පොලිස්පතිට වැඩ වරදී.. අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමක්..?

September 21, 2018 at 11:00 pm | lanka C news
පොලිස්පතිට වැඩ වරදී.. අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමක්..?

මෙම පුවත රාවය පුවත්පතෙන් උපුටා ගත්තකි..

පොලිස්පති පුජිත් ජයසුන්දර සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට රාජ්‍ය පරිපාලන කළමනාකරණ,නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා නිතිය සහ සාමය පිළිබඳ අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දීමත් සමගම පොලිස්පති පුජිත් ජයසුන්දරට සිය ධූරයේ තවදුරටත් රැඳී සිටීමට හැකිවේද යන ගැටලුව මතු වී තිබෙන බව ආණ්ඩුවට සම්බන්ධ ආරංචි මාර්ගවලින් දැන ගන්නට ඇත.

මේ අතර පොලිස්පතිවරයාට සිය ධූරයෙන් ඉවත්වෙන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා විසින් දැනුම් දී ඇති බවට ඇතැම් මාධ්‍ය ඔස්සේ පළවූ ප්‍රවෘත්තිවලට පිළිතුරක් ලෙස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිට එවැනි දැනුම්දීමක් කර නැති බවය.එහෙත් ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් එබඳු නැවැරදි කිරීමක් සිදුව නොතිබුණි.

දුෂණ විරෝධී සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ යැයි කියන නාමල් කුමාර නමැත්තා විසින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සම්බන්ධයෙන් කළ හෙළිදරව්වක් පොලිස්පති පුජිත් ජයසුන්දර හා නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා අතර පවතින සබඳතාවන් පිළිබඳව ද විවිධ පාර්ශවවලින් ප්‍රශ්න කිරීම්ද කර තිබුණේය.

පොලිස්පති පුජිත් ජයසුන්දර පසුගිය වකවානුව තුළ විවිධ තැන්වලදී හැසිරුණු ආකාරය පිළිබඳව කැබිනට් තීන්දු ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමතිවරයාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලදුව ඔහු ද කියා තිබුණේ පොලිස්පතිවරයාගේ හැසිරීම තමන්ද අනුමත නොකරන බවය.

ශ්‍රීලනිපය නියෝජනය කරන රාජ්‍ය ඇමැතිවරියක වන ශ්‍රියානි විජේවික්‍රම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබුණේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ පරීක්ෂණය නිසි පරිදි සිදු කිරීමට නම් පොලිස්පතිවරයා තනතුරෙන් ඉවත් කර පරීක්ෂණ සිදු කළ යුතු බවය.

පොලිස්පතිවරයා මධ්‍යම පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන අවධියේ රුපියල් මිලියන 12ක් අල්ලස් ගෙන ලබා ගෙන ඇති බවට නිශාන්ත ද අල්විස් නමැත්තකු අල්ලස් හෝ වංචා දුෂණ කොමිසමට කරන ලද පැමිණිල්ල ගැන ද මේ වන විට විමර්ශනය වෙමින් පවතී.

පොලිස් කොමිසම විසින් ලබා දුන් නියෝග ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් ක්‍රියාත්මකවීමට ව්‍යවස්ථාදායක සභාව විසින් පොලිස්පතිවරයාට ලබා දුන් දින 14 සිමාව මේ වන විට දී ගෙවී තිබේ.

සැප්තැම්බර් 20 බ්‍රහස්පතින්දා පැවැත් වුණු පොලිස් කොමිසමේ රැස්වීමට පොලිස්පතිවරයා ද පැමිණ සිට ඇති මුත් ඔහු දහවල් 12 වන විට රැස්වීමෙන් ඉවත් වී ගොස් ඇති බව ද දැනගන්නට ඇත.කෙසේ වුවත් පොලිස් කොමිසමේ රැස්වීම පස්වරු 4.30 දක්වා පැවැත්වී ඇත. කෙසේ වෙතත් මෙම රැස්වීමේදී නියෝජ්‍ය පොලිස්පති නලක් ද සිල්වාගේ සිද්ධිය ගැන කිසිදු කතාබහක් වී නැත්තේ අමාත්‍යංශ පරීක්ෂණ අවසන් වන තුරු බව දැන ගන්නට තිබේ.

යම් ආකාරයකින් පොලිස්පතිවරයා ඉවත් කිරමට තීරණය කළ හොත් එය අනිවාර්ය විශ්‍රාම යැවීමක් විය හැකි බව ද දැන ගන්නට ඇත.

– රාවය

17,733 Viewers

8 Comments to “පොලිස්පතිට වැඩ වරදී.. අනිවාර්ය විශ‍්‍රාම ගැන්වීමක්..?”

  1. Asaranaya says:

    අනේ මෙහෙම නරි නාටක- අම්මට හුඩු! වේදිකාවේ
    රටේ ප්‍රශ්න ඇති කාලෙක- පඹයා නටයි ලන්කාවේ
    ජොනි බට්ටන් එකතු කරලා- දෙමු සරළට හැන්දෑවෙ,
    සිටිය මදිද තව දුරටත්– කුඩුවෙන්නට ඇන්නාවේ

  2. අම්මට හුඩු අප්පට පුඩු. රෝයල් නොවන හඬද මේ පලා.? says:

    අම්මට හුඩු අප්පට පුඩු. රෝයල් නොවන හඬද මේ පලා.?

  3. Nadeesha says:

    Better to remove Piliyanadala Garge OIC who protect and take money from garages and works shops in Piliyandala Police area.

  4. Asaranaya says:

    ඔය බොරුවට, අම්මට හුඩු! පඹයා බූරුවා ගහනවා වාගෙයි,
    කොලේ හන්ඟා ගහනවා වගෙයි

  5. නැවුම් මාවත says:

    මල කෙලියයි, මෙයා ගැන පරීක්ෂණ කරන්ඩ පටන් ගත්තොත් ආලාපාලුවා රාජගිරියේදී
    තරුණයකු වාහනයකට යටකර පලායාමට අදාල CCTV දර්ශන මකා දමපු එක ගැනත් ඇදිල එයිද?

  6. 2008 ජනවාරි 08 රැවටිච්ච හරකෙක් says:

    මේ ඔක්කොම මුංගෙ තගපෑම්!

  7. ගහපන්කෝ වදුරෝ බල්ටියක්.... says:

    ගහපන්කෝ වදුරෝ බල්ටියක්…. වැරදුනා හුටන්…..බල්ටියක්. නෙවෙයි බං පොප ඩිප සීයක්..ඔන්න එහෙනම් ගැහුවා හරිද සර්….උද බලි..බිම බලි..එහෙත් බලි මෙහෙත් බලි…උඩ කරනන්…කටේ නරි වාදන්…. මැද කරනන්….නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරේ..

Main News