පොල් ගෙඩියක් සීයක් වුණාට හෘද සැත්කම් මිල අඩු කලා.. ආණ්ඩුව දෙන්නේ මෛත‍්‍රී බුදුන්ටත් පසුවයි…

October 3, 2017 at 5:30 pm | lanka C news
පොල් ගෙඩියක් සීයක් වුණාට හෘද සැත්කම් මිල අඩු කලා.. ආණ්ඩුව දෙන්නේ මෛත‍්‍රී බුදුන්ටත් පසුවයි…

2017 ලෝක ළමා දිනය සමරමින් රාජිත සේනාරත්න පදනම සහ බේරුවල සහපාලන සංසදය එක්ව සංවිධානය කළ උත්සවය අලුත්ගම ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේ දී පසුගියදා පැවැත්විනි.

ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සහ විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙම උත්සවය අමතමින් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – වත්මන් රජය රාජ්‍ය සේවකයින් ආරක්ෂා කරමින් ශක්තිමත් කරමින් කටයුතු කරනවා. රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000 කින් වැටුප් වැඩි කිරීමක් සිදු කළා. ඉන්ධන මිල අඩු කරමින් ජනතාවට සහන සැළසුවා. සමෘද්ධි දීමනාව වැඩි කළා. පසුගිය රජය සමයේ ලබාගත් ණය කන්දක් ගෙවීමට සිදුව තිබෙනවා.

හම්බන්තොට වරාය චීනයට විකුණනවා කියලා විරෝධතා මතු කරනවා. නමුත් චීනයට බදු දීම පමණයි සිදු කරන්නේ. චීනයට ඉඩම් අලෙවි කළේ රාජපක්ෂවරුන් විසින්. වරාය නගර ඉඩම, සැංගීලා හෝටලය ඉදිකිරිමට ලබාදුන් ඉඩම උදාහරණ වෙනවා. නමුත් එම ඉඩම් අපේ රජය විසින් අනූනව අවුරුදු බද්දට ලබාදී විකුණාදැමීමෙන් බේරා ගත්තා. හම්බන්තොට වරාය ඉදිකිරිම හොදයි. නමුත් තෙල් පිරවුම් මධ්‍යස්ථානය ඉදි නොකර මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර වරාය ලෙස දැන්වීම් ගසා ගැනීම තමයි වැරැද්ද. මෙම වසරේ දී හම්බන්තොට වරාය වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක ණය ගෙවීමට සිදු වෙනවා. එය වසර 2020 වන විට රුපියල් මිලියන 15200 දක්වා වැඩි වෙනවා. නමුත් ලාභයක් ලබන්නේ නැහැ. මත්තල ගුවන්තොටුපලත් එහෙමයි. ගුවන් යානා එන්නේ නැහැ. ගුවන්තොටුපල හදපු එකත් හොදයි. නමුත් කර්මාන්තපුරයක් ඊට අවශ්‍යයයි. මම හිටපු ජනාධිපතිවරයාට ඒ ගැන පෙන්වා දුන්නා. නමුත් ඵලක් වූයේ නැහැ.

ඌව පළාත් සභා මැතිවරණයේ දීත් මම ප්‍රකාශ කළා මත්තල ගුවන්තොටුපල කේන්ද්‍ර කර ගනිමින් අක්කර 10,000 ක කර්මාන්තපුරයක් හදනවා කියලා. රැකියා ලැබෙනවාත් කීවුවා. නමුත් කර්මාන්තපුරයක් බිහි කිරීමට රාජපක්ෂලාට බැරි වුනා. නමුත් අපේ රජය යටතේ කර්මාන්තපුරයක් බිහි කිරීමට කටයුතු කරමින් සිටිනවා.

රජය විසින් සිදු කරන හොද වැඩ වලටත් විරෝධය පළ කරන පිරිසක් ඉන්නවා. ඔවුන් යථාර්තය දකින්නේ නැහැ. වසර 2020 වනවිට එම පිරිස බලය ඉල්ලනවා. නමුත් එවැනි පක්ෂවට ආණ්ඩුවක් පිහිටුවීමට සිදු වන්නේ මෛත්‍රී බුදුන්ගේ දවසෙනුත් පසුවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 39 ක් ඔවුන්ට තිබුනා දැන් එය 05 ට බැහැලා. බඩගින්නේ ඉන්න මිනිහෙකුට කන්න බත් වේලක් වත් දීලා නැහැ. නමුත් විවේචනය කරන්න දක්ෂයි. කොතරම් විවේචන ආවත් මගේ දේශපාලන ගමන නොබියව ඉදිරියට යනවා. බොම්බ ප්‍රහාර එල්ල කළත් පළක් වූයේ නැහැ. නමුත් මට බෝම්බ ප්‍රහාර එල්ල කළ පුද්ගලයනුත් දැන් පළාත් සභාවේ ඉන්නවා. වෙළෙදපොලේ පොල් ගෙඩිය රුපියල් 100 ක් කියලා කෑ ගහනවා. මම හෘද රෝගීන්ට ලබාදෙන ස්ටෙන්ස් මිල අඩු කළා. නොමිලේ රජයේ රෝහල් වලින් ස්ටෙන්ස් ලබාදෙනවා. අක්ෂි කාච මිලත් අඩු කළා. ජනතාව වෙනුවෙන් තමයි එම තීන්දු තීරණ ලබාගත්තේ. නමුත් ඒ ගැන කථා නොකර පොල් ගෙඩියේ මිල ගැන කථා කරනවා.

මෙහිදී 2015 වසරේ බේරුවල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් සරසවි වරම් හිමි කර ගත් දරුවන් 65 කට ශිෂ්‍යත්ව පිරිනැමීම, ගර්භනී මාතාවන් 50 කට පෝෂණ මලු ලබාදීම සහ අඩු ආදායම් ලාභී දරුවන් 25 කට පාසල් උපකරණ පිරිනැමීම ද සිදු කරන ලදි.

– ප‍්‍රසන්න අධිකාරී

7,293 Viewers

3 Comments to “පොල් ගෙඩියක් සීයක් වුණාට හෘද සැත්කම් මිල අඩු කලා.. ආණ්ඩුව දෙන්නේ මෛත‍්‍රී බුදුන්ටත් පසුවයි…”

  1. buruputha says:

    Ane parajithayo tho Maithree Budunge thaththada?

  2. කෙලතේරිස් says:

    එතකොට ලබ්බ. එකත් ලබෙටද දෙන්නේ?පව්.

  3. saitm kukka says:

    Moda saha matimol tharkayaki. Minissungen kee denatada hadawath sathkam karanne. Lankawe hamoma pool kanawa. Thaththath puthata deweni naha. Katata ena ona deyak kiyala daanawa.

Main News