පොලීසිය රෑට ඉන්නේ බීලා.. අවම බලය පාවිච්චිය යනු හිසට වෙඩා තබා මැරීමද.. පොලිස් නිලධාරින්ට තුවක්කු භාවිතය තහනම් කරන්න..

January 22, 2018 at 6:48 pm | lanka C news
පොලීසිය රෑට ඉන්නේ බීලා.. අවම බලය පාවිච්චිය යනු හිසට වෙඩා තබා මැරීමද.. පොලිස් නිලධාරින්ට තුවක්කු භාවිතය තහනම් කරන්න..

ගිනි අවි පිලිබඳව කාලිනව පුහුණුවක් හා මානසික සුදුසු කමක් නොමැති පොලිස් නිලධාරින්ට ගිනි අවි භාවිතය තහනම් කරන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය ඉල්ලා සිටී.

සංගමයේ සභාපතිවරයාගේ අත්සනින් යුතුව නීතිය, සාමය හා දක්‍ෂින සංවර්ධන ඇමති සාගල රත්නායක මහතා වෙත මේ බව සදහන් කරමින් යොමු කර ඇති ලිපිය මෙසේය.

ගරු සාගල රත්නායක මහතා,
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා,
නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය,
කොළඹ.

ගරු අමාත්‍යතුමණී,

කතරගම ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබීමේ සිද්ධිය
ගිනි අවි පිලිබඳව කාලිනව පුහුණුවක් හා මානසික සුදුසු කමක් නොමැති පොලිස් නිලධාරින්ට ගිනි අවි භාවිතය තහනම් කරන්න

පසුගිය වසරක කාලය තුල වාර්තා වූ සිද්ධින් කීපයකට අනුව පොලිසියේ නිලධාරින් ගිනි අවි භාවිතයෙදි වගකීම් රහිතව කටයුතු කරන බවට අප සංගමයට හා මුලු මහත් සමාජයට නිරීක්ෂණය වී තිබේ. ඇතැම් නිලධාරින් රෝහල් ගතවන්නෙ තමාගේ ගිනි අව්යින් තාමාටම අත් වැරැදිමන් වෙඩි තබාගෙන ය. නැතහොත් ඉලක්කය වැරැදී තවත් නිලධාරියෙකුට වෙඩි තබාය.

කතරගම ප්‍රදේශයේ දී යතුරුපැදිකරුවෙකුට වෙඩි තැබීමේ සිද්ධිය ද මීට කදිම නිදසුනක් වන අතර පොලිසිය විසින් අසරණ වූ පුද්ගලයන් වන යතුරුපැදිකරුවන් ඉදිරියේ නීතිය ක්‍රියාත්මක කිරීමේ ක්‍රියා පටිපාටිය (නැමිල්ල) දැඩිව අප සංගමය හෙලාදකිමූ. මෝටර් රථ පනතේ වැරැදි, අපරාධ ලෙස සලකන්නේ නැති අතර අවම බලය භාවිතා කිරීම යනු අන නොතකා ධාවනය වන යතුරුපැදියකට වෙඩි තැබීම නොවන බව අප අවධාරණය කරමු. තුලනය මත යැපෙන ඉතා පටු ප්‍රවාහන වේදිකාවක් වන යතුරුපැදියකට වෙඩ් තැබීමමෙන් ජීවිත හානියක් සිදුමේ ප්‍රවණතාව හා ඉලක්කය වැරදීමේ ප්‍රවණතාව වැඩි නිසා නිරායුධව යන යතුරුපැදිවලට වෙඩි තැබීම වහාම තහනම් කරන ලෙස අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ශ්‍රී ලංකා පොලිසිය වාහන නැවැත්වීම සඳහා නිසි ක්‍රමවේදයක් ද භාවිතා කරන්නේ නැත. එ සඳහා නියමිත උපකරණද ඔවුන්ට නැත. නැවැත්වීම සඳහා පැත්තක සිට මුහුණට ටෝච් ගැසිමේ ක්‍රමවේදය තිබෙන්නේ මොන ගැසට් නිවේදනයේ ද කියා අපි ඔබෙන් විමසමු.

විදේශ රටවල පොලිසියේ නිලධාරීන්ට ගිනි අවියක් ලබාදීමේ දී ඔවුන්ගේ මානසිකත්වය, ඇස් පෙනීම හා ගිනි අවි පිළිබඳ සතියකට වරක් පුහුණුව හා ඔවුන්ගේ ඉල්ලක්කයේ නිවැරදි තාවය, සතියකට වරක් කරනා හදිස්සි මත්ද්‍රව්‍ය පරීක්ෂණ සැලකිල්ලට ගනු ලබයි. එවන් ක්‍රමවේදයක් ශ්‍රී ලංකා පොලිසිය තුල නොතිබීම හේතුවෙන් ජීවිතයෙන් වන්දිගෙවිමට සිදුව ඇත්තේ ලංකාවේ දුප්පත් අසරණ යතුරුපැදි, ත්‍රීරෝද රථ හා ලොරි රථවල ගමන් ගන්න පුද්ගලයන්ටය. ශ්‍රී ලංකා පොලිසියේ බොහෝ නිලධාරීන් රාත්‍රී කාලයේ සේවය කරන්නෙ බීමත්ව බවට සමාජයෙන් විශාල චෝදනාවක් ද එල්ලවේ. එමනිසා ඉහතකී ක්‍රියාපටිපාටිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙසත් එතෙක් පොලිසියේ පහල නිලධාරීන්ගේ ගිනි අවි භාවිතය සීමා කරන ලෙසත් අපි ඔබෙන් ඉතාමත් ගෞරවයෙන් ඉල්ලා සිටීමු.

මෙයට,
චිරන්ත අමරසිංහ
සභාපති
සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

12,716 Viewers

7 Comments to “පොලීසිය රෑට ඉන්නේ බීලා.. අවම බලය පාවිච්චිය යනු හිසට වෙඩා තබා මැරීමද.. පොලිස් නිලධාරින්ට තුවක්කු භාවිතය තහනම් කරන්න..”

  1. CAT says:

    පොලිස් නිලධාරින්ට රාජකාරි අවස්ථාවලදී මත්පැන් පානය තහනම් කරන්න
    උතුරේ පොලිස් නිලධාරීන්ට පොල්ලක් පමණක් දෙන නිසා ‘පොල්ලේ පොලිස් ‘නම උතුරේ දෙමල ජාතිකයින් භාවිතා කරයි
    නමුත් සිංහලයින් සිටින පළාත් වලට පමණක් ගිනි අවි භාවිතය සිදු කරන්නේ මන්ද ?

  2. daham says:

    night duty karana hugak police officers beela inne kiyana eka prachalitha karunak. ethakota e aya katayuthu karanne neethiya anuwa nemeyi, very mathin.

  3. Sisira says:

    යාපනෙ යතුරුපැදිකරුට වෙඩි තැබූ පොලිස් නිලධාරීන් තවම අධිකරණයේ…. දකුනේ නිසා රාලහාමි මාමාට උසස් වීමක් එක්ක ස්ථාන මාරුවක් ලැබෙයි. අහෝ සිංහල ජාතිය

  4. Police Junta says:

    Well said, this YAMAPALANA POLUCE JUNTA OFFICERS are drunkers who govern by homosex minister, if people wants get save their life we must end this ponna rule

  5. Terrance says:

    Kataragama police ekek mata dawasak nosahenna banna . Api kama hoyanna pyin giya. Ada gahala kunuharapen banna . Hethuwa ahuwahama . Kudewe laginna oneda ahuwa.kunu harapen banala elewwa. Ehema manasikathwayak police samahara ayata thiuenne.mata hithenne meth eminhamada koheda me kollata wedi thiyala thiyene. Police inne samaya rakinnada samaya nathi karannada . Mehema dakune natana police uthure inne ati kehel kapu uguduwo wade..good night

  6. prasanna says:

    sampoorna eththa pagawata arrack aragena bonawa

  7. Sirisena Yatawara says:

    Now govt.has forget their promised of “good governances” and “rule of law”.
    The nation has turn into police state. All disputes are settle by Gun point of orders of Minister of Law and Order. The authority are not concern not care about human life?

Main News