පොලොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් බිහි වූ නිසා ලංකාවේ වකුගඩු රෝගීන් අඩුම වුණා..

December 6, 2017 at 2:10 pm | lanka C news
පොලොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් බිහි වූ නිසා ලංකාවේ වකුගඩු රෝගීන් අඩුම වුණා..

ශ්‍රී ලංකා – චීන මිත්‍රත්වය තවත් තහවුරු කරමින් චීන රජයේ මුල්‍යාධාර මත පොළොන්නරුවේ ඉදිකෙරෙන ජාතික වෘක්තවේද රෝහට මුල්ගල් තැබීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ සහභාගීත්වයෙන් පොළොන්නරුවේ දී අද (06) පෙරවරුවේ සිදු කෙරිනි.

මෙම රෝහල ඉදිකිරීමට වැය කිරිමට යොජිත මුදල රුපියල් මිලියන 12000 කි. ඇදන් 200 කින් සමන්විත මෙම රෝහල මහල් 04 කින් යුක්ත වෙයි. ශල්‍යාගාර 06 ක් සහ රුධීර කාන්දුපෙරණ ඒකක 100 කින් යුක්ත මෙම රෝහල කඩිනමින් ඉදිකිරීමට සැළසුම් කොට ඇත.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා –

“ශ්‍රී ලංකාවේ බිහිවන ජාතික වකුගඩු රෝහලට මුල්ගල් තැබීමේ අවස්ථාව ඉතා වැදගත්. වකුගඩු රෝගීන් වෙනුවෙන් මෙවැනි රෝහලක් බිහි වන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කැපවීම මතයි. පසුගිය රජය සමයේ වකුගඩු රෝගය උත්සන්න වුවත් ඒ පිළිබදව සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස වත්මන් ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කළත්, වැඩක් වුයේ නැහැ. මොකද වකුගඩු රෝගය පිළිබදව පසුගිය රජයට වැටහීමක් තිබුනේ නැහැ. වර්තමානයේ උතුරුමැද පළාතට පමණක් නොව, දිස්ත්‍රික්ක 18 ක වකුගඩු රෝගය පැතිර තිබෙනවා. යහපාලන රජය බලයට පත්වන විට රෝගීන් 21,000 ක් ශ්‍රී ලංකාවේ වාර්තා වුනා. 2017 වසරේ දීත් එම සීමාවේම රෝගීන්ගේ සංඛ්‍යාව පවත්වාගෙන යාමට අපට හැකි වුනා. නව වකුගඩු රෝගීන් වාර්තා වීම ඉතාම අඩුයි. වකුගඩු රෝගය පාලනය කිරීම සදහා දැඩි ක්‍රියාමාර්ග ගනු ලැබුවා. ඒ සදහා වූ ප්‍රධානම සාධකය වුයේ වකුගඩු රෝගීන්ගෙන් බහුල පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් ජනාධිපතිවරයෙකු බිහිවීමයි. ලෝකයේ දියුණූ රටවල පවතින යහ පාලනය ශ්‍රී ලංකාවට ගෙනඒමට ජනාධිපතිවරයා කැපවී සිටිනවා. ජනාධිපතිධූරයට පත්වීමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දියාවේ සහ චීනයේ සංචාරයක නිරත වුනා. එම සංචාරයට මමත් සහභාගි වුනා. චීනය සහ ඉන්දියාව අපේ ඓතිහාසික මිතුරන්. චීන සංචාරයේ දී ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ නවීනතම වකුගඩු රෝහලක් ඉදිකර ලබාදෙන ලෙසයි. එම ඉල්ලීම චීන ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා පිළීගනු ලැබුවා. සැළසුම් සකස් කිරීමෙන් පසු චීන රජය රුපියල් මිලියන 12,000 ක සම්පුර්ණ මුදලම ප්‍රදානයක් ලෙස ලබාදීමට එකගත්වය පළ කළා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු චීන රජය මුල්‍ය ප්‍රදාන ලෙස රුපියල් මිලියන 33,000 ක මුදලක් ලබා දී තිබෙනවා. 2018/2020 කාලය තුල තවත් රුපියල් මිලියන 47,000 ක ප්‍රදානයක් ලබාදීමට පොරොන්දු වී තිබෙනවා. පොලී අවම ණය ආධාර රුපියල් මිලියන දෙලක්ෂ විසිහත්දාහක් ලබාදී තිබෙනවා. මෙම වකුගඩු රෝහලට අමතරව චීනය විසින් ආසියාවේ විශාලතම වකුගඩු රෝග පර්යේෂණාගාරය ද පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉදිකිරිමට සැළසුම් කර තිබෙනවා. හදුනා නොගත් වකුගඩු රෝගය ඇතිවීමට බලපෑ හේතුව සෙවිය යුතුයි. විවිධ හේතු කාරණා ඉදිරිපත් වී තිබුන ද ඒ පිළීබද සැකයක් පවතිනවා. නියම හේතුව මෙතෙක් සොයාගෙන නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය ද පරීක්ෂණයක් කළත් අවසන් නිගමනයකට පැමිණියේ නැහැ. හේතු කාරකය රසායනික ද්‍රව්‍ය සම්බන්ධයක් බව දැනට පිළීගෙන තිබෙනවා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා විසින් ග්ලයිෆොසෙට් කෘෂි රසායනය තහනම් කළේ. මෙම කෘෂි රසායනික ද්‍රව්‍ය තහනම් කරන ලෙස පසුගිය රජය සමයේ ද ඉල්ලීම් කළත් එය ඉටුවුයේ නැහැ. ඊට අවනත වූයෙත් නැහැ. මොකද පසුගිය රජය සමාගම පැත්තේ හිටියේ. නමුත් වත්මන් ජනාධිපතිවරයා එම කෘෂි රසායන ද්‍රව්‍ය තහනම් කළා. රෝගීන්ගේ සංඛ්‍යාව අඩුවීමට එය ද එක් හේතුවක්.

පසුගිය කාලයේ දී වසරකට වකුගඩු රෝගීන් 3000 ක් අලුතින් එකතු වුනා. ජනවාරි 08 අපි ප්‍රකාශ කළා වකුගඩු රුධිර කාන්දුකරණ යන්ත්‍ර 1000 ක් දක්වා වැඩි කරනවා කියලා. අපි බලයට පත්වන විට තිබුනේ යන්ත්‍ර 229 ක් පමණයි. 2016 වසරේ දී එම සංඛ්‍යාව 507 දක්වා වැඩි කළා. 2017 වසරේ දී යන්ත්‍ර සංඛ්‍යාව 1000 දක්වා වැඩි කිරීමට පියවර ගෙන තිබෙනවා. ඉන්දීය ආයෝජකයෙක් මගින් තවත් රුධිර කාන්දුකරණ යන්ත්‍ර 900 ක් ලැබෙනවා. එම යන්ත්‍ර සවිකිරීමෙන් පසු රෝගීන් රුධිර කාන්දුකරණය සදහා යොමු කරන්නේ රජය විසින් මුදල් ලබාදීමෙන් අනතුරුවයි. එක් රෝගියෙක් වෙනුවෙන් රුධිර කාන්දුකරණය සදහා රුපියල් 4500 ක මුදලක් රජය වැය කරනවා. දැනට රජයේ රෝහලක රුධිර කාන්දුකරණය සදහා රුපියල් 5900 ක් වැය වන බව ගණන් බලා තිබෙනවා. පෞද්ගලික රෝහලක රුධිර කාන්දුකරණය සදහා රුපියල් 9000 ක මුදලක් ලබාගන්නවා.

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු වකුගඩු බද්ධ කිරිම, අක්මා බද්ධ කිරීම, හෘද බද්ධය, ආරම්භ කරමින් සෞඛ්‍ය ජයග්‍රහණ රැසක් ලබාගත්තා. වකුගඩු රෝග නිවාරණ සහ ප්‍රතිකාර ක්‍රම ද විධිමත් කර තිබෙනවා. වකුගඩු නිවාරණ කටයුතු සදහා නිලධාරීන්ට යාමට වෑන් රථ 28 ක් ලබාදුන්නා. වකුගඩු රෝගීන්ට ගෙවන මුදල වැඩි කළා. ඉදිරියේ දී ජංගම රුධිර කාන්දුකරණ රෝහල් ශ්‍රි ලංකාවට ගෙනඒමට අපි කටයුතු කරනවා. තවද තමන්ටම තමන්ගේ රුධිර කාන්දුකරණය සිදුකළ හැකි යන්ත්‍ර ද ගෙන එනවා. ඒ පිළිබදව ඉදිරියේ දී ජනතාව දැනුවත් කරනවා.

2016 වසරේ දී සෞඛ්‍ය සදහා රුපියල් බිලියන 235 ක මුදලක් වෙන් කළා. මෙම වසරේ දීත් එවැනිම මුදලක් වෙන්කර තිබෙනවා. වත්මන් රජය ජාතික ආරක්ෂාවට පසු වැඩිම මුදලක් වෙන් කරන්නේ අධ්‍යාපනයට සහ සෞඛ්‍යයටයි. නමුත් අපේ රටේ මාධ්‍ය සහ ජනතාව කථා කරන්නේ හාල් සහ අර්තාපල් මිල ඉහළ යාම පමණයි. ලැබුනු සහන පිළිබදව කථා කරන්නේ නැහැ. කිසියම් භාණ්ඩයක මිල වැඩිවීම පිළිබදව කථා කරනවා. නමුත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල සියයට 85 කින් අඩුවීම ගැන කථා කරන්නේ නැහැ.

යහපාලන රජය විවිධ විවේචන වලට ලක් වෙනවා. නමුත් අංග සම්පුර්ණ රජයක් ලෝකයේ කොහේවත් බිහිවෙලා නැහැ. රජයක අඩුපාඩු තිබෙන්න පුලුවන්. නමුත් රජය ගමන් කරන දිශානතිය තමයි වැදගත්. බුද්ධියෙන් තීන්දු තීරණ ගන්න. ජනවාරි 08 ප්‍රාර්ථනා කළ යහපාලනය අඛණ්ඩව පවත්වාගෙන යනවා. හිටපු ජනාධිපතිවරයා හැසිරුණූ ආකාරයත් වත්මන් ජනාධිපතිවරයා හැසිරෙන ආකාරයත් දෙස බලන්න. වත්මන් ජනාධිපතිවරයා ජනතාව වෙනුවෙන් තමයි තීන්දු තීරණ ගනු ලබන්නේ. වකගඩු රෝහල ඉදිකිරීම සදහා මුල්‍ය ප්‍රදාන ලබාදීම වෙනුවෙන් මම චීන රජයට ද ස්තූතිය පුද කරනවා. “

මෙම මුල්ගල් තැබීම වෙනුවෙන් පොළොන්නරුව මහ රෝහල සකස් කළ සමරු කළාපය සහ ලේක්හවුස් ආයතනය මුද්‍රණය කළ ආරෝග්‍යා පුවත්පත ජනාධිපතිවරයාට පිළිගැන්වීම සිදු කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජනක සුගතදාස මහතා විසිනි. එම පිළිගැන්වීම සෞඛ්‍ය අමාත්‍යවරයාට සිදු කළේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසිනි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා, චීන ජනරජයේ ශ්‍රී ලංකා තානාපති ලී සියෑන් ලිං මහතා, සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරු, පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ සම්පත් ඉන්දික කුමාර මහතා, රාජ්‍ය නිලධාරීන් සහ විශාල ජනකායක් එක්ව සිටියහ.

3,272 Viewers

9 Comments to “පොලොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් බිහි වූ නිසා ලංකාවේ වකුගඩු රෝගීන් අඩුම වුණා..”

  1. cw says:

    OMG, Is this a Minister of Health of a country talking?

  2. පැති කූදය” says:

    ජාතියටම සාපයක් වී ඉපෙදුනෙ ඇයි මන්දා
    ගතියටම ගැහෙන බටදාපු මුගෙ හද ස්පන්දා
    නීතියටම රාජපක්‍ෂල බිලිබෑම අදිටන හින්දා
    භීතියටම බිලිව සෝභිත මග ඉක්මන්ද මන්දා

  3. amal says:

    Issella oka hadapanko. matanan oka hadanakam sure ne, mul gal tiwwata.

  4. Sira says:

    Koti Wedi una….
    Duppathkama Pethiruna…
    Ratata Kela una…

  5. SUNIMAL says:

    සිරිසේනගේ ගම ගම්පහා පොලොන්නරුව නොවේ

  6. love nature says:

    සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක්වයේ මළ ගම ලග ලගය.දැන් සිරිසේන කුලප්පු වී ඇත්තේ පෞරාණික පක්ෂයක් වු තමන් නායකත්වය සපයනශ්‍රී ලංකා නිදහස් පක්ෂ බිද වැටි ඇද වැටි ඇති බව තමන් දන්නා නිසාය.මහින්ද යන පාක් පක්ෂයක් සලකුණක් නැතත් මහින්ද නම් වු නායකයාට ජනතා පක්ෂය මනාප බව සිරිසේන දන්නා නිසා දැන් සිරිසේනගේ නායකත්වය පණ අදිමින් සිටි.මන්ද කල ගුණ දන්නා රටක කලගුණ දන්නා මිනිසුන් තවමත් මහින්ද නම් වු බලේවය වටා සත්‍යය දැන් දැන් වැටහි රොද බැද ඇති බව සිරිසේනගේ බුද්ධියට වැටහි ඇති නිසාය.

  7. Free says:

    “පොලොන්නරුවෙන් ජනාධිපති කෙනෙක් බිහි වූ නිසා ලංකාවේ වකුගඩු රෝගීන් අඩුම වුණා..”
    එහෙනම් පළාත් නමයටම ජනාධිපතිල පත් කරල සියළු ලෙඩ රෝග ධූරිභූත කරමුු .
    තියන රෝහල් ඔක්කොම ජනාධිපති නිල නිවෙස් කරමු.
    දැන් ඉන්න සෞඛ්‍ය ඇමති බලු කූඩුවට දාමු.

  8. gajaba says:

    මේ වගේ ගොන් කතා කියන්න සවුක්ය ඇමති කෙනෙක් ඕනද , මි හරකෙක්

  9. Rogiya says:

    Wakudadu rogeen aduma una wagema deluge rogeenuth wadima una neda amathithumo?

Leave a Comment

Main News