිකයින් අනුකම්පා විරහිතව අසරණ ශ්‍රී ලාංකික ජනතාව සූරා කෑ ආකාරයටම බවය.

රනිල් වික්‍රමසිංහ මහතා පසුගියදා රැස්වීමකදී අද රටේ ජනතා ගෙවන්නේ පරණ පවක් යැයි කී කතාවට තමන් සම්පූර්ණයෙන්ම එකඟ වන බව කී ආචාර්ය ගොඩහේවා පෙන්වා දුන්නේ මෙවැනි පාලකයින් ලබන්නට නම් රටෙ ජනතාව පුදුම පවක් කර තිබිය යුතු බවයි.

– චාමින්ද කරුණාරත්න

8,708 Viewers

One Comment to “පෘතුගීසි, ලන්දේසී, ඉංග්‍රීසි ආක්‍රමණිකයින් පරදවමින් යහපාලකයන් බදු වැඩි කරයි.. ගිය රජයට වඩා 100%කින් බදු ඉහලට..”

  1. Saradiel says:

    මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ප්‍රධානතම ආක්‍රමණ තුනකට මුහුණ දුන් අතර ඒවා පිළිවෙලින් පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ආක්‍රමණයන් වේ. අන්තිම සටන වෙල්ලස්ස සටන අප ජයගත්තා දැන් තිබෙන්නේ රනිල්ට සිරිසේනට විරුද්ද සටනයි එයත් අපි ජය ගමු නැතිනම් මුන් දරුවන්ට දෙන අම්මලාගේ තනේ කිරිටිකටත් බදු අය කරනවා

Leave a Comment

Main News