පොලිස් ආරක්‍ෂාව මැද තලවකැලේ විරෝධතා, හර්තාල්.. කැබිනට් ඇමතිලාත් එක්වෙයි…

September 23, 2018 at 1:20 pm | lanka C news
පොලිස් ආරක්‍ෂාව මැද තලවකැලේ විරෝධතා, හර්තාල්.. කැබිනට් ඇමතිලාත් එක්වෙයි…

ජිවන වියදමට  සරිලන වැටුපක් වතු කම්කරුවන්ට ගෙවන ලෙස බල කරමින් වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ නගර මධ්‍යයේදි   අද (23) උද්ඝෝෂනයක් සිදු කලහ.

තලවකැලේ නගර  සභාව  අසලින් ආරම්භ  වු පෙලපාලිය   තලවකැලේ නගර මධ්‍යට පැමිණ  තලවකැලේ නගර මධ්‍යයේ දි මෙම උද්ඝෝෂනය සිදු කලහ.

වතුකරයේ වෘත්තිය සමිති ගණනාවක් සිවිල් සංවිධාන කිහිපයක් හා ගුරු සංගම් කිහිපයක් එක් ව මෙම උද්ඝෝෂනය පැවැත් වුවා.

වතු කම්කරුවෙකගේ දැනට දෛනික වැටුප වශයෙන් සියළුම දිමනා සහිතව රු 720 ක වැටුපක් ගෙවන අතර එම මුළු වැටුප ලබා ගැනිමට  වතු කම්කරුවෙකු වැඩ කරන දිනයන්හි 90% ක් සේවයට වාර්තා කල තිබිය යුතුය.

වතුකම්කරුවන්ගේ ඉදිරි වසර දෙක සදහා  වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වතු හාම්පුතුන්ගේ සංගමය හා වතු එකාබද්ධ වෘත්තිය සමිති අතර නව අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරිම සදහා මේ වන විට සාකච්ඡා  වට කිහිපයක් පවත්වා තිබේ.

වතු කම්කරුවන්ට ජිවන වියදමට සරිලන වැටුපක් ගෙවන ලෙස බල කරමින් වතු සමාගම්වලට එරෙහිව තලවකැලේ නගර මධ්‍යයේ පැවති උද්ඝෝෂනයට ජාතික කම්කරු සංගමයේ සභාපති හා අමාත්‍යය පලනි දිගම්බරම් , කදුරට ජනතා පෙරමුණේ නායක හා අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යය වි රාධා ක්‍රිෂ්ණන් මහතාද සහභාගි වි සිටියා.

උද්ඝෝෂනයට සම්බන්ධ වි සිටි අමාත්‍යය පලනි දිගම්බරම් මහතා සහ වි රාධාක්‍රිෂ්ණන්  මහතා අවධාරණය කර සිටින්නේ වතු කම්කරුවන්ට ජිවන වියදමට සරිලන වැටුපක් ලබා දිමට වතු හාම්පුතුන්ගේ සංගමය ක්‍රියා නොකල හොත් එම වැටුප ලබා ගැනිම සදහා වතුකරය පුරා දැවැන්ත වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරන බවයි.

වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාතා විමුක්ති පෙරමුණට අනුබද්ධ සමස්ත ලංකා වතු කම්කරු සංගමය අවධාරණය කර සිටින්නේ වතු කම්කරුවෙකුගේ දෛනික වැටුප වැඩි විය යුතු බවයි.

වතු සමාගම් අවධාරණය කර සිටින්නේ වතු කම්කරුන්ගේ වැටුප වැඩි විය යුතු බවත්, ලෝක වෙළදපොලේ ශ්‍රි ලංකාවේ තේ සදහා පවතින අභියෝග හා ශ්‍රි ලංකාවෙන්  අපනයනය කරන තේ කිලෝවක් සදහා පවතින අඩු මිල ගණන් යටතේ වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවයි.

වෘත්තිය සමිති ඉල්ලන පරිදි වතු කම්කරුවන්ගේ වැටුප වැඩි කල හොත් තේ කර්මාන්තය කඩා වැටිමේ අවධානමකට ලක් විය හැකි බවද වතු අධිකාරිවරුන්ද කියා සිටියි.

වතු කම්කරුන්ගේ වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් තලවකැලේ පැවති උද්ඝෝෂනයට දැඩි පොලිස් ආරක්ෂාවක්ද  යොදාවා තිබුණි.

– හැටන් රංජිත් රාජපක්ෂ

5,029 Viewers

2 Comments to “පොලිස් ආරක්‍ෂාව මැද තලවකැලේ විරෝධතා, හර්තාල්.. කැබිනට් ඇමතිලාත් එක්වෙයි…”

  1. Nuwan says:

    ඩොලරය ඉහළ ගිය නිසා අපනයන කරුවන් ලෙස තේ කර්මාන්තයට හොදයි නේද? ඉතින් පඩි වැඩිකරන්න පුලුවන් නේ.

  2. LION says:

    Wages of Tea Pickers in India IRP 222.00 Only

Main News