පොලිස්පති නීතිය නවද්දී පහල නිලධාරින් නීතිය කන ලගින් නවයි..

October 8, 2017 at 11:20 am | lanka C news
පොලිස්පති නීතිය නවද්දී පහල නිලධාරින් නීතිය කන ලගින් නවයි..

හම්බන්තොට දි පැවති උද්ඝෝෂණයට සහභාගි පිරිසට පොලිසිය විසින් සිදු කල පහර දීම හෙලා දකිමින් පොදුජන මාධ්‍ය පෙරමුණ විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

මත්තල ගුවන් තොටුපොළ ඉන්දියාවට පැවරීමට එරෙහිව ඊයේ හම්බන්තොට දි පැවති උද්ඝෝෂණයට සහභාගි වූ ජනයාට යහපාලන ආණ්ඩුව විසින් කරවන ලද පහරදීම පොදුජනමාධ්‍ය පෙරමුණ දැඩි පිලිකුලෙන් යුතුව හෙලාදකිමු. නීතිය නවන පොලිස් පතිවරයාගේ අවිනීත පොලිස් නිලධාරියකු මාධ්‍යවේදි සූ බන්ඩාරට පහරදීම අප මාධ්‍ය පෙරමුණේ තරයේ හෙලාදකිමු.

සු බන්ඩාර සහෝදරයාට සහකාර පොලිස් අධිකාරි තුෂාර දලුවත්ත කල පහර දීම පිලිබඳ පොලිස් පතිවරයා හා නිතිය සාමය පිලිබඳ ඇමැතිවරයාගේ ස්ථාවර අපි දැන ගැනීමට කැමැත්තෙමු. පොලිස්පති නීතිය නවද්දී, ඔහුගේ පහල නිලධාරින් නීතිය කන ලගින් නැවීම එක අතකින් නැවීම පුදුමයට හේතුවක් ද නොවේ.

පොලීසිය බන්ඩාර සහෝදරයා අත්අඩංගුවට ගෙන තිබියදී , සහකාර පොලිස් අධිකාරි දලුවත්ත පහර දෙන්නේ කවර නීතිමය පදනමක් යටතේද ?. මේ පහර දීමෙන් ආණ්ඩුවේ හා පොලීසියේ නිරුවත රටටම ප්‍රදර්ශනය විය. ආණ්ඩුව රට පොලිස් රාජ්‍යයක් දක්වා ගෙනයමින් සිටින බව මේ ම්ලේඡ්ච ප්‍රහාරයෙන් මනව පෙන්නුම් කරයි.

සූ බන්බාර සහෝදරයා ඇතුලු සැකකරුවන් වෛද්‍යවයකු හමුවට ඉදිරිපත් කල පසු ඔහු රෝහල් ගත කරනලෙස වෛද්‍ය නිර්දේශ තිබියදීත් පොලිසිය, කණ තුවාල වී සිටින සූ බන්ඩාර රෝහල් ගත නොකිරීමෙන් පොලිසිය පත්ව ඇති අමානුෂීය බව රටටම පෙන්නුම් කර ඇත.

මානව හිමිකම් සම්බන්ධයෙන් කෑමොර දෙන ඊනියා මානව හිමිකම් සංවිධාන මේ තිරිසන් පහර දීම පිලිබඳ දරන ස්ථාවර කුමක්ද?. මාධ්‍ය නිදහස පිලිබඳ කෑමොර දෙන මාධ්‍ය සංවිධාන මේ ම්ලේඡ්ච පහර දීම පිලිබඳ කියන්නේ කුමක්දැයි අපි දැනගනු කැමැත්තෙමු. මාධ්‍ය නිදහස තහවුරු කල බව පුරාජේරු කියන ආණ්ඩුව මේ තිරිසන් පහර දීම ගැන තම මතය ප්‍රකාශ කල යුතුය.

සූ බන්ඩාරට පහර දුන් නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අප පෙරමුණ , ආණ්ඩුව වෙතින් හා පොලිස් කොමිසම වෙතින්ද ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

නලින් කුමාර නිශ්ශංක.
ප්‍රචාරක ලේකම්.
පොදුජන මාධ්‍ය පෙරමුණ

4,353 Viewers

3 Comments to “පොලිස්පති නීතිය නවද්දී පහල නිලධාරින් නීතිය කන ලගින් නවයි..”

  1. Chithrani says:

    දලුවත්ත නොහොත් දල්ලා වැලිගම සිද්ඳාර්තෙන් බිහිවුනු නූගතෙක්.සා.පෙල ලියද්දි මු දෙනිපිටියෙ කෙල්ලෙක් අනාතකලා. 86 සමස්තලන්කා වොලිබෝල් අණුෂූරකන්ඩායමේ අතිරේක ක්‍රීඩකය.එකත් මදුරපාල එදිරිවීරගේ උවමනාවට උනුදෙයක්. එස්.එල්.අල්ගම.හිටපු විදුහල්පති. සාක්‍ෂි දරාවි. එතුමා කල කතාවක කිවා විදුහලේ අකීකරු දඩබ්බර ළමයෙක් පොලිස් සේවයට යනවා මට හරිසතුටුයි කියල .. අන්න ඒ අකීකරු දඩබ්බර ළමය අද පොලිස් සේවයට කලු තිලකයක් තියල.. මන්ගල මහත්තය බේරගන්නම් කීවලු .ළමයි දෙන්න මහනුවර මහාමායා එකේ.ලගදි දිනක වැලිගම සුමන්ගලේ ප්‍රදාන ප්ආරාදිතය විදියට ආවලු දැන් ඉන්න විදුහල් පතිනිය අර අනාතකරපුළමයගෙ නමත් මතක්කරාලු

  2. Kuveni says:

    This fellow’s sons must be ashamed to call him father.

  3. Asoka says:

    ඒ වුනාට පොලිස්පතිගේ කාමරේ පැය 24ම පිරිත් දාලා තියෙන්නේ. නීතිය නමනවා නෙමෙයි නීතිය පලනවා

Main News