පොදු වෙළදසැල දේශපාලනයට යොදා නොගන්නා ලෙසට වෙළෙන්දන්ගෙන් ඉල්ලීමක්…

January 13, 2018 at 2:22 am | lanka C news
පොදු වෙළදසැල දේශපාලනයට යොදා නොගන්නා ලෙසට වෙළෙන්දන්ගෙන් ඉල්ලීමක්…

කිළිනොච්චිය පොදු වෙළෙද සැල දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා යොදා ගැනීමෙන් වෙළෙන්න්ට විවිධ දුෂ්කරතාවලට මුහුණ පෑමට සිදුවන හෙයින් පොදු වෙළසැල දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් වලක්වා දෙන මෙන් කිළිනොච්චිය පොදු වෙළෙද සැල් වෙළෙද සංගමය විසින් දිසාපතිවරයාගෙන් ඉල්ලීමක් කොට ඇත.

මෙවර පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වී සිටින සෑම අපේක්ෂකයෙකුම සිය ප්‍රචාරක කටයුතු සඳහා කිළිනොච්චිය පොදු වෙළෙද සල යොදා ගැනීම නිසා එහි වෙළෙන්දන්ට නිදහසේ තම  වෙළදාම් කටයුතු කරගැනීමට නොහැකි බවත් දේපාලන කටයුතු සහා වෙළඳ සැල යොදාගනීමේදී පොදු වෙළඳසැල් බොහෝ අපවිත්‍ර වීමත් පාරිභෝගිකයින් වෙළඳසැල් වෙතට නොපැමිණීමෙන් තමන්ගේ ආර්ථිකයටද බලපෑම් එල්ල කොට ඇති බවට වෙළෙද සංගමය විසින් කිළිනොච්චිය දිසාපති සුන්දරම් අරුමේනායගම් මහතා වෙත ලිපියක් මගින් අද (12) උදෑසන බාරදී ඇත.

එමෙන්ම ඡන්ද අපේක්ෂකයෝ ඔවුන්ගේ ප්‍රචාරක අත් පත්‍රිකා හා සෙසු ප්‍රචාරක ද්‍රව්‍ය පොදු වෙළෙද පොලට රගෙන විත් භාණ්ඩ මිලට ගැනීමට පමිණෙන ජනතාවට අදහස් දක්වමින් හා  ඔවුන්ගේ ප්‍රචාරක දැන්වීම් බෙදමින් ජනතාව පීඩාවට පත් කිරීම නිසා මේ දිනවල භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන ජනතාව පොදු වෙළෙද පොලට පැමිණීම අඩු වී ඇතයිද  වෙළෙද සංගමය කියා සිටියේය.

පොදු වෙළෙද පොලේ වෙළෙන්දන් භාණ්ඩ විකිණීමට දරණ තරඟයට වඩා තරගයක් මැතිවරණ අපේක්ෂකයින් අතර ඇති නිසා මේ තත්ත්වය සියළුම දෙනාට හිරිහරයක් වී ඇති බැවින් වහාම මේ තත්ත්වය නතර කොට දෙන මෙන් කිළිනොච්චිය වෙළෙද සංගමයේ නිලධාරීන් දිසාපතිවරයාගෙන් ඉල්ලා ඇත.

අදාල ඉල්ලීම සම්බන්ධයෙන් ඉතා ඉක්මිනින් වගකිවයුතු පාර්ශව සමග සාකච්ඡා කොට වසිුමක් ලබා දෙන බවටද කිලිනොච්චිය දිසාපති වරයා විසින් වෙළඳ සංගමයට දැනුම් දී ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

853 Viewers

Leave a Comment

Main News