පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලවරණයට පොලීසියෙන්ම බාධා..

May 12, 2018 at 12:40 pm | lanka C news
පොලිස්  පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලවරණයට පොලීසියෙන්ම බාධා..

පොලිස්  පරීක්ෂකවරුන්ගේ සංගමයේ නිලවරණය කොළඹ ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේ අද පැවැත්වීමට නියමිත අතර එහිදී නව නිලධාරී මණ්ඩලයක් පත්කරගැනීම සිදුකරන  බව අප වෙත වාර්තාවෙනයි.

දැනට එහි සභාපති තනතුර දරණ තැන්ත්තාට එරෙහිව විශාල දූෂණ චෝදනා එල්ලවී ඇතත් නැවතත් ඔහු එම තනතුරට තරග කිරීමට සූදානමින් සිටින බවත් ඔහුට එරෙහිව පොලිපරීකෂකවරුන් අතර බලවත් අප්‍රසාදයක්  පලවී ඇති බැවින් නිලවරණයට පැමිණෙන පොලිස් පරීක්ෂකවරුන්ට නිලවරණයට පැමිණිමට රාජකාරීමය බාදාවක් ඇති කර  ඇති බව පොලිස් පරීක්ෂක වරුන් කිහිප දෙනෙකුම පැවසීය.

මෙම නිලධාරියා ප‍්‍රභූ ආරක්ෂක අංශයේ සේවයේ කරන නිලධාරියෙක් වන බැවින් ඔහුට ඇති දේශපාලන සම්බන්ධතා උපයෝගී කරගනිමින් අද දින කොළඹ රහස් පොලිස් මූලස්ථානයට වැඩමුළුවක් සදහා පොලිස් පරීක්ෂකවරුන් 80 අධික පිරිසක්  කැදවා තිබේ. ඊයේ රාත්‍රී විශේෂ පොලිස් මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත. එසේ කිරීමෙන් ඔවුන් බලාපොරෝතුවන්නේ පැවැත්වෙන නිලවරණය සදහා සහභාගීවන පිරිස අඩු කර ගැනීමට වන බව වැඩිදුරටත් වර්තවෙයි.

තම රාජකාරිය නිසි ලෙස ඉටු කිරීම සදහා පොලිස් නිලධාරීන්ගේ මානසික සමබරතාවය නිසි ලෙස පවත්වාගෙන යාම  හිතකර බව සමාජ විශ්ලේෂකයන්ගේද මතයයි

– රන්ජිත් විතාන

3,886 Viewers
Main News