පෙරහරට අලි නෑ.. ධාතු කරඬුව ගොනා පිට වඩමවන්න නාහිමියෝ තීරණය කරති..

September 18, 2017 at 3:50 pm | lanka C news
පෙරහරට අලි නෑ.. ධාතු කරඬුව ගොනා පිට වඩමවන්න නාහිමියෝ තීරණය කරති..

ආගම, සංස්කෘතියවත් රැකගෙන ඉදිරියට පවත්වාගෙන යන්න වසර 150කටත් වඩා ඉපැරැණි පෙරහරට අලි දෙන ක්‍රමවේදය රජය සහ අලි හිමියන්…ප්‍රතික්ෂේප කරනවා නම් පන්සලේ ඉන්න ගොනාගේ පිට කරඬුව වැඩම කරවන වන බව හිමි නමක් ඉතා සංවේගයෙන් යුතුව පැවැසූහ.

උන්වහන්සේ මේ බව පැවැසූයේ ඓතිහාසික වැදගත්කමක් ඇති මහනුවර යුගයේදී සාමණේර හිමිවරුන් ප්‍රගුණ කළ යුතු වූ නම්පොත නමැති මෙරට සුවිශේෂ බෞද්ධ විහාරාරාම සංග්‍රහයේ දාහතර වැනි තැන නම සඳහන් වන සිවුකෝරලයේ පරණකුරු කෝරලයේ තුන්පළාත පිහිටි මැදිලිය රජමහ විහාරයේ වාර්ෂික ඇසළ මහ පෙරහර වෙනුවෙන් අලි ඇතුන් ලබා ගැනීමට යෑමේදී සිදුවූ සිදුවීමක් මුල් කරගෙනය.

ඉතා කනගාටුවෙන් මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මැදිලිය රජමහ විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති ඉලුග්ගොඩ ඥානානන්ද ස්වාමීන් වහන්සේ මෙසේ පවසති.

‘පෙරහරට අලි ලබා ගැනීමට මහත් දුෂ්කරතාවකට මුහුණපාන්න වුණා. ප්‍රදේශයේ අලි ඉන්න අයගෙන් අලි ලබා ගන්නකොටත් ඒ අය බොහෝදුරට මැසිවිලි නඟනවා අලි දෙන්න පුළුවන්කමක් නැහැ කියලා.

අපිට විශේෂයෙන් දෙවියන් හා කරඬුව වැඩමවන්න අලි දෙන්නෙක් පමණක් හිටියත් ප්‍රමාණවත්. මීට පෙර වසරවල අපි අලි 7 දෙනා 8 දෙනා දාගෙන පෙරහරට සම්බන්ධ කරගෙන පෙරහර අලංකාර කරගෙන තිබෙනවා. මේ අවුරුද්දේ රජය විසින් විශේෂයෙන් වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම මහතා අපිට නිවේදන නිකුත් කරලා තිබෙනවා පුවත්පත් මඟින් ඒ වගේම විද්‍යුත් ජනමාධ්‍ය මඟින් විහාරස්ථානවල පෙරහරවල් සඳහා අලි ඇතුන් ලබා දෙනවා පින්නවල සත්තු වත්තෙන් කියලා. මමත් ඒ අනුව පෙරහරට ඉල්ලීමක් කළා අලි දෙන්නෙක් අවශ්‍යයි කියලා. නමුත් මේ අය එතෙන්ට ගියාට පස්සේ කියන්නේ අලියකුට රුපියල් 33,000ක් බඳින්න ඕනෑ. ප්‍රවාහන කටයුතු අපි සිද්ධ කරගන්න ඕනෑ කියලා. රඹුක්කන ඉඳන් මේ ස්ථානයට අලියා ප්‍රවාහනය කරගන්න රුපියල් 15,000ක් විතර යනවා. එතකොට මේ 33,000 සහ 15,000 මුදලට අමතරව තවත් වියදම් යනවා එහෙම බලපුවාම 50,000කට වඩා වැඩි මුදලක් මේ වෙනුවෙන් වියදම් වෙනවා. මෙපමණ මුදලක් අපිට ගෙවාගන්න බැහැ.

මේ කරගෙන යන්නෙ විහාරස්ථානවල පෙරහරවල් කරන එක අඩපණ කරලා මේවා නැති කරන්න. ඒ නිසා සංස්කෘතික අංගයන් විශේෂයෙන් කරගෙන යන්න ඕනෑ. අලි නැත්නම් අපි දායකයන් එක්ක කතා කළා විහාරස්ථානයේ ගොනෙක් හදනවා පිනට. අලි නැති වුණොත් මේ සඳහා ගොනා යොදාගන්නවා. පස්සේ දායකයන් අපි කල්පනා කළා ගොනා ගැළපෙන්නේ නැහැ කියලා. නමුත් එහෙම යොදා ගන්න එක වරදක් නැහැ. ගොනා කියලා කියන්නේ ඊශ්වර දෙවියන්ගේ වාහනය නිසා සද්දන්ත ගොන්නු කිහිපදෙනෙක් මේ සඳහා යොදා ගත්තා නම් පෙරහර කරන්න පුළුවන්.

ඒ නිසා මිනිස්සු විනාශ කරන විහාරස්ථානවල සංස්කෘතික අංග පිරිහෙන තාලේ වැඩ සිදු නොකරන ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිනවා’

– mawbima

16,619 Viewers

22 Comments to “පෙරහරට අලි නෑ.. ධාතු කරඬුව ගොනා පිට වඩමවන්න නාහිමියෝ තීරණය කරති..”

  1. Yahapalanaya says:

    Look into actins of president thatha originate from very rural vilage of Sri Lanka.
    These all are contracts agreed before the election with NGoo and foreign countried.

  2. LALITH says:

    හාමුදුරුවනේ මේ රජයේ හොඳ ගොන්නු ඉන්නවා පක්‍ෂ දෙකෙන් හොඳම ගොන්නු දන්න තෝරල අපි පෙරහරේ අරන්යමු

    • CORBRA says:

      අපෝ එපා ඒ සර්වාගමික උමතු ගොන්නු දියවන්නාවේම හිටපුදෙන් ,පන්සල් පැත්තකටවත් ගන්න එපා ..
      පිං කැටේ විතරක් නෙමේ ,පන්සලුත් විකුණයි

      • Amda says:

        සහතික ඇත්ත. උන්ට මෑඩ් කව්.

        අන්තිමට ගනන් හදයි ……………
        පින් කැටේ කොච්චර සල්ලි එකතු වෙනවද?
        මෙහෙම පෙරහැරක් තියන්න පන්සලේ ආදායම කීයද?
        හාමුදුරුවන්ගේ වියදම් මොනවද?
        කොච්චර ටැක්ස් ගහන්න පුලුවන්ද?
        පන්සලට මෙහෙම ආධාර කරන්න නම් ගමේ මිනිස්සුන්ගෙ ආදායම කොහොමද?
        උන් ටැක්ස් ගෙවනවද?
        පරන පන්සලක් නම් නිධන් එහෙම තියෙනවද?
        පන්සලට වැඩිපුර ඉඩම් එහෙම තියෙනවද?
        එහෙනම් චීනෙට හෝ ඉන්දියාවට විකුනලා කීයක් හරි හොයාගන්න පුලුවන්ද?
        නැත්නම් පන්සල කඩලා ඔතන හෝටලයක් ගහන්න පුලුවන්ද?
        වට පිටාවෙ කැලේ තියෙනවද?
        ඒවායෙ වටින ගස් තියෙනවද?
        එහෙනම් ඒ කැලේ එලි කරල මිනිස්සු පදින්චි කරල ගස් ටික කපල විකුන ගන්න පුලුවන් නේද?
        කැලේ තියනවනම්, කැලේ අලි ඉන්නවද?
        දල ඇත්තු ඉන්නවද?
        අලි ගහනය වැඩියි කියල උන්ව විකුනගන්න පුලුවන් නේද?
        වඳුරො, වල් ඌරො ඉන්නවද?
        මසට ගන්න බැරිද ?
        පරන වාහන වල යනකොට ඇට ගෙවෙන නිසා ඊලඟ පරිපූරක ඇස්තමේන්තුවට 2018 අලුත්ම බෙන්ස් නැත්නම් BMW වාහන ටිකක් වත් දාගන්න පුලුවන් විදියට මුන්ගෙන් බදු ගහගන්න පුලුවන් විදිය මොකක්ද?

    • kamalsiri kuruwita says:

      චන්දයක් තිබ්බොත් පෙරහරේ ගෙදර යන්න වෙන එකනම් ෂුවර්. (පෙරහරේ යන්න වෙන කට්ටිය තමන්ලම හිතා ගන්න )

  3. Binoj says:

    What is the use of getting elephants and going on their back the relics. I do not think that lord Buddha will accept these useless works. Monks stop these nonsense and try to find ways to get out of this Sansara.

    • nilu-USA says:

      Gon- thadiyo, what is the meaning of “Culture”?

    • Boo says:

      හාමුදුරුවනේ මේං ඉන්නවා සද්දන්ත ගොනෙක්. බටහිර අධ්‍යාපනේ ලබපු පොෂ් ගොනෙක්, වැඩේට හොඳට ගැලපෙනවා.

  4. napiya says:

    paw weda karanna epa! kaley inna ahinsaka ali dakkagena perehera karanna lajja nedda!

    haraka use karahalla!

    • Boo says:

      කැලේ ඉන්න අස්සයෝ අල්ලන් ඇවිත් පස්ස හෝදන්නේ නැති ගඳ සුද්දෝ වගේ උන්ගේ කරේ නැගලා කසෙන් ගහ ගහ රේස් යන එකනං මාර පොෂ් වැඩේ.

  5. PISSU PUSHA says:

    This is what wtpring with mothers of YAMAPALANA KALAKANNI BUNCH

  6. Alapaluwa says:

    අනේ පින්සිදුවෙයි පෙරහැරවල් නොකරත් ඔයවගේ මනස්ගාත වැඩනම් කරන්න එපා මොකද මේ වැදිලා තිබෙන ශාපය හොදටම ඇති.මෙවන් දෑ සිතීමේනුත් අපි පව් සිදුකරගන්නවා. අනෙක් එවුන් කරගත් පවු වලට අපිත් තවම දුක් විඳිනවා.එකනමක් කියනවා තිබෙන්නේ මොකාගේද දත්ලු ,දැන් අලුත්ම කියමන තමයි බලු මුහුණක් දමා එයට නමස්කාර කරන්නලු.මටනම් සිතා ගන්න බැ එහෙත් කලියුග කාලේ වෙන වෙනස්කම් කියා සිතෙනවා.

  7. Susil says:

    මොන මගුලක් ද ඔයි මේ අටකබලි තිරිසන් සතුන් පිට ගෙනයන විට වඳින්නේ

  8. susil says:

    ඇට කැබලි වලට වැඳලා උඹලට තියෙන විමුක්තිය මොකක්ක්ද මොඩයිනේ.

    • sisil says:

      ගොනෝ “ධාතු වන්දනාව” සහ “විමුක්තිය සෙවීම” කියන දෙකේ වෙනස තේරෙනවද මන්ද බුද්දිකයෝ?

      • Amda says:

        මෝඩ පව්කාරයින් සමඟ වාද කිරීමෙන් වලකින්න

    • Boo says:

      ඒ වෙනුවට ලී කෑලි දෙකක් එකකට එකක් හරස් අතට තියල ගැටගහලා ඒකට වැඳපියව් , විමුක්තිය, සුවර්ගේ වගේ දේවල් සීග්‍රගාමී තැපෑලෙන් එනවලු එතකොට.

      • sisil says:

        ඕකා ක්‍රිස්තියානි නොවේ. අර ඉස්සෝ පොකිරිස්සෝ පාටි දාලා බර්ත් ඩේ සමරන පිටදුවේ නිකායේ එකෙක්.

      • sisil says:

        උගේ පිළිමේ ඌම හදාගෙන එකට ඌම වන්දනාමාන කරගෙන විමුක්තිය සොයන පිටදුවේ නිකාය ගැන එහෙම දන්නවා ඇතිනේ?

    • පෙරේරා says:

      එතකොට උඹලා කුරුසයකට වන්දනා මාන කොරන්නේ මොන එහකටද?

  9. Rohitha says:

    saddantah goneknam hoyaganta pahasu wei. onatharam aemathiwaru inne. a ekkenek thoraganne.

Main News