පෙරේදා රිමාන්ඞ් කල පොල්ගම්පොල අද ඇප මත නිදහස්..

May 18, 2018 at 12:40 pm | lanka C news
පෙරේදා රිමාන්ඞ් කල පොල්ගම්පොල අද ඇප මත නිදහස්..

පසුගියදා පොලිස් අපරාධ පරීක්‍ෂණ කොට්ටාශය විසින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලද රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කර පසුව එම ධුරයෙන් ඉවත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පොල ඇප මත නදහස් කරනු ලැබීය.

කොටුව අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය තෙක් රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබූ ඔහු අද දිනයේ කිලිනොච්චිය මහේස්ත‍්‍රාත් අධිකරණය මගින් ඇප මත මුදා හරිනු ලැබුවේ දැඩි ඇප කොන්දේසි මතයි.

ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙනි.

4,679 Viewers

One Comment to “පෙරේදා රිමාන්ඞ් කල පොල්ගම්පොල අද ඇප මත නිදහස්..”

  1. ඕවත් වැඩද බං says:

    ඕවත් වැඩද බං..ඇල්ලුවා දැම්ම ගත්තා.ඕවත් වැඩද බං මං පොල් ගම් පොළ බං.

Main News