පොලීසියට බියේ අධික වේගයෙන් ගිය යතුරුපැදිය අනතුරක… තිදෙනෙකුට බරපතලයි….

September 3, 2018 at 8:02 am | lanka C news
පොලීසියට බියේ අධික වේගයෙන් ගිය යතුරුපැදිය අනතුරක… තිදෙනෙකුට බරපතලයි….

වව්නියාව රථවාහන පොලිසියේ ලුහුබැඳීම හේතුවෙන් බියෙන් පළාගිය යතුරුපැදියක් වව්නියාව හොරොව්පතාන ප්‍රධාන මාර්ගයේ රම්බකුලම ප්‍රදේශයේදී විදුලි කණුවක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව වව්නියාව පොලිසිය පැවසීය.

වව්නියාව පොලිසිය පැවසූවේ යතුරුපැදිය පුද්ගලයින් තිදෙනෙකු ගමන් කරන ආකාරය දුටු වව්නියාව රථවාහන පොලිසිය යතුරුපැදිය නවත්වන ලෙසට සංඥා කොට ඇතත්, යතුරුපැදි කරුවන් යතුරුපැදිය නොනවත්වා ගමන් කොට ඇති අතර, එහිදි ‍රථ වාහන පොලිස් නිළධාරීන් යතුරුපැදිය පසුපස හඹා ගොස් ඇති බවටයි.

රථවාහන පොලිසියේ හඹායාම හේතුවෙන් අධික වේගයෙන් යතුරුපැදිකරුවන් පළාගොස් ඇති අතර, එහිදි වේගය පාලනය කර ගැනීමට නොහැකිවි යතුරුපැදිය විදුලි කණුවක ගැටී ඇති බවද පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූවේ අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් තිදෙනාම තුවාල ලබා ඇති අතර, දෙදෙනෙකු බරපතළ තත්වයේ පසුවන බවයි.

තුවාලකරුවන් වව්නියාව මහ‍ රෝහලට ඇතුළත් කොට ඇති අතර, තුවාලකරුවන් වවුනියාව රම්බකුලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22 ත් 25 ත් අතර පසුවන පිරිසක් වන බවද පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

4,596 Viewers
Main News