පොලීස් නිල සුනකයෙකු විදුලිය වැදී මිය යයි.. බේරාගන්න ගිය බාරකාර පොලිස් නිලධාරියාත් රෝහලේ..

October 11, 2018 at 8:40 am | lanka C news
පොලීස් නිල සුනකයෙකු විදුලිය වැදී මිය යයි.. බේරාගන්න ගිය බාරකාර පොලිස් නිලධාරියාත් රෝහලේ..

වවුනියාව, ඉරට්ටපෙරියකුලම පොලිසියට අනුයුක්තව සේවය කළ කූපර් නැමැති පොලිස් නිල සුනඛයාට විදුලිය වැදීමෙන් අද(10) උදැසන ජිවිතක්ෂයට පත්ව ඇති බව වවුනියාව ඉරට්ටපෙරියකුලම පොලීසිය පැවසීය.

නිල සුනඛයා සහ සුනකයාගේ භාරකරු උදැසන ව්‍යායාම සඳහා රැගෙන යන අවස්ථාවේ පොලිස් ක්‍රීඩාංගනයේ අසලදී සිදුවු විදුලි කාන්දුවීමකින් සුනඛයාට විදුලිය වැඳීමෙන් සුනකයා මිය ගිය බවට පොලීසිය පැවසීය.

අදාළ අවස්ථාවේ සුනඛයාගේ භාරකරු සුනඛයා බේරා ගැනීමට උත්සහ දරා ඇති අතර, එහිදි සුනඛයාගේ භාරකරුටද විදුලිය වැදී ඇත.

වයස අවුරුදු දෙකහාමාරක් පමණ වයසැති කූපර් නැමැති නිල සුනඛයා අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇති අතර, සුනඛයාගේ භාරකරු වන පොලිස් කොස්තාපල් 30018 උදයකුමාර නැමැති නිලධාරියාද තුවාල ලබා වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති බව පොලීසිය පැවසීය.

මියගිය සුනඛයාගේ මරණ පරීක්ෂණ වවුනියාව දකුණ පශු වෛද්‍ය කාර්යාලයේදී පැවැත්වීමට නියමිත අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඉරට්ටපෙරියකුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

6,835 Viewers

2 Comments to “පොලීස් නිල සුනකයෙකු විදුලිය වැදී මිය යයි.. බේරාගන්න ගිය බාරකාර පොලිස් නිලධාරියාත් රෝහලේ..”

  1. මම මිතුවෙ පෙරහැරේ නටන එකා කියල..

  2. john the baptice says:

    බල්ලන් වෙනුවට සුකරයන් (ඌරන්) පුරුදු කරවමු

Main News