පොරොන්දු තුනක් මත මෛත‍්‍රී-මහින්ද එක් කරන්න ඇල්ලේ හිමි පෙරට.. ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව අතුරුදහන්..

December 5, 2017 at 9:20 am | lanka C news
පොරොන්දු තුනක් මත මෛත‍්‍රී-මහින්ද එක් කරන්න ඇල්ලේ හිමි පෙරට.. ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව අතුරුදහන්..

ලිඛිත පොරොන්දු මත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමගි කිරීමට තමන් වහන්සේ සූදානමින් සිටින බව කොළඹ 07 ධර්මායතානාධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

මේ සදහා මෙරට ප්‍රධානම පෙළේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක්ම සූදානමින් සිටින්නේ යයිද උන් වහන්සේ සදහන් කරති.

මෙම සමගිය ඇතිකිරීම සදහා මැදිහත් වීමට නම් යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉවත් කිරීම, මහබැංකු බැඳුම්කර වංචාවේ චූදිතයන්ට නඩු පවරා දඬුවම් දීම, ජාතික සම්පත් විකිණීම නතර කිරීම යන ප‍්‍රධාන කාරනා තුනට දෙපාර්ශවය ලිඛිත පොරොන්දු ලබා දිය යුතු බවද උන් වහන්සේ සදහන් කරති.

මෙම කොන්දේසි සදහා ජනාධිපතිවරයා, හිටපු ජනාධිපතිවරයා හ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ආදී ඔ්නෑම පුද්ගලයෙකු හමු වී සාකච්චා කර එකග කරවා ගැනීමට තමන් වහන්සේ සූදානම් බවද උන් වහන්සේ කියා සිටිති.

තමන් වහන්සේට කිසිදම දේශපාලන පක්ෂයක් දිනවීමට උවමනා නැති බවත් සදහන් කරන ගුණවංශ හිමියෝ සියල්ලට පළමුවෙන් රට බේරාගත යුතු බවත් ඉදිරි වසර දෙකද මේ අකාරනේ ගියහොත් රටේ කිසිම සම්පතක් ඉතිරි නොවනු ඇතැයිද සදහන් කරති.

මීට කලකට පෙර මෛත්‍රී-මහින්ද හමුවක් සිදුවීමට තිබූ බවත් නමුත් එවන් එකඟතාවක් ඇති නොවීම නිසා දැන් වන විට රටට බොහෝ හානි සිදුව ඇති බවත් උන් වහන්සේ වැඩි දුරටත් කියා සිටිති.

කෙසේ වෙතත් උන් වහන්සේ ඉදිරිපත් කරන යෝජනාවලියේ ශ‍්‍රිලනිපය පවතින ආන්ඩුවෙන් ඉවත් වීම හෝ අයවැයට විරුද්දව ඡුන්දය භිවාත කිරීම වැනි ඒකාබද්ද විපක්‍ෂය ඉදිරිපත් කරන ඉක්මනින් සිදු විය යුතු යෝජනා නැති වීම සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි බව ඒකාබද්ද විපක්‍ෂයේ ප‍්‍රකාශකයෙක් සදහන් කලේය.

අදාල යෝජනාවලියේ ඇත්තේ පොරොන්දු කිහිපයක් පමණක් නිසා ඊට එකගවීමේ හැකියාව ඒකාබද්ද විඵක්‍ෂ පාර්ශවයෙන් ඉතා අවම බවත් කී ඔහු පවතින ආණ්ඩුවෙන් තීරණාත්මකව ඉවත් වන්නේ නම් සෙසු යෝජනා ගැන සලකා බැලිය හැකි බවද සදහන් කලේය.

36,499 Viewers

38 Comments to “පොරොන්දු තුනක් මත මෛත‍්‍රී-මහින්ද එක් කරන්න ඇල්ලේ හිමි පෙරට.. ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව අතුරුදහන්..”

  1. poramola says:

    Ven Alle Watawansa, please keep away from unnecessary negotiations.

    • ගමයා says:

      ඇල්ලේ පිට පොට හරහා මේ එන්නේ යහපාලන පලිගැනීම යටතේ හිරගත වූවන්ගේ සහ නඩු වැටී ඇති අයගේ අදෝනාවයි….උබලා එකතු වුණාට ජවතාව උඹලටම ඡන්දය දෙයි කියා හිතන්න එපා

    • karu says:

      පළාත් පාලන චන්දය මුවාවෙන් මහින්ද ඊනියා ජාතික ආණ්ඩුවට එකතු වෙයිද?

    • Kautilya says:

      If you don’t like democracy and wish to see that absolute power is given to Sirisena then make an effort to unite MR and Sirisena.

      The final outcome is that the anti government momentum may be diluted which will result in a large percentage of MR supporters abstaining voting at the next election due to disappointment.

      This is a loss- loss game both for MR and the country in the final analysis..

  2. Nandasoma says:

    ආණ්ඩුවෙන් ඉවත් නොවී කොහොමද බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන්නෙ, රාජ්‍ය දේපල විකිණීම නවත්වන්නෙ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරුද්ධ වෙන්නෙ කොහොමද ආණ්ඩුවේ ඉඳගෙන?
    ඉතින් කෙලින්ම ආණ්ඩුවෙන් ඉවත් උනාම ඉවරයිනෙ?
    අනික කොහොමද ආණ්ඩුවේ ඉඳගෙන තමන්ගෙ ප්‍රතිපත්ති මොනවද කියල කියන්නෙ??
    වැදගත්ම දේ තමයි, ආණ්ඩු විරෝධී ජනතාව නියෝජනය කරන්නෙ කවුද???

    සේරම මැති ඇමතිවරු එකතු වෙලා තමන්ගෙ වරදාන, වරප්‍රසාද ගැන හිතුවොත් ජනතා ප්‍රශ්ණ වෙනුවෙන් පෙනී සිටින්නෙ කවුද???? මේක ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයක්…! කාලෙන් කාලෙට හරි ජනතාව වෙනුවෙන් පෙනී සිටීමේ කණ්ඩායමක් සිටිය යුතුයි.

    ඒනිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ගැන හිතිය යුතුමයි…. යූ ඇන් පී එකත් එක්ක එකතු වෙලා ජනතාවට සේවය කරන්න බැහැ. ඒ අය හිතන්නෙ තමන්ගෙ වරදාන, වරප්‍රසාද ගැන නම් එයාලට ජනතාව කැමැත්ත දෙන්නෙ නැහැ…..

    යූ ඇන් පී රජයත් එක්ක ඉන්න ගමන් බැහැ ශ්‍රී ලංකා ප්‍රතිපත්ති ගොඩ නගන්න…..

    ඒ නිසා දැන්වත් යූ ඇන් පී එකත් එක්ක තියෙන සහයෝගයෙන් ඉවත් විය යුතුමයි…නැතිනම් ඒකාබද්ධ විපක්ෂයත් යූ ඇන් පී උගුලට අහු වෙනව නොඅනුමානයි….!!! එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජනතාව අතරමං වෙනව….!!!!!

  3. mark says:

    ඇල්ලේ ගුණවංශ කියන්නේ තවත් එක් කලු සුදු අවතාරයක් බව ටික දිනකින් පෙනෙනු ඇත….
    මහින්ද ගෙදර යැවීම සදහා මෛත්‍රී සමග ඩබල් ගේම් ගැසූ අයෙකි….
    අභයාරාමට මහින්දට ලබා දීමේ කපුකම සිදුකර පසුව මෛත්‍රීට හේත්තු කිරීම පිටුපස ඉන්නේ මොහුය…
    එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් බලා ගත හැකිය.

  4. Kiwlegedera says:

    Me swameenvahanse wes walagath UNP karayeku viya heka. Me soodanam wenne Ranilta janadhipathi weemata para kepeemataya.

  5. ඇත්ත says:

    මහින්ද සහ මෛත්‍රී එක් කිරීමේ කපු කම කරන්නේ මේ නීති විරෝධී ජාතික ආණ්ඩුවට තවදුරටත් ජනතාවට කොකා පෙන්වමින් දූෂණ කිරීමට ඉඩ දෙනු යන්නයි…මේ ඇල්ලේ කරන්නේ ජාතික ලැයිස්තුව කොල්ලකෑමේ සුසිල්-වර්ණපාල තියරියේ දෙවන ඉනිමේ විනිසුරැ වන්නයි…මේ විදිහට ගියොත් මහින්ද වාදීන්ට සිදුවන්නේ ඡන්දය වර්ජනය කිරීමට බව කවුරැ කවුරැත් සිහි තබා ගත්තොත් හොදයි….සිංහලයා මෝඩයා ඊයෙ කරපු දේ අද අමතක බව ප්‍රභාකරන්ද කියා ඇත…

  6. අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ යුද්ධය වෙලාවෙ කල සේවය නිසාම මා ඔබ වහන්සේට ඉතා ගරු කරනවා. හැබැයි ජනතාව ආන්ඩුවට , ආප්පය 2015 ච්න්දයට කල දෙයට නිසි දඩුවම් දෙන්න සුදානම් වෙලා ඉන්න වෙලාවෙ ඒකට වංගු දාන්නෙ නැතුව ඉන්න.
    ආන්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැත්නම් කිසිම එකගතාවක් නොවිය යුතුයි. නැත්නම් අපි නෑ.

  7. daham says:

    aya waya parajaya kireema saha unp hora magulen ivath veema sidu nowanne nam mahindala slfp ekata ekathu wenne mona magulakatada? 58 lakshetath wadiyen denaa dan ekata thadinma viruddha bawa mahindata therenne nathnam eyaata vitharak nemeyi ara janathaawatath aba sarana thamayi.

  8. saman says:

    ඇයි හාමුදුරැවනේ ජාතික ආණ්ඩුව අටවගෙන විශාල ඇමති මණ්ඩලය නඩත්තු කරන එක පේන්නෙ නැත්තේ පිරිකර වැඩිය ලැබෙන හින්දද?

  9. duminda says:

    නූතන කොට්ටෝරැවාගේ මෙදා සැරේ හොට පැටලෙයි…..

  10. kamalasirikuruwita says:

    ආන්ඩුවෙන් ඉවත් වෙන්නෙ නැත්නම් කිසිම එකගතාවක් නොවිය යුතුයි. කොහොමත් දැන් වෙලාව ගෙවිල ඉවරයි . ඔබවහන්සේ මේ කරන්න හදන්නේ ජාතික අපරාධයක්. දළදා හාමුදුරුවෝ ඉස්සරහත් දිවුරලා කණපිට ගැහුවනම් තමුන්නාන්සේට කොල කෑල්ලක අත්සන ගහල ඔබවයි ජනතාව රවට්ටන එක මහා ලොකු කජ්ජක් නෙමෙයි මෙයාලට. අනික එදා දුන්නු බොරු පොරොන්දු කන්දරාව දිහා බලල මෙයාල විස්වාස කරන්න කියලද ඔබවහන්සේ කියන්නේ . එහෙමනම් ඔබවහන්සේගේ ඔලුවත් අවුල් වෙළද කියා සැකයක් ජනතාවට ඇති වෙනවා

  11. Notthischange says:

    Ven., please stay out of this. You are only leading to a severe crisis where people in this country would never vote politicians ever after. That is the worst that we can imagine.

  12. manjula says:

    Api obawahanseta garukaranawa, oya kalakanni hitan ekka sanwada epa.

  13. vishnu says:

    ඔබ වහන්සේ මේ කරන්න හදන්නෙ සුලුවටු වරදක් නෙවෙයි.ආණ්ඩුවේ
    ඉන්න slfp කිසිම ඇමතියෙක් මේ ආණ්ඩුවට ඕන දෙයක් කරගන්න
    ඉඩදීලා හිටිය මිසක් රට වෙනුවෙන් කිසිම වැඩක් කලාද.ඔතන ඉන්න කිසිම
    ඇමතියෙකුට චන්ද පදනමක් තියෙනවද.ඔබ වහන්සේට කරන්න පුළුවන් නම්
    එකම සරල දෙයයි කරන්න තියෙන්නෙ.පුළුවන් නම් ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ
    සභාපති කම මහින්දට අරගෙන දෙන්නඉතුරු ටික එතුමා බලා ගනීයි .අපි ඔබ වහන්සේට නමස්කාර
    පුර්වකව ගරු කරනව.ධාතු කරඬුව ඔලුවේ තියල පක්ෂයෙන් යන්නෑ
    කියපු වසලයවනම් විශ්වාස කරන්න එපා

  14. Mangala says:

    Yadeka noratha ratha.

  15. NAK says:

    Venerable sir please don’t try to be another Rathana.
    Who would trust Sirisena’s promises written or otherwise.

  16. Open mind says:

    නරක ද මේ සඟ රුවන් වලට ම මුළු රටම භාර දීලා ගිහියන් තමතමන්ගේ වැඩක් බලා ගන්න එක.

  17. අලුගුත්තේරුවා says:

    ඡන්දෙන් පස්සෙ එකතු වෙමු. නැත්නම් ශ්‍රිලනිපයට තියෙන්නෙ මේ ඡන්දයට ඉදිරිපත් නොවී පොහොට්ටුවට සහය දී තම නෝන්ඩිය වසාගෙන ඒකාබද්ධය සමග එකතු වීමයි. ඡන්ද ප්‍රතිඵල රනිල්ට ඉල්ලල අස්වීමට බල කරාවි.

  18. Aurora says:

    Elle hamuduruwane oba thumata thiyana garuthwayen kiyami. Appaya borukara drohiya. Uwa beraganna ena siyalu denama drohiyo.
    Please dont interfear this time. People will teach Appa Sira a good lesson. Our peoples power is more important to chase out this yahapana asses. And protect our national assets.

  19. Hemantha says:

    අවසරයි හාමුදුරුවනේ, ඔබවහන්සේට ලැබියුතු සියලුම ගවුරව සහිතව අමතමි. නගවිහරේ සොපිත හාමුදුරුවෝ රට අරාජික කරලා පන්සලත් අරාජික වුනාට පස්සේ. ඔබවහන්සේත් රට අරාජික කිරීමට දරන උත්සාහය ග<න මගේ බලවත් අප්‍රසාදය.

  20. Trumph says:

    අනිවාරයෙන්ම මෙය සිදුවිය යුතු දෙයක් පක්ෂ විපක්ෂ බලලෝභී නොවන දේශපාලකයන් අනිවාර්යයෙන්ම මෙම ්‍රියාවලියට සහයෝගය දිය යුතු ය දේශහිතෛශී සියලු ජනතාවට මෙහි ඇති වැදගත්කම කාලයකට පසුව හෝ තේරුම් යනු ඇත නමුත් දේශපාලන පක්ෂවල කටු සූප්පු කරන්න පමණක් විරුද්ධවනු ඇත. මිනිසා කව්රු මොනවා කීවත් මහින්ද අනිවාර්යයෙන්ම මෙයට කැමැත්ත දීම අනිවාර්යය.
    කවුරුත් මේ comment එකට කොච්චර බැනලා ලිව්වත් සිදුවන්නේ ඔවුන් දෙගොල්ල එකතු වීමය. එය අනිවාර්යය.

    • nuwan says:

      එහෙම වුණොත් අපේ පවුලේ ඡන්ද 6ක් කාටවත් වැටෙන්නේ නැති බව තේරැම් ගත්තොත් හොදයි

  21. පංච මහා බලවේගය says:

    මෙය කිසිම තේරුමක් ඇති වැඩක් නොවේ.

    මම මහින්ද – මෛත්‍රී එකතුවට විරුද්ධ අයෙකු නොවේ. එහෙත් මෙය නම් අපට අවාසිදායක තත්වයකි.

    එක පැත්තකින් මැතිවරණයෙන් පසු ව, ජාතික සම්පත් විකිණීමත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යළි ගෙන ඒමත් සිදු වනු ඇත. අනෙක් පැත්තෙන් බැඳුම් කර හොරුන් ට දඬුවම් දීම, මැතිවරණය ට පෙර හදිසියේ සිදු කළ හැක්කක් නොවේ. මැතිවරණයෙන් පසු ව, බැඳුම්කර මගඩිය නිකම් ම අමතක කර දැමෙනු ඇත. එම නිසා, මෙම කොන්දේසි මුලුමනින් ම, වංචාකාරී කොන්දේසි ලෙස සැලකිය යුතුය. (මෙම කොන්දේසි අතරට හිරේ සිටින රණවිරුවන් නිදහස් කිරීම වැනි කොන්දේසි ඇතුලත් නොවන්නේ, හිරේ සිටින රණවිරුවන් මැතිවරණය ට පෙර නිදහස් කෙරුනොත්, එම රණවිරුවන් නැවත මැතිවරණයෙන් පසු සිරගත කිරීම අපහසු වීමත්, එවිට ආණ්ඩුව සහ බටහිර / ඉන්දීය ස්වාමිවරුන් අතර ඇති එකඟතා බිඳ වැටෙන නිසා ත් ය.) මේ අවස්ථාවේදී ඇල්ලේ හිමියන් ආණ්දුවේ උගුලකට අසුවී ඇති බව පැහැදිලිය. සති කිහිපයකට පෙර මැදගොඩ අභයතිස්ස හිමියන් ද ආණ්ඩුවේ උගුලකට අසු වී රට බේරා ගත හැක්කේ මෛත්‍රීපාලට පමණ ය යන අමනෝඥ ප්‍රකාශය සිදු කළ සේක.

    මෙම උත්සාහයේ මූලික අරමුණ මෛත්‍රී ට වඩා මහින්ද ජනප්‍රිය ය, යන්න මැතිවරණයේ දී හෙළි වීම වැළැක්වීමයි. එය ට ඉඩ දීම, දේශපාලන වශයෙන් සියදිවි නසා ගැනීමකි.

    මහින්ද – මෛත්‍රී එකතුව සිදු වනුයේ මැතිවරණය වෙනුවෙන් නම්, එහිදී කොන්දේසි සාකච්ඡා කළ යුත්තේ මැතිවරණයට අදාළව ය. මැතිවරණය සඳහා එකතු වීමට, ජාතික සම්පත් විකිණීම පටලැවීම අර්ථ විරහිතය.

    මහින්ද – මෛත්‍රී එකතුව සඳහා කොන්දේසි විය යුත්තේ මේවාය.

    (1) මැතිවරණයට ඉදිරිපත් වන සන්ධානයේ නායකයා මහින්ද ය. එහි සියලු ප්‍රධාන තනතුරු හිමි වන්නේ මහින්ද පාර්ශවය ට ය. මෛත්‍රී පාර්ශවය ට හිමිවනුයේ නාමික තනතුරු කිහිපයක් පමණි.

    (2) නාම යෝජනා ලබා දීමේ දී, දැනට මහින්ද පාර්ශවය සමග එකතු වී සිටින සියලු පළාත් පාලන නියෝජිතය න් ට නාමයෝජනා හිමි විය යුතු ය. ඉතිරිවන නාම යෝජනා ස්වල්පයක් පමණක් මෛත්‍රී පාර්ශවය ට ලබා දිය හැක.

    (3) නාම යෝජනා ලබාදීමෙන් පසු ව, නිළ වශයෙන්, පුවත් පත් දැන්වීම් ආදිය හරහා, පක්ෂ මහ ලේඛම් ගේ අත්සනින් යුතුව, පොහොට්ටු ලැයිස්තුවේ සිටින අපේක්ෂකයන් අතුරෙන්, මහින්ද පාර්ශවයේ නියෝජිතයන් කව්රුන් ද, මෛත්‍රී පාර්ශවයේ නියෝජිතයින් කව්රුන් ද යන්න ජනතාවට නිවේදනය කළ යුතුය.

    (4) කිසියම් දිස්ත්‍රික්කයක මෛත්‍රී පාර්ශවයේ නියෝජිතයන් අභිබවා මහින්ද පාර්ශවයේ නියෝජිතයන් ඡන්ද ලබා ගත හොත්, එම දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප / එජනිස මන්ත්‍රීවරු ආණ්ඩුව පවත්වාගෙන යාමට උදව් කිරීමෙන් වැලකිය යුතු අතර, ඇමතිකම් අත්හල යුතුය. කිසියම් දිස්ත්‍රික්කයක මහින්ද පාර්ශවයේ නියෝජිතයන් අභිබවා මෛත්‍රී පාර්ශවයේ නියෝජිතයන් ඡන්ද ලබා ගත හොත් එම දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප / එජනිස මන්ත්‍රීවරු ආණ්ඩුව පවත්වාගෙන යාමට උදව් කළ යුතු අතර ඇමතිකම් බාර ගත යුතුය.

    මහින්ද හා මෛත්‍රී එක්වීමට නම් ආණ්ඩුවෙන් ඉවත් විය යුතුය යන ඉල්ලිම තේරුමක් ඇති එකක් නොවේ. ශ්‍රීලනිපය ආණ්ඩුවෙන් ඉවත් වුවද ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ට, ඇමතිකම් බාර ගත හැකි අතර අන්තිමේ දී එම මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවෙන් නෙරපනවා ද නැද්ද යන්න උසාවිය හමුවට යන ප්‍රශ්නයක් වනු අති අතර නඩුව 2020 දක්වාම ඇදෙනු ඇත. එමෙන්ම 2017 දෙසැම්බර් 31 ට තව ඇත්තේ දින කිහිපයක් නිසා හවුල් ආණ්ඩුව කොහොමත් ඉන් පසුව පවත්වා ගනු ඇත්තේ අර්බුද මැද්දේ බව ද අමතක නොකල යුතුය.

    කිසියම් ලෙසකින් මොකක් හෝ මැතිවරණයක් පැවැත්වෙනවා නම්, මෛත්‍රීපාල ට වඩා මහින්ද කොතරම් ජනප්‍රිය ද යන්න ජනතාවට පැහැදිලිව විද්‍යමාන වන ආකාරයකින් පමණක් මහින්ද සහ මෛත්‍රීපාල අතර සන්ධානය ගොඩනැගිය යුතුය. එය කළ නොහැකි නම් පමණක් වෙනම තරඟ කළ යුතුය.

    මහින්ද – මෛත්‍රී සන්ධානයක් ඇතිවන්නේ නම්, එවිට 2015 දී අහිමි වූ පාවෙන ඡන්ද වලින් යම් ප්‍රමාණයක් නැවත පොහොට්ටුවට ලබා ගත හැකි අතර එය අපතේ යැවීම අනවශ්‍යය. එහෙත් සන්ධානය ගොඩ නැගිය යුත්තේ මහින්ද පාර්ශවයේ කොන්දේසි උඩ මිස මෛත්‍රී පාර්ශවයේ කොන්දේසි උඩ නොවේ. 2015 අගොස්තු අත්දැකීම් අනුවත්, සමූපකාර ඡන්ද ප්‍රතිඵල අනුවත්, මහින්ද පාර්ශවයේ කොන්දේසිවලට එකඟ වීමට මෛත්‍රී පාර්ශවයට සිදු වෙයි.

    මැතිවරණයෙන් පසු ශ්‍රීලනිපයේ කිසිවෙකුත් ඇමතිකම් අත්නොහරින බව සැබෑය. බැඳුම්කර හොරුන් ට දඬුවම් දීම, ජාතික සම්පත් නොවිකිණීම, ව්‍යවස්ථාව අස්කර ගැනීම ආදිය ද මැතිවරණයෙන් සති කිහිපයකට පසු සෑම දෙනාටම අමතක වනවා සේම ඇමතිකම් වලින් ඉවත් වීම ද පත්තර කාර්ටූන් සහ ෆේස්බුක් විහිළු වලට පමණක් සීමා වනු ඇත. එහෙත් මෛත්‍රී ට වඩා මහින්ද බෙහෙවින් ජනප්‍රිය බව පෙන්වීම ඉත වැදගත්ය. මැතිවරණයක් පවත්වන්නේ නම්, ඉන් අප ලබා ගත යුතු ජයග්‍රහණය එයයි.

    • manel says:

      මේක ලියපු එකාටත් ඕන වී ඇත්තේ මෛත්‍රී මහින්ද ද්‍රෝහී සන්ධානය ඇතිකර ගැනීමයි. ආයෙත් ජනතාව රැවටෙන්නේ නැත…ජනතාව ඉන්නේ ඔය එක එකාට අවශ්‍ය විදිහට මුල අමතක කිරීමට නොවේ…

      • පංච මහා බලවේගය says:

        දේශපාලනයේ දී අප උපක්‍රමශීලී විය යුතුය. රාජතාන්ත්‍රිකභාවයෙන් යුක්ත විය යුතුය. නම්‍යශීලී විය යුතුය. දානය, ප්‍රිය වචනය, අර්ථ චර්යාව, සමානාත්මතාවය, ආදියෙන් යුක්ත විය යුතුය. ෂයිලොක් සේ කටයුතු කිරීමෙන් සිදු වන්නේ, මැදහත් ඡන්ද දායකයා අපෙන් දුරස් වීමයි. අපේ ඡන්ද දායකයන් අමන්දානන්දයට පත්වන උද්වේගකර සටන් පාඨ වලින් පාවෙන ඡන්ද අපිට අහිමි වනවා නම්, එය අපට අවාසිය. අපේ ඉලක්කය විය යුත්තේ කාරනා දෙකකි. එනම්, (1) පොහොට්ටුව, අලියා ට වඩා බෙහෙවින් ජනප්‍රිය ය යන්න පෙන්නුම් කිරීම සහ (2) පොහොට්ටුව තුල මෛත්‍රී පාර්ශවයට වඩා මහින්ද පාර්ශවය බෙහෙවින් ජනප්‍රිය බව පෙන්නුම් කිරීම යන ඉලක්ක දෙකයි. එම ද්විත්ව ඉලක්කය සපුරා ගත හැකි ප්‍රශස්තම ආකාරය මා ඉහත දක්වා ඇති ආකාරයයි.

        • පංච මහා බලවේගය says:

          අමතර කරුණක් ද එකතු කිරීමට කැමැත්තෙමි.

          ඉහත කී කරුණු දෙක (එනම් වෙනත් වචනයෙන් කියන්වා නම් මහින්ද, මෛත්‍රී, රනිල් යන තිදෙනා ගෙන් ම වඩා ත් ම ජනප්‍රිය පුද්ගලයා, මහින්ද ය යන්න පෙන්වීම) මහින්ද වෙනම තරඟ කිරීමෙන් ද ඉටු කර ගත හැකි වෙනවා විය හැක.

          එහෙත් පොහොට්ටුව / අත / අලියා වෙන වෙන ම තරඟ කරන තත්වයක් යනු 2015 ජනවාරි 8 ට වඩා බෙහෙවින් වෙනස් තත්වයක් නොවේ. එය හුදෙක් 2015 ජනවාරි පැවති එක් කඳවුරක් බේද වූ තත්වයක් පමණි. එහෙත් පොහොට්ටුව (මෛත්‍රී සමගින්) / අලියා අතර තරඟයක් යනු කෙලින් ම 2014 නොවැම්බර් පැවති තත්වය, එනම් මෛත්‍රී, මහින්ද සමග සිටි තත්වය ප්‍රතිනිර්මාණය කිරීමකි. එය පැහැදිලිවම 2015 ජනවාරිය අහෝසි කර දමන්නකි. (ඊට වඩා වෙනස් ව, මහින්ද වෙනම, මෛත්‍රී වෙනම, රනිල් වෙනම තරඟ කිරීම යනු 2015 ජනවාරිය අවුල් කර දමන්නක් පමණි. අහෝසි කර දමන්නක් නොවේ.) අප 2015 ජනවාරි තර්කණය මෙන්ම, 2014 නොවැම්බර් තර්කණය යන දෙකම එකවර අහෝසි කර දමන උපායක් වෙතට යොමු විය යුත්තේ එබැවිනි.

        • manel says:

          ජනතාව අන්දවන සටන් පාඨවලින් වෙන්නේ රට කබලෙන් ලිදට වැටීමටය. රැ. 10,000ක් රජයේ සේවකයන්ට දී රැ.50,000ක බදු ගහන රනිල්-මෛත්‍රී ගේම් නැවත කිසිවකු කළ යුතු නැත. ආප්ප කෑම හෝ ජනතාව රැවටීම කළ යුතු නැත. ජනතාව ඇන්දවිය යුතු නැත. ඇත්ත කියා පැරදුනත් කම් නැත. හිරගෙවල් පෙන්නුවාට ඇත්ත වැසිය නොහැකිය…..බලයට ඒමට කෙටි ගේම් ගැහුවොත් වෙන්නේ මෛත්‍රීපාල වගේ දුර්දාන්ත පාලකයෙක් වී ගෙදර යන්නය…

  22. sama says:

    Please don`t agree to this, another scam

  23. President Mahinda NEVER NEVER NEVER join brapthi siri DIRTY SLFP PARTY…. THIS IS ANOTHER TRICK OF SIRI/RANI/CBK DIRTY eelam gang.

  24. Critic says:

    Venerable What’s the hell are you going to do?Are you going to be another Maduluwawe Sobitha?Now he’s in the hell what he’s done for our beloved motherland!So I’d think the next one is you to the same hell!You also join with Sobitha Thero in the hell!

  25. පුහුල් හොරා says:

    මෙයා බාගෙට අන්ධයි. UNP හොරුන්ට විතරක් දඩුවම් මහින්දෙගේ හුරුන් ගැන නෝ කතා.

  26. රාහුල මල්ලී says:

    අර යස අගේට ඇඳගෙන ඉන්න සරම ගලවන්නද ඔබවහන්සේ හදන්නේ…?

  27. චීනා says:

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ වඩින අතකට වඩින්න. සෝභිත හාමුදහාමුදුරුවන්ටත් පරලොව වඩින්න උනේ ඔය කපුකම කරල තමය්‍.

  28. එල්ලේ වල්ලේ says:

    මිනිස්සුන්ගේ ඔළුගෙඩි කුරුවල් නොකර මේ චන්ද ප්‍රතිපලය එලියට එන්න ඉඩ දෙන්න හාමුදුරුවනේ .

  29. BARCARDI says:

    These monks are doing exactly what SHOBITHA did in 2015. This monk dose not know that SLFP is finally subjected to the UNP’s decision in the GOV.

    Why these monks are not clever and intelligent ?

Leave a Comment

Main News