පොලීසිය වෙඩි තබයි.. පුද්ගලයෙකු මිය යයි.. යාපනය උණුසුම්..
June 18, 2018 at 12:04 am | lanka C news
පොලීසිය විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.
මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාපනය තෙලිප්ලායි ප්රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ගිය අවස්ථාවේදීය.
පොලීසිය පවසන්නේ පොලිස් නිලධාරීන්ට එහිදී කඩු ප්රහාරයක් එල්ල වූ නිසා වෙඩි තැබූ බවයි.
පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය කියයි.
ප්රදේශයේ යම් උණුසුම් කාරී තත්වයක් ඇති වූ බවද වාර්තා වෙයි.
11,676 Viewers