පොලිස්පතිගේ වන්නම් මැද කැබිනෙට්ටුව රාජපක්ෂලාට ජම්පර් අන්දන්න සූදානම්..

September 12, 2018 at 12:01 am | lanka C news
පොලිස්පතිගේ වන්නම් මැද කැබිනෙට්ටුව රාජපක්ෂලාට ජම්පර් අන්දන්න සූදානම්..

‘එළිය’ සංවිධානය විසින් ගොඩකවෙලදී පැවති වැඩසටහනේදී හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අදහස් පල කලේය.

‘ලෝක ඉතිහාසය හා අපේ රටේ ඉතිහාසය දිහා බැලුවහම ම්ලේච්ඡත්වය, අසාධාරණය, පීඩනය කියන ඒවා මම හිතන්නේ ස්වාභාවිකව තියෙන දෙයක්. නමුත් මනුෂ්‍යයෝ හැටියට අපි ඒවා ඒ ආකාරයෙන්ම භාරගැනීමට සූදානම් විය යුතු නෑ. බුද්ධිමත් ජනතාවක් හැටියට පීඩනයට අසාධාරණයට විරුද්ධව නැගී සිටීමට ශක්තිය ගැනීම ජනතාවට උරුම වු දෙයක්. මෙන්න මේ කාරණය තමයි සැප්. 05 වැනිදා කොළඹට එක්රැස් වූ ජනගග පෙන්වා දුන්නේ. ඔවුන් මේ රටේ පාලකයන්ට පණිවුඩයක් දුන්නා. ඒ තමයි මේ රට කරන්නට බැරිනම් ඉවත් වෙලා ගිහිල්ලා සෑම දෙයක්ම හරියට ඉටුකරන්න පුළුවන් මහින්ද රාජපක්ෂ මැතිතුමා වැනි නායකයෙක් වටා එක්වුණු රජයක් මේ රටට ගෙනැල්ලා දෙන්න කියන එක.

මම හිතන්නේ එවැනි ජනගගක් ආවත් බලයේ එල්ලිලා ඉන්න අගමැතිවරයත්, ආණ්ඩුවත් ඒක දාලා යන්න සූදානමක් නෑ. ජනාධිපතිවරයාට ඇති බලතල ඔස්සේ හැකියාවක් තිබෙනවා මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩගන්නට පුළුවන් රජයක් බිහිකරන්න.

අපි මතක් කරලා දුන්නා වර්තමානයේ මේ රටේ සංස්කෘතියට,  ජාතිකත්වයට ඇතිවෙලා තිබෙන අභියෝගය පිළිබදව. ඒ වගේම මේ රටේ ආරක්ෂාවට ඇති වී තිබෙන අභියෝග ගැන, වත්මන් ආර්ථික තත්ත්වයේ පිරිහීම ගැන. ඇත්තටම මම හිතන්නේ නෑ සංඛ්‍යා ලේඛන අවශ්‍යයි කියලා ඔබට අද රටට අත්වෙලා ඇති තත්ත්වය ගැන පැහැදිලි කරන්න.

විශේෂයෙන්ම රත්නපුර දිස්ත්‍රික් ජනතාව දන්නවා මැණික් කර්මාන්තයට, තේ, රබර්, ගම්මිරිස් කර්මාන්තයන්ට අද ඇති වී තිබෙන තත්ත්වය, ඒ වගේම මුළු රටේම ආර්ථිකයට දිරිදෙන සෑම කර්මාන්ත ක්ෂේත්‍රයක්ම කඩාවැටිලා. පසුගියදා රටේ ප්‍රධාන පෙළේ ව්‍යවසායකයින් මා හමුවුණා. එහිදී ඔවුන් පැවසුවා මේ රජයේ අදූරදර්ශී තීරණ නිසා අද ඔවුන්ගේ කර්මාන්ත විශාල කඩාවැටීමකට ලක්වෙලා කියලා, විශාල රැකියාවන් ප්‍රමාණයක් තර්ජනයට ලක්වෙලා කියලා.

මේ රජය බොරු විශාල ප්‍රමාණයක් කියලා ජනතාවගේ සමහර කොටස් නොමග යවලා බලයට පැමිණියත් ඔවුන්ට ප්‍රතිපත්තියක්, සූදානමක් තිබුණේ නෑ. මේ සදහා සුදුසු කණ්ඩායමක් ඔවුන් තුළ සිටියේ නෑ. එම නිසා තමයි අපේ රට අද මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නේ.

ඉදිරි ආණ්ඩුවක් මගින් මේ රටේ ප්‍රශ්න විසදන ආකාරය පිළිබදව අධ්‍යයනයක් කරන්නට අපි වියත්මග සංවිධානය බිහිකළා. ඒ වගේම අපි එළිය සංවිධානය බිහිකළේ දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා ගොස් මේ රටේ තිබෙන තත්ත්වය පිළිබද ජනතාව දැනුවත් කරන්න.

අද තිබෙන ආර්ථිකයේ කඩාවැටීම ගොඩගැනීමට හැකි ද කියලා හැමකෙනෙක්ම අපෙන් අහනවා. මහින්ද රාජපක්ෂ මහතාගෙන් මේක ඇහුව වෙලාවේ එතුමා කියපු කතාවක් තමයි මේ රටේ කාටවත් ඉවර කරන්න බෑ කියලා ඇදි ඇදී ගිය ත්‍රස්තවාදය අවුරුදු තුනකට අඩු කාලයකින් ඉවර කරපු අපිට මෙවැනි අභියෝගයකින් රට ගොඩගැනීම එතරම් ප්‍රශ්නයක් නෙවෙයි කියලා. සමහර අවස්ථා වලදී මේ යුද්ධය පිළිබදව දෝෂාරෝපණය කරන්නේ රාජපක්ෂ ආණ්ඩුවට, නමුත් රාජපක්ෂ ආණ්ඩුව නෙවෙයි යුද්ධයක් ඇති කළේ. අපි කළේ යුද්ධය අවසාන කිරීම.

යුද්ධය අවසාන කිරීමටත් වඩා පශ්චාත් යුද සමයේ රට සංවර්ධනය කිරීම තමයි අපිට ලොකුම අභියෝගය වුණේ. තුන් ලක්ෂ ගණනක් අවතැන් වූවන් බලාගන්න එක, බිම්බෝම්බ ඉවත් කරන එක, නැවත පදිංචි කරන එක, උතුර නැගෙනහිර අද තිබෙන තත්ත්වයට සංවර්ධනය කරන එක, ඉතිහාසයේ ඉංග්‍රීසි අධිරාජ්‍යවාදී පාලකයන් විසින් දුම්රිය මාර්ග පද්ධතිය ඇති කළාට පස්සේ මහින්ද ජනාධිපතිතුමාගේ රජය යටතේ තමයි ඕමන්තේ ඉදලා කන්කසන්තුරේ දක්වාත්, මැදවච්චියේ සිට මන්නාරම දක්වාත් දුම්රිය මාර්ග දෙකක් ඉදිකළේ. ඒ ප්‍රදේශවල සෑම නිවසකටම පාහේ විදුලිය ලබාදුන්නා. මාර්ග සකස් කළා. හමුදාවට අත්පත් කරගෙන තිබුණු ඉඩම් බහුතරයක් අපේ රජය කාලේ නිදහස් කරලා දුන්නා.

උතුරේ පැවති විවිධ සංවිධාන නිරායුධ කරලා උතුරු පළාත් සභාව සදහා ඡන්දයක් පැවැත්වූවා. එහෙමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළේ. සෑම ඡන්දයක්ම වේලාවට පැවැත්වුවා. අපි දන්නවා අද ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කරන්නට පැමිණි මේ රජය මොනවා හරි කියලා ඡන්දය කල් දානවා.

දැන් බලන්න සාධාරණය, යුක්තිය ඇති කරනවා කියලා ආව මේ රජය දේශපාලනික විරුද්ධවාදීන් හිරේට දානවා මිසක් වෙන වැඩක් කරනවාද කියලා. හැම වෙලේම බලන්නේ, අගමැතිවරයගේ ඉදලා මුළු කැබිනට් මණ්ඩලයේම කතාකරන්නේ රාජපක්ෂලාට ජම්පර් අන්දවන්නේ කොහොමද කියලා.

විශේෂ අධිකරණ වල අපිට දැන් නඩු පවරලා. ඒ ඩී. ඒ. රාජපක්ෂ පදනම, ඉඩම් ගොඩකිරීමේ සංස්ථාවත් සමග කොන්ත්‍රාත්තුවක් ඇතිකරගෙන මිලියන තිස්තුනක් යොදවලා ඩී. ඒ. රාජපක්ෂ සමරු ස්මාරකයක් හැදුවා කියලා. මේක පුද්ගලික ඉඩමක දෙපාර්ශ්වය අතර කොන්ත්‍රාත්තුවක් ඇතිකරගෙන ඒ මුදල ගෙවීමට පොරොන්දුව මත තමයි ස්මාරක හදලා තියෙන්නෙ. දැනටමත් ඒ මුදල ගෙවලා ඉවරයි. ආණ්ඩුව හිතාගෙන ඉන්නේ මේ ස්මාරකය හැදීම නිසා තමයි අපේ ආර්ථිකය කඩාවැටිලා තියෙන්නෙ කියලා. මේක හදන්න උදව් කරපු ලේකම්වරයා කියලා මටත් උසාවි යන්න වෙලා තියෙනවා දැන් මිලියන 33 ක ආර්ථිකය විනාශ වෙන කාර්යයක් කළා යන කාරණය මත. මෙන්න නීතිය ස්ථාපන කරන ආකාරය.

අපි දැක්කා නීතිය තහවුරු කරන ප්‍රධාන ආයතනයේ ප්‍රධානියා පොලිස්පතිවරයාගේ හැසිරීම. නුවර පෙරහැරේ තමන්ගේ නිල ඇදුම ඇදගෙන ජනාධිපතිවරයා ඉදිරිපිට නටනවා. මේක පූජිත ජයසුන්දර කියන නමට කරන අපහාසයක් නෙවෙයි, පොලිස්පති කියන තනතුරට කරන හානියක්, එපමණක් නෙවෙයි ඒ උතුම් දළදා පෙරහැරට කරන නිග්‍රහයක්, ඊට පස්සේ ජනාධිපතිවරයා ඉස්සරහා ව්‍යායාම කරනවා (ඩිප්ස් ගහනවා) ජනාධිපතිතුමා ගණන් කරනවා පොලිස්පති ඩිප්ස් ගහනවා. මෙන්න පොලිස්පතිතුමා,  මෙතුමා කොහොම ද නීතිය තහවුරු කරන්නේ මේ විදිහට. අපි ජනබල මෙහෙයුමට සූදානම් වෙන වෙලාවේ පොලිස්පති ඇවිල්ලා තර්ජනය කරපු ආකාරය මුළු රටම දැක්කා. අවම බලය නෙවෙයි පාවිච්චි කරන්නේ අවශ්‍ය බලය කියලා. නීතියක් තියෙන රටක එහෙම කරන්න පුළුවන්කමක් නෑ. ඒක ජනතාවගේ අයිතියක්. ඊට කලින් එතුමා නීතිය නැවුවා. ඉතින් මෙ‍හෙම පොලිස්පතිවරයෙක් ඉන්න රටක කොහොමද නීතිය නිවැරදිව ඉටුකරන්නේ.

අද රටේ රජයක් තියෙනවද කියලත් කියන්න අමාරුයි. මෙවැනි පිරිහුණු රජයක්, සෑම ක්ෂේත්‍රයකම කඩාවැටීම් ඇතිකළ රජයක්, අපි දැනුවත් විය යුතුයි අන් අය දැනුවත් කළ යුතුයි මේ රජය කරන්න යන දේවල් ගැන විශේෂයෙන්ම 20 වන සශෝධනය ගැන, ඉතාමත්ම භයානක දෙයක්. අපි සියලුම දෙනා ඒ ගැන අවබෝධයෙන් සිටිය යුතුයි. එය පාර්ලිමේන්තුව තුළ සම්මත වීමට ඉඩ නොදිය යුතුයි. මේ වගේ දේවල් ගෙනැල්ලා සමාජයේ කඩාවැටීම, රටේ ආරක්ෂාව බිදවැටීම, නැවත සකස් කරන්නට බැරි ආකාරයෙන් රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වෙන්න පුළුවන්. මේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතුයි. පාර්ලිමේන්තුවේ දී නවත්වන්න පුළුවන් නම් එයට හැකි සෑම උත්සාහයක්ම ගතයුතු යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා රත්නපුර දිස්ත්‍රික් එළිය වැඩසටහනට ගොඩකවෙල දී සහභාගි වෙමින් ප්‍රකාශ කළා.

– එළිය මාධ්‍ය ඒකකය

24,493 Viewers

7 Comments to “පොලිස්පතිගේ වන්නම් මැද කැබිනෙට්ටුව රාජපක්ෂලාට ජම්පර් අන්දන්න සූදානම්..”

  1. කිරි ටොයියා says:

    ඔබ තුමාගෙ කාලේ වගේ …. එකෙක් දෙන්නෙක් මරල අවම බලය පාවිච්චි කරන්න තිබුනෙ ..

  2. Wijebahu says:

    ANE Huke kiwwalu.

  3. Raawanaa says:

    Polispathi hitapu rataka thamayi, hamudaawa yodala Fonsekawa ath adanguwata aragena , Navy H.Q eke hira karagena hitiye. Neethiya hatharata ,pahata neda nemuwe e kaale?

  4. ratakapu, horarelata, wal,jada, hora paulata paksawa katayutu karanna tharam poojitha pahath officer kenek nowe. IGP NIYAMA, APAKSAPATI, UGATH MANUSSAYEK

    HATS OFF POOJITHA THERUWAN SARANAI

  5. Nish says:

    හිතේ අමාරුකාරයෝ මොනවා කිව්වත් ඔබමයි අපේ රට හදන මීළග ජනපති…සුරපුරයක් කරපු අගනුවරට අද වෙලා තියෙන දේ දැකලා නැද්ද දන්නෙ නෑ කමෙන්ට් කරලා තියෙන අපතයෝ..තූහ් නොදකිං…අපේ කිං ඔබමැයි

  6. Sadda says:

    මේ අපතයො මොන කොම්මෙන්ට් දැම්මත් , මානුශික මෙහෙයුමෙන් පසු සංවර්ධනය සදහා අතිවිශාල හමුදාව යොදවා ඔබ කල ආකාරයට ගියානම් අදවන විට මේ රට අලංකාර , ආකර්ෂණීය රටක් වනු නොඅනුමානය .

Main News