පොලිස්පති නීතිය නමනවා නොවෙයි නීතිය පලනවා..- සිරි සමන්තභද්‍ර රහතන් වහන්සේ පොලිස් මූලස්ථානය වටලා විරෝධතාවකට සැරසේ..
April 21, 2017 at 12:00 pm | lanka C news
අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් දෙහිවල නැදිමාල සිරි සදහම් ආශ්රමාධිපති සිරි සමන්තභද්‍ර (පිටිදුවේ සිරිධම්ම) හිමියන් විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේනයක් පහතින් පලවෙයි.
මාධ්‍ය නිවේදනය!
(අපරාධ කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම)
2017 02 26 ඉරු දින පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි ක්‍රීඩාංගනයේ ප්‍රදේශවාසීන් විසින් සංවිධානය කර තිබූ ධර්ම දේශනාව මැර භික්ෂුන් හා ඔවුන්ගේ වචනය අනුව ගිය ගිහි පිරිස විසින් ගල්මුල්, කුණු බිත්තර හා රතිඥ්ඥා යොදා ඉතා සාහසික අන්දමින් කඩාකප්පල් කලේ පිළියන්දල පොලිස් ස්ථානාධිපති තුමා හා ඔහුගේ කාර්ය මණ්ඩලය 15ක් පමණ පිරිස ඉදිරියේය. පිළියන්දල ප්‍රදේශවාසීන් අපව පිළියන්දල නගරයට වැඩම කරවුයේ යුද්ධයක් සඳහා නොව ධර්ම දෙශ්නාවකටය. නමුත් රටෙහි නීතිය හා සාමය රැකීමට පත් කොට, “ මහජනතාවට ඉතා සුහදශීලී සේවාවක් ඉටු කර දෙන්නෙමු”. කියා පොලිස් ස්ථානය ඇතුලතම මහා බෝඩ් ලැල්ලක් ප්‍රදර්ශනය කොට ඇති මෙම නිලධාරින්ගේ ඇස් පනාපිටම ධර්ම දේශක ස්වාමින්වහන්සේට හා පැමිණි සැදැහැවතුන් හට ගල්මුල් , කුණු බිත්තර හා රතිඥ්ඥා එල්ල කරමින් රටෙහි ආගමික සංහිඳියාව අමු අමුවේ කෙලෙසන විට, මේ කිසිවක් නොදැක්කා මෙන් සිටි පිළියන්දල පොලිස් ස්තානාධිපති සාරානාත් සමරකෝන් මහතා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයම මුළු පොලිස් දෙපාර්තමේන්තුවටම මහත් ආදර්ශයකි. අප මෙම සහාසික ක්‍රියාව පිළිබඳව 2017- 02-27 දින පිළියන්දල පොලිස් ස්ථානයේ පැමිණිලි අංක GCIB-103-356 යටතේ පැමිණිලි කළ ද අද වන විට ද මාස දෙකකට ආසන්න කාලයක් ගත වුව ද මේ සම්බන්ධයෙන් ඔවුන් කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත. පසුව අප මේ පිළිබඳව අග්‍රාමාත්‍ය කාර්යාලයට දැනුම් දුන්විට ඔවුන් විසින් මේ පිළිබඳව පොලිස් පතිතුමා වෙත දැනුම් දුන් බව පවසා ලිපියක් එවමින් ඇඟ බේරා ගත්හ. ජනාධිපති කාර්යාලයෙන්ද අප හට ලැබුනේ එවැනි ප්රතිචාරයකි. පසුව පොලිස් මුලස්ථානයේ නියෝජ්‍ය පොලිස්පති තුමා හමුවී මෙම කරුණු ඉදිරිපත් කළ ද (පැමිණිලි අංක CIBD-165-05) ඔවුන් පවසා සිටියේ ගල්කිස්ස නියෝජ්‍ය පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා හමුවී වී මේ පිළිබඳව පැමිණිලි කරන ලෙසයි. අනතුරුව ගල්කිස්ස නියෝජ්‍ය පොලිස් අධිකාරි චන්දන අතුකෝරල මහතා හමුවී ගල්කිස්ස පොලිස් ස්ථානයේද පැමිණිල්ලක් ගොනුකොට කීපවතාවක්ම එම මහතා හට දුරකතනයෙන් දැනුම් දුන්නද මේ වන විටත් මෙම අපරාධය සම්බන්ධයෙන් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත. එසේම පිළියන්දල පොලිස් ස්ථනාධිපතිවරයාට එරෙහිව මානව හිමිකම් කොමිසන් සභාවේ (පැමිණිලි අංක HRC -925-2017 ) පැමිණිලි කළ ද එතෙකින් හෝ කිසිඳු පියවරක් මේ සම්බන්ධව ගත් බවක් අපට පෙනෙන්නට නැත.
මෙරටෙහි දේශපාලාන හෙන්චයියන්ගේ අතකොලු වෙමින් දිනෙන් දින පිරිහෙන පොලිසියේ හා නීතියේ නැවුණු කොඳු ඇට කෙලින් කිරීමට තවමත් මෙරටෙහි පොලිස්පතිතුමා හට නොහැකි වී ඇත. විපක්ෂයක සිටින යමෙකු, දේශපාලන වාසිය තකා සිරගත කිරීමට නොපසුබටවන මෙම පොලීසිය හා දේශපාලඥයන් හට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබියදීත් මේවන විටත් අන්තර්ජාලය ඔස්සේ ලක්ෂ ගණනක් නරඹා ඇති (Link) මෙවැනි කඩාකප්පල් කාරී ක්‍රියාවක් වැලක්වීමට මන්දෝත්සාහී වුයේ එයින් තම පසුම්බියට කිසිඳු වාසියක් නොවන නිසාය. ඕනෑම තැනක සාධාරණයක් යුක්තියක් සිදුවන්නේ එම ස්ථානයේ සිටින පාලකයාගේ ඍජු නායකත්වය හේතුවෙනි. නමුත් මේ රටෙහි ජනාධිපති වරයා, අග්‍රාමාත්‍යවරයා, බුද්ධශාසන අමාත්‍යවරයා මෙන්ම පොලිස්පතිවරයාගේ ද එවැනි නායකත්වයක් නොමැති කමේ ප්‍රතිපල අද භුක්ති විඳින්නෙ රටෙහි ජනතාවය. ධර්ම දේශනාව කඩාකප්පල් කිරීම , පහර දීම , රජයේ පොදු දේපල විනාශ කිරීම හා සඟ සතු බාණ්ඩ පැහර ගැනීම සම්බන්ධයෙන් අදාළ පුද්ගලයන් ලෙස මහරගම දොලේකනත්ත, සිරි තිසරණ ධර්මායතනයේ ඇඹිලිපිටියේ රතනජෝති, හොන්නන්තර පිළියන්දල ශ්‍රී විජයනන්දනාරාමාධිපති හල්පිටගම යසස්සි, පිළියන්දල මාකන්දන සංකල්ප විහාරාධිපති උග්ගොඩ දම්මින්ද යන හිමි වරුන් හා මෙම මැර භික්ෂුන් සමග පැමිණි පිලියන්දල නගරාසන්නයේ වෙසෙන අප ආරාමය සතු දෙලක්ෂ හයදාහක් වටිනා කැමරාව පැහැරගත් ලේක්හවුස් ආයතනයේ ප්‍රවාහන අංශයේ සේවයේ නියතු වසන්ත ලොකුගේ යන, නම් සඳහන් මෙම කඩාකප්පල් කරුවන්ගේ සියලු විස්තර පොලිසිය වෙත ලබාදුන්නද මේවන විටත් පිළියන්දල පොලිස් ස්ථනාධිපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලය තවමත් කිසිඳු නීතිමය පියවරක් ගෙන නොමැත.
දැන් මෙරටෙහි ඕනෑම සොරෙකුට සොරකම් හා මැර ක්‍රියා සිදු කොට සුවසේ රටෙන් පැනගත හැකිය. මක්නිසාද අපරාධය සිදුවී මාසගණන් ගත වුව ද පොලීසිය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන්නේ නැත. මෙරටෙහි ආණ්ඩු පක්ෂය හා පොලීසිය, විපක්ෂය අතින් ඇල්පෙනිත්තක් බිම වැටුන විගස ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට පුදුමාකාර උනන්දුවක් දක්වන අතර මෙරටෙහි නිරායුධ නිර්දේශපාලනික පුද්ගලයකුට, භික්ෂුවකට මෙවැනි අසාධාරණයක් සිදුවූ විට කිසි විටෙක ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරිමට පෙළඹෙන්නේ නැත. එසේනම් මේ රටෙහි පීඩිත පොදු ජනතාව හට කෙතරම් නම් අසාධාරණයක් මේ දේශපාලනික පොලිස් හෙන්චයියන් හරහා සිදුවනවා ඇත්ද?. පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පතිවරයාට බෝලය පාස් කරයි, නියෝජ්‍ය පොලිස්පති, ස්ථානාධිපති වරයාට බෝලය පාස් කරයි, නැවත ස්ථානාධිපති පොලිස්පතිවරයාට බෝලය පාස් කරයි. මේ ඇරුණු කොට මෙම පොලීසිය තුලන් සිදුවන යහපතක් අපට පෙනෙන්නට නොමැත. මීට ප්‍රධාන හේතුව ලෙස අප දකින්නේ රටෙහි පමණක් නොව සමස්ත පද්ධතීන් තුලම ඍජු නායකත්වයක් නොමැතිකම නිසා නීතිය පිරිහී රට අරාජික වී ඇති බවය.
අනෙක් බරපතලම කරුණ නම් මෙරටෙහි බෞද්ධ භික්ෂුන් හට මෙවැනි අපරාද සිදුවන විට බුද්ධ ශාසන අමාත්‍යංශයේ ඇමති වරයා හා ලේකම් වරයාද මෙරටින් බුදු දහම අතුගෑවිලා යන තෙක්ම නිහඬව සිටීමය. 2017 02 28 දින මෙම ක්‍රියාව සම්බන්ධයෙන් සම්පුර්ණ තොරතුරු අප විසින් බුද්ධ ශාසන අමාත්‍යවරයාට හා ලේකම් වරයා වෙත රැගෙන ගොස් බාර දුන්නද , මේවන විටත් ඒ සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් අප වෙත් දන්වා නැත. ආණ්ඩු පක්ෂයේ භික්ෂුවකට මෙවැනි විපතක් වූයේනම් ජනාධිපති ,අගමැති බුද්ධ ශාසන ඇමති මේ වනවිටත් කරුණු සොයා බලා කටයුතු කරන අතර නිර්දේශපාලනික භික්ෂුන්හට සිදුවන මෙවැනි අසාධාරණ සම්බන්ධයෙන් මොවුන්ගේ ප්රතිපත්තීන් වෙනස්ය. අප මෙරටෙහි පොලිස් පති වරයා හට දන්වන්නේ මේ සඳහා නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. එසේ නොවුවහොත් අප හටද සිදුවන්නේ පොලිස් මුලස්ථානය අසල සාමකාමී විරෝධතාවක නිරතවීමටය. රටෙහි සාමාන්‍ය ජනතාව තමුන්ට නීතියෙන් මෙවැනි පිහිටක් නොමැති කල නීතිය අතට ගෙන කටයුතු කිරීම නිවැරදි බව දැන් අපට ද හැඟී යන කරුණකි. ඇත්තෙන්ම පොලිස්පති තුමා ඇතුළු සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවම නීතිය නවනවා නොව මේවනවිට නීතිය දෙපලු කොට ඇත.
අප මෙරටෙහි වගකිවයුතු සියලු මාධ්‍ය හට පවසන්නේ මේ පිළිබඳව මධ්‍යස්තව සොයා බලා රටෙහි පවතින පොදු නීතිය සියලු දෙනා හට ක්‍රියාත්මක කරන ලෙස මෙරටෙහි ජනාධිපතිතුමන් , අග්‍රාමාත්‍යතුමන් හා පොලිසිය හට මෙහි යථාස්වභාවය පෙන්වා දීමය. මෙලෙස යුක්තියේ සාධාරණත්වය නොලබන ලක්ෂ ගණනක නිහඬව අයුක්තියට හා අසාධාරණයට ලක්වන සියලු ජනයා වෙනුවෙන් ඔබතුමන්ලා තවදුරටත් මුනිවත නොරැක මෙහි යථාස්වභාවය සමාජයට එලි දක්වා මුළු සමාජයම නිවැරදි දිශානතියකට යොමු කිරීමට කටයුතු කරන මෙන් අප මෙම මාධ්‍ය නිවේදනය මගින් තවදුරටත් ලිඛිතව දන්වා සිටියි.
මෙවගට,
සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමින්වහන්සේ
Hapoi
Machan Samantha badda parissamin. OK
Onna marathon
Sampradaya kaduwa. Sedana lesatama
රහතන් වහන්සේලාට ද්වේශය පලවෙන්නේ නෑ නේද?
අඩෝ රහතන් වහන්සේට ද්වෙස්ශය පහල වෙන්නේ නෑ කියන්නේ තමුසේ රහත් බව ලබල තියෙනවද ?රහත් බව මොකද්ද කියල කියන්නේ තම තමුන්ට ශාපෙක්ෂව මිසක් තමුන් දන්නා දෙයක් නෙවෙයිනේ ඒකනිසා නොදන්නා රහත් බව ගැන කතා නොකර ඉන්නව.රහත් බව ගැන අපේ සමන්ත බද්ද තුමා අපිට දේශනා කරලා තියෙන්නේ එහෙමයි අපිත් ගිරවු වගේ කියන්නේ සමන්ත බද්ද තුමා අපිට කියල තියෙන දේ අපිට එහෙම එතුමා කියන දේ විශ්වාස කරන්න ප්‍රශ්න කරන්න එපා කියල අණ තියල අපිව මේ පුණ්‍ය කටයුතු වලට සහබාගි කරවන්නේ අපේ ගෑනු .එගොල්ලනම් ඉතින් එතන රෑ වෙනකම්ම බණ අහන එක සමන්ත බද්ද තුමා එක්ක දහම් සාකච්ච්චා කරන එකම තමයි වැඩේ
Upasaka Silva,Only wives go on to listen to this Sadu is a wife of a husband who either drinks a lot or he is incapable of satisfying her in bed. That’s the norm Upaska Silva , so give up whatever you are doing wrong of what I mentioned.
I don’t know what is he said but as buddhists we must think about the acts ,and behaviors of monks . so i prefer this monk , than others …that is reality guys
රහතන් වහන්සේලාට ද්වේශය පහලවෙන්නේ නෑ නේද?
huuuuuuuuuuuuuuuuuuuu
ලෝක තිවන්කර වූ අනාථ නාථ වූ අප අරහත් සමන්ත බඩ්ඩ හිමියනි .. අහසේ වැඩ සිට අනේක විධ ප්‍රාති භාරයය පා ධර්ම දේශනා කර පිළියන්දල වැසි තිර්ථක දනා ගේ කුකුස් බිඳ නොහෙලා … පොලිසියට දිව ගොස් ඇන්ට්‍රියක් දමා නැවත වැඩියේ මන්ද ? ඔබගේ අරහත් ධජයට වඩා රාජ පුරුෂයන්ගේ තේජස් බලය ගැන වඩා විශ්වාසයක් තැබුවෙහිද ?
I love this comment
“TIRTAKA” is exactly correct
This so-called arahath “Saman Baduwa” could do miracle in front of people against him.
Without scolding Police and People.
Into-other hand Arahath bikku do not get angry & curse to anyone.
Aho Samantha Badda Noduti Mokpura!
During the last regime, Mervin and his wife gave the guard for this PERSON. Now nobody is there to protect the place which was taken by using the thugs of the MERVIN.
This is wrong. People do not have a right to sabotarge this kind of events. Specially in a country identified with Buddhism, why this is happening. If someone does not like Ven Samamthabhadra, they need not listen to him but they have no right to stop a peacfull event just because they don’t like him. Pure jeallosy.
puh, jealousy?
ගලබොඩ රහතන් වාහන්සේ වාගේ මේනමටත් මස ගණනකට වස්වසන්න සිපිරිගෙයට කඩුවෙලහාර යන්න සිතිලාවත්දෝ?
Nithiya kriyathmaka na kiyana eka waraddak da
Police would not be able to water cannon this Samantha Badra as he will “Rahath weyi” when attacked.
Poojithan will be left with squeezing that backs of his followers.
ඉස්සරනම් මම මේ හාමුදුරුවන්ට අකමැතියි. එත් උන්වහන්සේ ගේ දර්මය ගැඹුරින් අද්‍යනය කරන විටදී උන්වහන්සේ හරි කියා මට සිතුනි. ඔබවහන්සේට මගේ සම්පුර්ණ සහයෝගය. බුදුන් දෙසු නිර්මල දර්මය රැකගෙන යන්නේ ඔබවහන්සේ පමණි. අනිත් එවුන් කහරේදී පොරවාගත් බේබදු කුහක, අපරාද්කාරි මුදලාලිලාය.
//ඉස්සරනම් මම මේ හාමුදුරුවන්ට අකමැතියි. එත් උන්වහන්සේ ගේ දර්මය ගැඹුරින් අද්‍යනය කරන විටදී උන්වහන්සේ හරි කියා මට සිතුනි. ඔබවහන්සේට මගේ සම්පුර්ණ සහයෝගය. බුදුන් දෙසු නිර්මල දර්මය රැකගෙන යන්නේ ඔබවහන්සේ පමණි. අනිත් එවුන් කහරේදී පොරවාගත් බේබදු කුහක, අපරාද්කාරි මුදලාලිලාය.// ඔබ හරි Senaka මහත්මයා… ඔය විමර්ශනය මේ රටේ ඉන්න අති බහුතරයකට නැති එක තමයි තියන ප්‍රශ්නේ. මිනිස්සු දහ දුක් විදලා මැරිලා අපායේ යනවා කිසිදා යථාර්තයක් නොවෙන රේස් එකක් පස්සේ ගිහිල්ලා.
අනේ පලයන් බන් යන්න රෑට රෑට තමුන්ගේ ගෑනි මේ පන්සලට රිංගලා දැන් උඹවත් දැක්කුවා නේද සාදු තමයි එකම සාදු කියල? .
අනිත් හාමුදුරුවරුන් ගැන කියන්න උඹ ලංකාවේ ඉන්න අනිත් හාමුදුරුවරු කවුද කියල දන්නවද ?කවුද කිව්වේ මේ සාදු තමා අනේ ඉන්න එකම සාදු කියල ගෑනි නේද ?අනික මොකද්ද උඹ කියන “උන්වහන්සේගේ දර්මය” ? එකියන්නේ උඹ අදහන්නේ අප ගෞතම බුදුරජානන් වහන්සේගේ දර්මය නෙවෙයි නේද ?අනේ මෝඩ පවිට්ටෝ යන්න හොඳින් පාර තියාගෙන කටුඅකුල් වල යන්නේ මොකටද ?පළදින්න රත්තරන් තියෙන විට ඉමිටේෂන් මාල වළලු දාන්නේ කවුද ?උඹ දැන් මෙයා කියන ධර්මය තමා හරි අපේ ගෞතම බුදුරජානන් වහන්සේ දේශනා කල ධර්මය වැරදියි කියන්න ගොතම බුදුන් දේශනා කල ධර්මය අහල එකින් එක ගලපලා ඉගෙන ගත්තද ?නෑ නේද උඹට ඔය අදහස දුන්නෙත් උඹේ ගෑනියි සමන්ත බද්දයි නේද ?උඹලා වගේ මෝඩයෝ නිසා තමයි මේ වගේ මිනිස්සු ජිවත් වෙන්නේ .උඹලගේ හින මානය යන්න අමුතු දේ කියන අය පස්සේ ගිහිල්ල අන්තිමේ අපාගත වෙනවා .
ඔය බෝලාගේ සමන්ත බඩ්ඩ නටන නාඩගම් මුකුත් නැතිව අනික් හාමුදුරුවරුන්ට එක වචනයක්වත් නොකියා සුපිරිසිදු බුදුදහම දේශනා කරන හාමුදුරුවරු ලංකාවේ ඉන්නවද ?ඔවුන්ට මමත්වයක් නෑ මම පොර මානසිකත්වයක් නෑ අමුතු සිංහාසන හදාගෙන පන්සල් හදාගෙන නම් වෙනස් කරගෙන නැටුම් නටන්නේ නෑ .බොලා තනිකරම නොමග ගිය මිනිස්සු හෙට අනිද්දාට බොලාට මියුසික් වීඩියෝ එකක රඟපාන්නත් පුළුවන් මේ අලුත් බුදුවරයාගේ දහම අනුව .ශෝක් නේද ?මෙච්චර කල් බෞද්දයෝ මෝඩයෝ වගේ සුදු ඇඳගෙන පන්සල් ගියේ අල්පේච්ච විදියට බොලා අර පල්ලි යන අයටන් ඉරිසියා කළා නේද අනේ ඒගොල්ල ලස්සනට ඇඳලා පල්ලි යනවා කියල දැන් ඔන්න සමන්ත බඩ්ඩ බෝලාටත් ලස්සනට ඇඳලා එන්න අලුත් බුදුදහමක් දෙසනවා .
මෝඩ මිසදිටුවෝ කටුඅකුල් වල යන මැට්ටෝ
ත්‍රිපිටකයේ ජාතක කතා පාලියේ භරු ජාතකයේ, බුදුන්වහන්සේ නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස කොසොල් රජුට අනුබල දී ඇති බව පෙනේ. ඊට හේතුව කීසොල් රජුටම පගාව දී අනවසරයෙන් දෙව්රම අසල නිඝන්ඨාරාමයක් ඉදිකිරීමට නිඝන්ඨයන් ගත් උත්සාහයයි. ඔක කියන විදිහට නීතිය නිවැරදිව ක්‍රියාත්මක කරන ලෙස බුදුන් රජුට අණ කලේ නිඝන්ඨයන් කෙරෙහි වෛරයකින් විය යුතුය.
විහිලුව යනු, බීමතින් කලහකාරීව මැරයන් සේ හැසිරුණු චීවර දාරීන්ගේ වෛරය සම්භාවනාවට පාත්‍ර වීමත්, එම වෛරය චීවර ධාරීන්ගෙන් ගලවා සමන්තභද්රයන්ට ඇලවීමට ගන්නා අමුතු උත්සාහයයි. බුදුවරු රහතුන් එදත් අදත් සිදු කලේ අයුක්තිය සිඳ යුක්තිය සාධාරණය ඇති කිරීමට කටයුතු කිරීමයි. එය වෛරී චේතනාවක් වන්නේ කෙසේද? ඒ සඳහා ඔවුන්ට ඇතුලු විය හැකි හැම සිදුරක්ම භාවිතා කරයි.
මෝඩ, අයුක්ති සහගත කොසොල් රජු එදා බුද්ධ ධර්මයට හිස නමා යුක්තිය ඉටු කලත්, මේ පාලනය ඊටත් වඩා අන්ත බව පෙනීයයි.
ඔබගෙ රහත් බව ගැන නොකරමි වාද
එය අකැපමයි බුදු හිමි දෙසුවා නේද
සිතනුව ඇයිද මේ හැටි ඔබ හට බේද
ඔබ ලත් ඵලය ඔබට දැන් සැක නේද ?
ගාවින් ගුනවර්දන ඕන්න මචන් මම මුන්ට මම දන්නා විදියට ස්වාමින් වහන්සේ කියන දේ තේරුම් කරලා දුන්නා .උඹේ කවිය මගේ තේරුම් කරලා දීමට වඩා ලස්සනයි හැබැයි ඉතින් මම ලිව්ව දේ උන්ට හොඳට තේරුම් යාවි
ඔබගෙ රහත් බව ගැන නොකරමි වාද
එය අකැපමයි බුදු හිමි දෙසුවා නේද
සිතනුව ඇයිද මේ හැටි ඔබ හට බේද
ඔබ ලත් ඵලය ඔබටම දැන් සැක නේද ?
manawa himikam yana IGP ,SP passe yana rahathan wahanse. dan nam hondatama pissu.
If someone protects Buddhism with the use of violence they have no idea what Buddhism is.These monks who attacked another monk who came for a preaching shows how misguided our country’s Buddhists are in general.If they had a different opinion they should have discussed it with the monk.Instead they behaved like a primitive group of uncivilized men and destroyed the prime philosophies of Buddhism.
ane watalamuko samanthabadra. mata puduma aasawak thiyenne polisiya kandulu gas gahana kota Samantha duwana hati balanna. .Udin erdiyen wadeetha danneth naha hitan
මුල්ලේරියාවට ඇදලා දන වෙලාවත් පහුවෙලා.පිස්සුව රහත් වෙන්නේ එහෙම කලොත් තමා. අය්යෝ ලැබූ දැම්ම.
සැමට සමාන වූ නීතියක් නැති, සියලු දේ මුදලට දේශපාලන බලයට යටවී ඇති මෙහෙමත් රටක්. පූජිත ජයසුන්දර මහත්මයා අපි අහලා තිබුණේ හොද පොලිස් නිලධාරියෙක් කියලා. නමුත් මේ රටේ තියන ජරා ජීරණය වූ කුණු දේශ පාලනය, සමාජ අසාධාරණය නිසා ඔහුත් කොදු නාරටිය බිඳගෙන කියලයි අපිට පෙන්නේ. තමන්ගේ රටේ තියන ප්‍රශ්න වලට ස්ථිර සාර වැඩපිළිවෙලක් නැති, පැහැදිලි දර්ශනයක් නැති, අල්ලසට දුෂණයට යටවුණු, හොරුන් තක්කඩියන් රජකරන, රටේ ප්‍රදාන නගරයේ එකතුවෙන කුණු ටික කළමනාකරණය කරගන්න බැරි ඒ කුණු කන්දට යටවෙලා මිනිසුන් මැරෙන රටක මිනිසුන්ට ජීවත් වෙන්න වෙලා අද. මෙහෙව් රටකට ඉදිරි ගමනක්, දියුණුවක් තියෙන්න පුලුවන්ද?
මෙහි ඇති සමහරක් ගේ අදහස් දැක්වීම් වගේම මේ රටේ නීතිය සාමය සුරකින පොලිස්පති තුමන් හා පොලිසිය හිතන් ඉන්නේ රහතන් වහන්සේ නමකට වුනු ප්‍රශ්නයකට අපි මැදිහත්විය යුතු නැහැ මොකද උන්නාසේලාට සෘද්ධි ප්‍රාතිහාරය පාලා ඒවා විසදන්න පුළුවන් ඇති කියලද නැත්නම් පක්ෂ/විපක්ෂ දේශපාලකයන්ට වැටෙන ජන්ද අඩුවෙන නිසාද කියලා අපිට ප්‍රශ්නයක් එනවා.
මෙච්චර බෞද්ධයෝ ඉන්නවා කියලා කියන බෞද්ධ රටේ ඉන්න හිස් මිනිස්සු දන්නේ නැහැ එදා ගෞතම බුදු හිමියන් තමන්ගේ පන්සලට සිදුවුණ අසාධාරණයක් නිසා ජෛනයන්ට විරුද්ධව රහතන් වහන්සේලා එක්ක පෙළපාලි ගියා කියලා. බුදු හිමියන්ට තිබුනනේ ඔය කියන සෘද්ධි පාව්චිචි කරලා උන්ව එළවලා දාන්න, මුගලන් හාමුදුරුවන්ට තිබුණනේ උන්ව පරසක්වළ ගහන්න. බුදු දහම කියන්නේ දුක නිවන ක්‍රමයක් මිසක් ඒ වෙනුවට මැජික් කාරයෝ හොයන රටක ඉන්න මිනිසුන්ට මෙයිට වැඩිය තව මොනවා වෙන්නද එක අතකට…
//ඉස්සරනම් මම මේ හාමුදුරුවන්ට අකමැතියි. එත් උන්වහන්සේ ගේ දර්මය ගැඹුරින් අද්‍යනය කරන විටදී උන්වහන්සේ හරි කියා මට සිතුනි. ඔබවහන්සේට මගේ සම්පුර්ණ සහයෝගය. බුදුන් දෙසු නිර්මල දර්මය රැකගෙන යන්නේ ඔබවහන්සේ පමණි. අනිත් එවුන් කහරේදී පොරවාගත් බේබදු කුහක, අපරාද්කාරි මුදලාලිලාය.// ඔබ හරි Senaka මහත්මයා… ඔය විමර්ශනය මේ රටේ ඉන්න අති බහුතරයකට නැති එක තමයි තියන ප්‍රශ්නේ. මිනිස්සු දහ දුක් විදලා මැරිලා අපායේ යනවා කිසිදා යථාර්තයක් නොවෙන රේස් එකක් පස්සේ ගිහිල්ලා.
පිටදූව කියන්නේ සිල් රෙද්දක් පොරොව ගෙන ඉන්න අබෞද්ධයෙක්.
බුදු දහමේ ඉගැන්වෙන ලෝභය, ද්වේශය, මෝහය පිටු දැකීම වෙනුවට ඊට හාත්පසින්ම විරුද්ධ ජීවිතයක් තමනුත් ගත කරමින් අන්‍යයන්වත් නොමඟ යවමින් බුද්ධාගම ව්‍යාපාරයක් හැටියට පවත්වාගෙන යන සිවුරක් පොරොව ගත්ත බෞද්ධ විරෝධී ගිහියෙක්.
මම එක බැලුවේ නැහැ. මේ අනිත් පැත්තේ තියෙනවා පිටදූව අසභ්‍ය දේවල් තියෙන එකක රඟපෑවා කියලා. මේ කරන්නේ බෞද්ධාගමට නින්දාවක්. බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගැන වැරදි වැටහීමක් ලෝකෙ පුරා ප්‍රචාරය කරන්න ගත්ත contract එකක්. ඉරාජ් කියන්නේ සිංහල සංස්කෘතිය, සාරධර්ම, වටිනාකම් විනාශ කිරීම, බුදුදහමට රට තුල තියෙන තැන නැති කිරීම, ලේසි ආදායම් මාර්ගයක් කරගත්ත අබෞද්ධ නිගණ්ඨයෙක්. අසභ්‍ය ගෝත්‍රික වනචාරී වානරයෙක්. සුනිල් පෙරේරාගේ අනිත් එක.
ඉරාජ්ගේ අවලම් video එකේ රඟපෑව පිටදූවව වහාම උපැවිදි කරන්න ඕනේ. පිටදූව මහණ වුනේ මොන නිකායෙන්ද? මේ නිකායෙන් පිටදූවව පිටුවහල් කරන්න ඕනේ. නියපොත්තෙන් කඩන්න තියෙන දේ පොරොවෙන් කඩන්න තිබ්බොත්, මේක business එකක් කරගෙන මේ වගේ තවත් අබෞද්ධයෝ සිවුරු පොරෝගෙන බුද්ධාගමට, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට නින්දා වෙන අසභ්‍ය video වල රඟපායි.
මේ video එකට අබෞද්ධයෙක් වුනත්, සිවුරක් පොරොව ගත්ත බෞද්ධ භික්ෂූන් වහන්සේ කෙනෙක්ව ඇතුල් කලාට ඉරාජ්ට සම්පූරණ විරෝධය පල කරනවා.
මේ video එක වහාම තහනම් කලයුතුයි. මුන්ට මේ විදියට බුද්ධාගම හෑල්ලු කරන්න ඉඩ දෙන්න හොඳ නැහැ.
මිනිස්සු ගහපු බැනපු එක හරියි කියලා මම කියන්නේ නැහැ. හැබැයි මිනිස්සුන්ව බිත්තර තක්කලි ගහන තැනට පත් කලේ පිටදූවමයි. මිනිස්සුන්ගේ ඉවසීමේ සීමාව පැන්නෙව්වේ පිටදූවමයි. බුද්ධාගම කෙලසන සිවුරක් පොරෝ ගත්ත අබෞද්ධයෙකුට විරෝධය පල කරන්න මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ගුටිකන වැඩ කරණ කොට හෙවත් බුද්ධාගම කෙළසන්න හදන කොට, ඒවාට
ප්‍රතිවිපාක ලැබෙන බව පිටදූව දැනගෙන ඉඳලා නැහැ.
ඔබම කියල තියෙනව එම වීඩියෝව නොබැලූ බව. මෝඩයෝ, ගිහින් ඒක බලපන්. ඊට පස්සෙ කොමෙන්ට් කරපන්. මම ඒක බැලුව. මෙම ස්වාමීන්වහන්සේ ධර්ම දේශනා කරණ රූප රාමුවක් අවසානයේ තිබෙනවා, ගැටළු පිරි ජීවිතයක් ගතකල තරුණයෙක් අවසානයේ එතැනට පැමිණෙනවා. හාමුදුරුවෝ රඟපාන් නෑ, උන්වහන්සේ සාමාන්‍ය අවස්ථාවක භික්ෂූන් වහන්සේලාට ධර්මය දේශනා කරණ අවස්ථාවක් රූප ගත කොට එය වීඩියෝවය ඇතුලත් කොට තිබෙනවා. ඒකෙ දෙන පණිවිඩය ඉතාම පැහැදිලියි. ඉරාජ් නරක පුද්ගලයෙක් විය හැකියි, නමුත් ඔහු කර තිබෙන එම වීඩියෝව නරක එකක් නෙවේ. ඉරාජ්ට බැණපන්, භික්ෂූන් වහන්සේ නමකට පරිභව කරන්ඩ එපා. භික්ෂුව උපැවිදි කිරීම භික්ෂු සංඝයා වහන්සේගේ කටයුත්තක්, එය ගිහියන්ගේ නිර්දේශ මත සිදුවිය යුත්තක් නොවේ.
උන්වහන්සේ සියම් නිකායේත් රාමාඤ්ඤ නිකායේත් යන දෙනිකායන්ගේම පැවිදි උපසම්පදාව ලබා තිබෙනවා, ඔබගේ අනෙක් ප්‍රශ්ණයට පිළිතුර එයයි.
ගුටිකන ප්‍රථිවිපාක?? බුදුරජාණන් වහන්සේටත් ගල් පෙරලූ බවත්, උන්වහන්සේගේ මහපටැඟිල්ල ඉන් තුවාල වූ බවත් අමතක නොකිරීම වටී.
කරුණු නොදැන නන් දොඩවන්ඩ එපා. යූටියුබ් එක හරහා උන්වහන්සේගේ දේශනාවල් කිහිපයක් ශ්‍රවණය කරන්ඩ මානසික සික්ෂණයක් ඇතිකර ගන්ඩ බලපන්. පැය 2ක් ශ්‍රවණය කරපන්, වැඩිය එපා. ඊට පස්සෙ කමෙන්ට් කරපන්.
වීඩියෝව බලන්න දෙයක් නැහැ. ඒකෙ අඩ නිරුවත් දර්ශණ තියෙනව කියලා තියෙනවා. ඒවා දාලා තියෙන්නේ විකුණගන්න. ඔය කියන විදියේ ආදර්ශයක් දෙන්න ඕනේ නම් ඒවා දන්නා ඕනේද? මුදලට විකුනන අඩ නිරුවත් කතාවක් තියෙන වීඩියෝවක් නම්, පිටදූව සල්ලි බලාගෙන කරපු “රඟපෑමක්” තමයි.
දිලිසෙන සරුව පිත්තල ඇඳුම් ඇඳගෙන, බුදුහාමුදුරුවෝ වගේ තමන්ගේම හිටි පිළිමයක් හදාගෙන, තමන් රහත් වෙලා කියලා බොරුවක් කියාගෙන මිනිස්සු මුලා කරන, සංසාරේ කෙටි කරන හැටි ගැන කියාදෙන බුදු දහම වෙනුවෙට, සංසාරේ දිගු කරන හැටි කියාදෙන, බුදු දහමේ මූලික ඉගැන්වීම වන චතුරාර්ය සත්‍යය හෙවත් දුක්ඛ, සමුදය, නිරෝධ, මාර්ග ගැන මෙලෝ හසරක් නොදන්නා පිටදූව අයිති නිකායකුත් තියෙනවද? — සියම් නිකායේ හා රාමඤ්ඤ නිකායේ මේවා කැප බව බව මම අදයි දැන ගත්තේ.
තමන්ට තමන් පාලනය කරගෙන බුදු දහම පිලි පදින්න බැරි පිටදූවගේ බන අහන්න මට ඕනේ කම් නැහැ.
මේ ලියුමම හොඳ උදාහරණයක් පිටදූව කියන්නේ සිවුරක් පොරොව ගත්ත අබෞද්ධයෙක් බවට. “රහතන් වහන්සේ” නමක් තියා, හොඳ සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් තියා, සාමණේර නමක් තියා, පන්සලක අබිත්තයෙක්වත් මෙහෙම ද්වේශයෙන්, මිනිසුන් පහත් කරමින් ලියුම් ලියන්නේ නැහැ. මෛත්‍රීය ගැන අහලාවත් නැති පිටදූව බුදු දහම විනාශ කරන අබෞද්ධයෙක්.
මම video එක බැලුවේ නැහැ. මේ අනිත් පැත්තේ තියෙනවා පිටදූව අසභ්‍ය දේවල් තියෙන video එකක රඟපෑවා කියලා.
Oops…
මම video එක බැලුවේ නැහැ. මේ අනිත් පැත්තේ තියෙනවා පිටදූව අසභ්‍ය දේවල් තියෙන video එකක රඟපෑවා කියලා.
menna niyama pissek mu natta pagagena methana kiyonawa.thanata adalawa kathakaranawa . pissek wenna epa oiii.
Marua Rahath, Lankawe enna babadu bikkusun nisa wena haniyata wada 10000 warayak mewage kada panuan sasanaya kanawa.
nodakin. @ Senakayo, thoge gon kamaka mahatha.
Something true is in what this monk says . His behavior may not be acceptable.
Rahathan thumo, banata gaana keeyada???
Poth wikunala keeyak hambu karanawada???
කොසොල් රජු දුටු 11වැනි සිහිනය :-
කොසොල් රජතුමා: ස්වාමීනි, මා දුටු එකොළොස්වන සිහිනය නම් කහවනු ලක්ෂයක් වටිනා සඳුන් හරයක් ඇඹුල් රසැති කිරිමෝරු වලට හුවමාරු කිරීමයි.
බුදුරජාණන්වහන්සේ: මහරජතුමනි, අනාගතයේ දී ලජ්ජා බය නැති දුසිල් භික්ෂූහු පහළ වෙති. ඔවුන් තම බඩ වියත වෙනුවෙන් නිර්වානගාමී දහම විකෘති කොට ජනතාවට දෙසති.මහජන මුදල් ලබාගැනීමේ අරමුණින් විසිතුරු බස් කියමින් ජනතාව රවටමින් බුදු දහම විකුණා කෑමේ ව්‍යාපාර ආරම්භ කරති. ජනතාව නිර්වානගාමී දහමට යොමු කිරීමට ඔවුන්ට අවශ්‍ය නොවන්නේය. තෑගි බෝග සදහා දහම වංචනික ලෙස කියමින් මහ වීදි වල, මැදුරු වල දහම් කියමින් යති.
“මම රහතෙක්මි”
කියන මුවින්ම
“මම වෙහෙස වී ඇඳට වැටුණාම
මට හොඳින් නින්ද යනවා”
කියා යම් කිසිවෙක් කියනවා නම්
ඔහුගේ රහත් බව ව්‍යාජයක්.
රහතන් වහන්සේ හදුනා ගැනීම
රහත්වූ කෙනෙකු පිම්බී තිබු බැලුම් බෝලයක් පිපිරී හැකිලී ගියා වැනි තත්වයකට පත්වේ. සම්පුර්ණයෙන්ම නිසල වූ මනසක් මතුපිට සිත හා නොබැදි පවත්නා අයුරු අත්දකී. මතුපිට සිතින් පවා නිරායාසයෙන් සිතුවිලි ගලා නොයන බැවින් ශාන්ත නිවීයාමක් නිරන්තරයෙන්ම දක්නට ලැබේ. කය සහ සිත දෙකම සැහැල්ලුය. එක ක්ෂණයකින් සියල්ලම සිතින් අතහැර විමුත්ති සිතින් සිටිය හැකිවේ. කිසි දෙයක් ගණන් නොගනී. කලින් පැවති ලෞකික උනන්දුව බලෙන් ඇති කරගත යුතු එහෙත් වහා ගිලිහී යන ධර්මයක් බවට පත්වේ. ප්‍රසිද්ධිය වැනි දේවල් ගැන හැගීමක් පවා එන්නේ නැත. නිවනත් සහිතව සකල විශ්වයම අතහැරිය ගිය මනසක් ඇත. ඉතාමත්ම මිහිරිම අවස්ථාව මරණය බව දකී.
මේ නරයව බෝගම්බරට දාලා රහත් කලොත් නරකඩ? පිස්සුව මෝරලා.ලබු දම්මගේ. තව පවුල් කීයක් කඩා දාන්නද me හදන්නේ.
උඩ කොමෙන් කළ ඔක්කොම උන් යන්නේ කොහෙද මල්ලේ පොල්. හරියට හිටං ආණ්ඩුව පෙරලන්න ආප්ප කාලා පැන්නා වගේ. පැනලා පළමු රැස්වීමෙන්ම කීවේ මොකක්ද හොරු නැති කරන්න ආණ්ඩුවක් පිහිටෙව්වා කියලා. දැන් කොහොමද වෙනස…. වෙනස සැපදදදදදද හිනා යනවා ඕයි. හා ද මම කියන්නේ.
අයුතු ජන රාශි, යම් අාගමක හෝ අැදහිල්ලක හරයට කැලලක් වන සේ හැසිරීම හෝ ප්‍රකාශ නිකුත් කිරීම, මහජන කැළඹීම් අැති වන අාකාරයේ රැස්වීම් පැවැත්වීම හෝ අනුබල දීම අදී කරැනු යටතේ සමන්ත බද්‍ර අත් අඩංගුවට ගත යුතුයි….
පොලිස්පති නීතිය නමනවා නෙමෙයි නීතිය පලනවා,
ඇයි එහෙම කියන්නෙ?
බලන්නකො අපි පැමිණිලි කීයක් දැම්මද වැඩක් නැහැනෙ.
එතුමා හොඳ නිළධාරියෙක්නෙ,කුණු කන්ද මුදුනටම වැඩල කොල්ලෙක්ගෙ ඔළුවත් අත ගෑවනෙ දැක්කෙ නැද්ද?
මාත් එතෙන්ට වැඩිය හැබැයි කවුරුවත් මාව දැක්කෙ නැහැ.
ඇයි ඒ ?
මං රහත් වෙලානෙ,
ගඳ දැනුනද?
ඔව්,ඉන්න බැරි තැන මං ආපහු වැඩිය.
කොහෙද ඔය පැමිණිලි දැම්මෙ?
පිළියන්දල පොලීසියෙ,පොලිස් මූලස්ථානෙ,මානව හිමිකම් එකේ ඒ එකකින්වත් වැඩක් නැහැනෙ.
කුණු කන්දෙ උන්ට මානව හිමිකම් නැද්ද ?
උන් රහත් වෙලා නැහැනෙ.
මානව හිමිකම් කියන්නෙ සතර ඵලවලින් එකක්ද?
එහෙම තමයි කියන්නෙ.
එතකොට පොලිසිය,මානව හිමිකම්කාරයො රහතුන්ට වඩා ලොකුයිද?
දැන්නම් ඒ වගේ තමයි.
ඒ කියන්නෙ ඒ ගොල්ලො ඒක අභියෝගයට ලක් කරනව..?
ඒක මං ඉරාජ්ගෙ ඊළඟ වීඩියෝ එකේදි කරලම පෙන්නන්නම්කො හොඳේ??????