පෙට‍්‍රල් හිගයක්..?

April 16, 2018 at 6:48 pm | lanka C news
පෙට‍්‍රල් හිගයක්..?

කොළඹ නගරයේ හා ඒ අවට ඉන්ධන පිරවුම්හල්වල ඔක්ටේන් 95 වර්ගයේ පෙට‍්‍රල් හිගයක් ඇතිව තිබේ.

ඇතැම් පිරවුම්හල් සේවකයන් පවසන්නේ දින දෙකතුනක් තිස්සේ මෙම වර්ගයේ තෙල් හිගය පවතින බවයි.

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලංකා ඉන්දිය තෙල් සමාගමේ තෙල් මිල ඉහළ දැමීම නිසා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල සඳහා මහත් ඉල්ලුමක් ලැබී තිබීම සහ අවුරුදු නිවාඩුවට අවශ්‍ය තරමේ ඇනවුම් ලබා ගෙන නොතිබීම නිසා මෙම තත්වය ඇති වන්නට ඇති බවයි.

කෙසේ වෙතත් බාධාවකින් තොරව තෙල් සැපයුම අඛණ්ඩව සිදු   කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය

10,199 Viewers
Main News