පොලව හාරමින් කොටි සැගවූ රත්තරන් සෙවීමේදී හමු වූ දේ මෙන්න..

March 23, 2018 at 8:02 am | lanka C news
පොලව හාරමින් කොටි සැගවූ රත්තරන් සෙවීමේදී හමු වූ දේ මෙන්න..

අවසන් යුද සටන් පැවති මුලතිව් මුල්ලිවයික්කාල නැගෙනහිර ප්‍රදේශයේ එල්.ටීටී.ඊ. සංවිධානය විසින් රත්තරන් හා යුද අවි තොගයක් වලදැමූ බවට සැක සහිත ස්ථානයක දෙවන දිනයේදී සිදු කළ කැනීම් වලින් පොළවෙන් ජලය මතුවීම හේතුවෙන් කැනීම් වලට බාධා එල්ල වී ඇත.

මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්‍රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන් (22) දෙවන දිනටත් කැනීම් ආරම්භ කලේ පසුගිය 21 වනදා සිදු කරන ලද කැනීම් වලින් කිසිවක් හමු නොවීම හේතුවෙනි.

අද උදෑසන කැනීම් කටයුතු ආරම්භ කොට සුලු වේලාවකින් ජලය මතු වීම හේතුවෙන් කැනීම් සිදු කරන නිලධාරීන්ට මහත් අපහසුතාවකට මුහුණ දීමට සිදුව ඇත්තේ කැනීම් සිදු කරන ලද වල යටට හෑරීම වැඩිවීමෙන් ජලය එකතුවන ප්‍රමාණයද වැඩි වීම හේතුවෙනි.

කෙසේ වෙතත් අද දිනය පුරා කැනීම් කටයුතු සිදු කිරීමට අවශ්‍ය උපදෙස් මුලතිව් මහෙස්ත්‍රාත් වරයා විසින් ආරක්ෂක අංශ වෙතට උපදෙස් ලබා දී ඇත.

පසුගිය දින කිහිපයේදීද මුලතිව් මුල්ලි වයික්කාල්හි රත්තරන් හා යුද අවි වලදමා ඇති බවට ලැබුනු තොරතුරු වලට අනුව සිදු කරන ලද කැනීම් වලින් කිසිවක් හමු නොවුනු අතර මුලතිව් පුදුකුඩිඉිරිප්පු පොලීසිය විසින් වැඩි දුර පරික්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

25,569 Viewers

4 Comments to “පොලව හාරමින් කොටි සැගවූ රත්තරන් සෙවීමේදී හමු වූ දේ මෙන්න..”

  1. yaldewi says:

    Water is much value than gold.

  2. ranil says:

    ඕවා රාජපක්ශලා ඔතනිං උස්සල ඩුබායි බැංකුවල දාල ඇති. නේද රාජිතයො

  3. Ravi Wikramasinghe says:

    Very unprofessional news. At least follow the basic principles of journalism. or else change your name as gossip site.

  4. jayantha silva says:

    Ask from Rajitha, he will tell the exact place ware it was.

Main News