පොලිස් නිලධාරිනියකට සැමියා පිහියකින් අනියි බිරිඳ රෝහලේ.. සැමිය පලා ගොසින්..

February 4, 2018 at 6:48 pm | lanka C news
පොලිස් නිලධාරිනියකට සැමියා පිහියකින් අනියි බිරිඳ රෝහලේ.. සැමිය පලා ගොසින්..

යාපනය පේදුරුතුඩු පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් නිළධාරිනියකට ඊයේ (03) ඇගේ සැමිය විසින් තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් අදාල පොලිස් නිලධාරිනිය තුවාල ලබා රෝහල්ගතකොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය කියා සිටියේය.

අදාල පොලිස් නිලධාරිනිය විවාහ වී සිටි සැමියා සමග පසුගිය දිනයන්හි ඇති වූ පවුල් ආරවුල් හේතුවෙන් සැමියා විසින් පවසා ඇත්තේ පොලිස් සේවයට නොයන ලෙසයි.

නමුත් ඊයේ සවස අදාල පොලිස් නිලධාරිනිය සේවයට ගොස් ආපසු එමින් සිටියදී යාපනය පුත්තූර් මන්සන්ධියේදී සැමිය විසින් පොලිස් නිලධාරිනියට පිහිපහර කිහිපයක් එල්ල කොට පලා ගොස් ඇත.

පිහි පහරින් තුවාල ලැබූ යාපනය මට්ටුවිල් නැගෙනහිර ප්‍රදේශයේ පදිංචි කාන්තා පොලිස් කොස්තාපල් 9364 ජෙයකුමාර් දර්ශනි වන අතර අදාල පිහි පහර එල්ල කරන ලද ඇගේ සැමියා වූ ශිවපාලන් මුහුන්දන් නැමත්තා මේ වන විට පැන ගොස් සැගව සිටියි.

අදාාල පිහි ඇනුම් සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය විසින් මේ වන විට පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතර පොලිස් නිලධාරිනියගේ සැමියාද අත්අඩංගුවට ගැනීමට සෝදිසි පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

7,557 Viewers

One Comment to “පොලිස් නිලධාරිනියකට සැමියා පිහියකින් අනියි බිරිඳ රෝහලේ.. සැමිය පලා ගොසින්..”

  1. Ko bola me sanhindiyawa Gena kathaa karana ara batakola aachchi, Kunudatha, raaa nilamessa, vyaagraa jonaa, mokada dannawada mama mehema ahanne, me polis kanthaawata pihiyen enapu eka, e manussayage miniha vunath ekaa ltte kararayek nisa email pavule sanhindiyawa ethi novune ei kiyala. Pawu ahinsaka mawak, birindak, apema demala sahodariyak, mama obata ikman suwaya prarthnaa karanawa thangachchye.

Main News