පෙරේදා පුංචි ඡන්දය ඉතිහාසයත් අනාගතයත් එකවර වෙනස් කරයි..

February 12, 2018 at 12:03 am | lanka C news
පෙරේදා පුංචි ඡන්දය ඉතිහාසයත් අනාගතයත් එකවර වෙනස් කරයි..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

“You can fool Some of the people some of the time, but you cannot fool all the people all the time” කියන එක තමයි මේ රටේ ජනතාව මහ හයියෙන් මේ මැතිවරණයේ දී ප්‍රකාශ කරලා තියෙන්නේ. මේ මැතිවරණ ප්‍රතිඵලය ජාතියේ ඉතිහාසයත් අනාගතයත්  එකවිට වෙනස් කරපු මැතිවරණ ප්‍රතිඵලයි. ජාතියේ ඉතිහාසය වෙනස් කලා කියන්නේ ලංකාවේ ඉතිහාසය පුරාම කවම කවරදාවත් ආණ්ඩු බලය අහිමි දේශපාලන පක්ෂයකට පළාත් පාලන මැතිවරණයක් පුංචි ඡන්දයක් ජයග්‍රහණය කරන්න ජනතාව අවස්ථාව දීලා නෑ. එය කෙසේ කෙතරම් ප්‍රබල මතයක් ද කියනවා නම් 1994 මාර්තු මාසේ 24 වැනිදා තමයි  එක්සත් ජාතික පක්ෂයේ 17 වසරක දේශපාලන ගමනේ පළවැනි පරාජය වන  දකුණු පළාත් සභා මැති මැතිවරණය පැවැත්වුණේ. ඊට හරියටම දවස් විසි තුනකට කලින් 1994 මාර්තු මාසයේ පලවෙනිදා  පැවැත්වුනු  නැගෙනහිර පළාතේ පලාත් පාලන මැතිවරණයේ දී  සමස්ත ජයග්‍රහණය එක්සත් ජාතික පක්ෂයට  හිමි වුනා.  ඒ කියන්නේ   පළාත් සභා මැතිවරණයක් පරදින්න දවස් විසි තුනකට කලින් තිබ්බ පුංචි ඡන්දයත් ආණ්ඩු පක්ෂය ජයග්‍රහණයය කරා. ඒ නිසා මේ මැති මැතිවරණයේදී ලංකා ඉතිහාසයේ නොවු විරු අයුරින් මේ ආණ්ඩුව ජනතාව ප්‍රතික්ෂේප කරා කියලා තමයි අපිට ලැබෙන පළමු පණිවිඩය.

විශේෂයෙන්ම මේ මැතිවරණය පාර්ලිමේන්තු මැති මැතිවරණයක් හෝ ජනාධිපති මැතිවරණයක් වුණා නම්  දැනට වාර්තාවී ඇති විශිෂ්ටතම ජයග්‍රහණය වන 2010   ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය අභිබවා යන ජයග්‍රහණයක් බවට අනිවාර්යයෙන්ම පත්වෙනවා

ඒ වගේම මේ මැතිවරණය අනාගතය වෙනස් කර මැතිවරණයක් කියන්නේ මේ ජනතාව ඉතා පැහැදිලිව  අපගේ ඉල්ලීමට ඇහුම්කන් දෙමින්  මෙය ජනමත විචාරණයක් බවට පත් කරමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති සහමුලින්ම  ප්‍රතික්ෂේප කර තිබෙනවා.  ඒ නිසා තවදුරටත් ආණ්ඩුවට ලක්ෂ 62ක ජනවරම ගැන මතුරමින් රට බෙදන පෙඩරල් ව්‍යවස්ථාව,  රටේ රැකියා ඉන්දියාවට විකුණන එක්ටා ගිවිසුම,  ජාතික සම්පත් නොරටුන්ට විකුණන ක්‍රියාවලිය එක අඩියකින් නොව එක අඟලකින් වත් ඉදිරියට ගෙනයාමට අයිතියක් ඉඩක් නැති බව අපි  ආණ්ඩුවටත් ආණ්ඩුව මත යැපෙන ඩොලර් මත යැපෙන එන්ජීඕ ප්‍රජාවටත් සිහිපත් කරනවා.

ඒ වගේම මේ ආණ්ඩුව දැන් පිළුණු වෙලා ඉවරයි.  මේ ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා මුදවා ගත් කිරි හට්ටියක් නම් කිරි හට්ටිය සුදු කඩදාසියකින් වහලා  කල් ඉකුත්වීම ගැහුවා 2019 නොවැම්බර් කියලා. ඒ 2019 නොවැම්බර් මාසයේ කල් ඉකුත්වීමේ දිනය එතන තිබුණත් ඊයේ දින සිට දැඩි ගදක්  හමන බවත් මෙය කෑවොත් ජනතාව අසනීප වෙනවා කියලා ජනතාව නහය හකුළාගෙන මුහුණ බෙරි කරගෙන මෙය ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ නිසා මේ කිරි හට්ටිය කුස්සියේ මේසයෙන් බැහැලා ගියේ නැත්තං ජනතාවට සිදු වන්නේ මෙය ඔසවාගෙන ගොස් බලහත්කාරයෙන් කුණු කූඩයට විසි කිරීමටයි. ඒ නිසා කුණු කූඩයට විසි කිරීමට කලින්  වේදිකාවෙන් බැහැලා යන්න මහත්වරුනේ කියලා අපි ආණ්ඩුවේ නායකයින්ගෙන් ඉල්ලා  සිටිනවා.

මේ මැතිවරණය හරහා ජනතාව පෙන්වූ ඔවුන්ගේ කල කිරීම පමණක් නොව කේන්තියද පෙන්වා තිබෙනවා. ඒ නිසා  ආණ්ඩුව මේ ජනතා හඬට කන් නොදුන්නොත්  පාර්ලිමේන්තුව වටලන්න ජනාධිපති අගමැති මන්දිර වටලන්න පවා ජනතාවගේ උද්‍යෝගයක් තිබෙනවා. ඒ නිසා එහි අවදානම ආණ්ඩුවේ නායකයින් වටහා ගත යුතුයි.

විශේෂයෙන්ම අපි කියන්න ඕනෑ මේ ආණ්ඩුවට ජනවරමක් ලැබුණා කියන මැතිවරණයේදී ආණ්ඩුවට ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ දිස්ත්‍රික්කය 15ක්. මේ මැතිවරණයේ දී අපි දිස්ත්‍රික්ක 16ක් ජයග්‍රහණය කරලා තියෙනවා විතරක් නෙවෙයි දිස්ත්‍රික්ක 6 ක ආණ්ඩුවට කිසිම පළාත් පාලන ආයතනයක් ජයග්‍රහණය කිරීමට ඉඩ නොදීමට තරම් ජනතාවගේ කේන්තිය සහ කලකිරීම් දැඩි ලෙස ප්‍රකාශ කර තිබෙනවා.

ඒ වගේම අපි මතක් කරන්න ඕනෑ ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීතුමා ප්‍රකාශකර විදිහටම එදා පාර්ලිමේන්තුවේ අගමැති මාරු කරමින් 46 දෙනෙක් ඉන්න පක්ෂ නායකයාට අගමැතිකම දුන්නේ මීට කලින් පාර්ලිමේන්තු මැතිවරණයේ ජනවරම ජනාධිපතිවරණ ජනවරමින් පිළුණු වීමට ලක් වුණා  කියලා.  පිළුණු වීමේ න්‍යාය මෙතෙන්ට අනුගමනය කරොත් 2015 ලැබුණු ජනවරම් දෙකම  මේ මැතිවරණයෙන් පිළුණු වීමට ලක්වෙලා තියෙනවා. ඒ න්‍යාය අනුව බලනවා නම් එදා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට තිබුණේ මන්ත්‍රීධූර 46ක් පමණක් වුවත් අපිට නම් 54ක් තියෙනවා කියන එක අපි සිහිපත් කරන්නේ කැමතියි.

මේ රටේ ජනතාව  ඉතිහාසය වෙනස් කරන්න අනාගතය වෙනස් කරන්න තමන්ගේ ජීවිත පරදුවට තියලා ආණ්ඩුවකට එරෙහිව තමන්ගේ ජන මතය ප්‍රකාශ කිරීමට පුංචි ඡන්දයකදී අකමැති වන්නේ මැතිවරණ ප්‍රථිපලය කුමක් වුවත් ආණ්ඩුව වෙනස් නොවෙනවා කියන අදහසින්. ඒ අවදානම අරගෙන ජනතාව මේ ලබා දුන්නු ඒ තීන්දුවට හිස නමා ආචාර කරන අතරම අපිට මතකයි 2015 ජනවාරි මාසයේ බලයට ආපු ආණ්ඩුව  අපේ පාක්ෂිකයන්ට හිරිහැර කරමින් ගෙවල් ගිනිබත් කරමින් ඉතාමත් අශීලාචාර විදිහහට තමයි ජයග්‍රහණය සැමරුවේ. ඔවුන්ට වඩා අපි වෙනස් කියලා පෙන්වමින්  අපි යන්නේ අලුත් ගමනක් කියලා පෙන්වමින් අපි ඉතා සාමකාමීව ශිලාචාරව ලැබූ ජයග්‍රහණය සමරමින් අපේ තිබෙන වෙනස් බව උතුම් බව රටටම පෙන්වන්න කියලා අපි අපේ පාක්ෂිකයන්ගෙන් විශේෂ ඉල්ලීමක් කරනවා.

– අරවින්ද අතුකෝරල

47,691 Viewers

11 Comments to “පෙරේදා පුංචි ඡන්දය ඉතිහාසයත් අනාගතයත් එකවර වෙනස් කරයි..”

  1. john the baptice says:

    මේ යමපාලන ආණ්ඩුව තුළ සිදුව තියෙන්නේ අපේ රට තුළ පොලිස් රාජ්‍යයක් බිහිවීම පමණයි.අද සෑම මිනිහෙක්ම ජීවත් වන්නේ බියෙන්”.

  2. Saradiel says:

    “නිදහස මහ මුහුදක් වේ – එහි උල්පත අත නුඹවේ
    ඒ බව සිහිකොට මෙළොවේ – යුතුකම ඉටු කළ යුතු වේ”

  3. හය පහ උනා පහ තුන වුනොත් says:

    හුටන් කියාපන්කෝ හය පහ උනා පහ තුන වුනොත් දෙකට මොකද වෙන්න. ඉදිමෙනවා ටෙචර්. උදාහරණය ජනධිපති තුමා.. එතකොට මල පහ උනාම මොකද කරන්නේ ඇග පුරා ගෑ ගන්නවා ලොකු කම පෙන්න්නන්න ගිහින්. උදහරනයක් අපේ නායක තුමා. වයසද? නෑ ටීචර් මිනිහට පිස්සු.

  4. ඇත්ත says:

    මෙරටේ බහුතරයක් ජනතාව මෙවර පලාත් පාලන
    මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශකලේ දැන් පවතින රජය
    එකහෙලාම ප්‍රතික්ෂේප කරමින්.

    එනිසා මේ ජඩපාලන රජය තවදුරටත් පවත්වාගන යාමට
    මේ රජයට කිසිම සදාචාරාත්මක අයිතියක් නැත.

    වහාම පාර්ලිමේන්තුව විසුරුවාහැර බහුතර මහජනතාවගේ
    විශ්වාසය දිනූ රජයක් පත්කර ගැනීමට කටයුතු
    කරණු.

  5. නෙලුම් says:

    නෙලුම් මල සිංහල ජාතියේ සලකුණයි!
    ඒ වටා රොක්වන්න

  6. Devaka says:

    අර හොරගොල්ලෙ ලමාතැනීට තියෙනවයි කියපු
    ඩිමාන්ඩ් එක මීට පස්සෙත් එහෙම්මම තියෙයිද?

  7. රනිල්තුමා 2020 තෙක් රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

    අපි රනිල්තුමාව 2020 ජනාධිපති අපේක්ෂක වනතෙක් දිවිහිමියෙන් රැකගනිමු. එවිට ගෝඨාට ලක්ෂ 50 කින් ජයග්‍රහණය කිරීමට රුපියලක හෝ වියදමක් නොයනු ඇත.

  8. Dr Lakshman says:

    ආණ්ඩුවට නිරපරාදයේ තවදුරටත් මේරට විනාශ කිරීමට කාලයක් ජනතාව ලබානොදී ඇතිබව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකයන් විසින් වටහාගෙන ඇති බව ඒකාන්තය . එමනිසා ජන බලයට නිවැරදි නායකත්වයක් සපයමින් ලැබී ඇති අවස්ථාව යොදා ගනිමින් ජනතාවට අවශ්‍ය වෙනස “ආණ්ඩු වෙනස” වහා ඇති කිරීමේ ක්‍රියාවලියකට ජනතාව සමග අත්වැල් බැඳ ගනිමින් දවස , දෙක , සතිය දෙක , මාසේ දෙක ලෙස නොදැනීම තව අවුරුදු දෙකක් කල් නොදී හෙට අනිද්දම අවශ්‍ය නිසි ක්‍රියා මාර්ග අවස්ථානෝචිතව ගනු ඇතැයි සිතමි . අපි ඒ සඳහා සුදානමින් බලාසිටිමු .

  9. Kings says:

    “You can fool Some of the people some of the time, but you cannot fool all the people all the time” very correct. But “Pohottuva” and former presiden must think people will think same way, if he also acted like yahapalanaya foolish. I think, Mr. Mahinda and others clearly understood it than early period.

  10. ගයත් says:

    මහින්ද සුළඟ ආරම්භ කර එතුමාවත් අපත් නැවත එක් කල, රටට බලාපොරොත්තුවක් ගෙන ආ විමල්, ගම්මා ඔබ දෙපලට ස්තුතියි. දැන් තමයි මහින්ද මහතා වැඩිපුරම ආරක්ෂා කර ගත යුත්තේ මොකද හොරු වංචාකාරයන් නැවත විවිධ කතා කියාගෙන හේත්තු වෙන්න එනවා. උන් ඔබ අපව ජනවාරි 8 තනිකරලා ගියා කියන දේ මහින්ද මහතා අමතක කර සමාව දේවි.

Main News