පොලොන්නරුවේ සිට රට පාලනය කර වසර පහකින් ගෙදර යන බව කී ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ..

January 11, 2018 at 1:20 pm | lanka C news
පොලොන්නරුවේ සිට රට පාලනය කර වසර පහකින් ගෙදර යන බව කී ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ..

19 වන සංශෝධනයක් ගෙනැවිත් ජනාධිපති ධුර කාලය වසර පහක් තෙක් අඩු කර ගත් වත්මන් ජනාධිපතිවරයා 2021 තෙක් බලයේ සිටිය හැකිදැය් දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මතය විමසන්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම සංශෝධනය සදහා එදා පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 224ක්ම අත ඉස්සූ බවත ඔහු කියයි.

වසර හයක්ව තිබූ නිල කාලය වසර පහක් කරගෙන පොලොන්නරුවේ සිට රට පාලනය කිරීමට පොරොන්දු වූ වත්මන් ජනාධිපතිවරයා දැන් නිල කාලය දිගු කර ගත හැකිදැයි විමසන බවද සදහන් කරයි.

කෙසේ වෙතත් ව්‍යවස්ථාව අනුව 2020 ජනවාරි 08 වැනිදාට තුන් මාසයකට පෙර ජනාධිපතිවරණය ප‍්‍රකාශයට පත් කල යුතු බවත් රඹුක්වැල්ල මහතා කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

9,506 Viewers

5 Comments to “පොලොන්නරුවේ සිට රට පාලනය කර වසර පහකින් ගෙදර යන බව කී ජනාධිපති 2021 දක්වා බලයේ ඉන්නයි හදන්නේ..”

  1. Neville De Alwis(attoney@law) says:

    2015 ජනවාරි 09 දින ජනාධිපති ධූරයට පත්වන විට සීමා රහිත වාරගණනක් ජනාධිපති වීමටත්, ඒ සදහා අසීමිතව ජනාධිපතිවරණවලට තරග කිරීමටත් අවස්ථාව හිමි වන ලෙස නීතිය පැනවී තිබුණි.(18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින්) එම නීතිය 2015 ජනවාරි මස 09 දින වන විටත් 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටත් වලංගුව තිබුණි. ඒ අනුව 2015 ජනවාරි 09 දින ධූරයට පත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අසීමිත වාරගණනක් ජනාධිපති ධූරයට පත් වීමට අවස්ථාව තිබූ පැරණි නීතිය වලංගුතාවයක්ද පැන නගින්නේ යම් හෙයකින්ද එයම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති තුමාටත් නිරායාසයෙන්ම වලංගු වන බව පැහැදිලි නිසා විසදාගත යුතු වැදගත් නීතිමය ප්‍රශ්නයකි.

  2. Jonaa'S Brother says:

    Bothal Siraa kabara kule ballek

  3. Nandasoma says:

    වසර හයක්ව තිබූ නිල කාලය වසර පහක් කරගෙන පොලොන්නරුවේ සිට රට පාලනය කිරීමට පොරොන්දු වූ වත්මන් සරල ජනාධිපතිවරයා දැන් නිල කාලය දිගු කර ගත හැකිදැයි විමසනවා….!

    මොකක්ද මේ විහිලුව…? මොකටද වසර පහකට අඩු කර ගත්තෙ? මිනිස්සු රවට්ටන්න නේද?

  4. Nandasoma says:

    ඒ 19වන සංශෝධනය වර්තමාන ජනාධිපතිට බල පාන්නෙ නැත්නම් , එයාගෙ විධායක බලයත් එලෙසම තියෙනවනෙ….!
    ඒ සේරම අනාගත ජනාධිපති වරුන්ටනෙ වලංගු වෙන්නෙ…!!
    අනික, හිටපු ජනාධිපති වරුන්ටත් ඒකෙ තියෙන වගන්ති වලංගු නැහැනෙ…!!!
    තුන් පාරක් ඉල්ලන්න බැරි අනාගතයේ පත්වන අයට විතරයි නෙ…!!!!

    ජාතික ආණ්ඩුව, වගේ දේවලුත් වලංගු නැහැනෙ….

    එතකොට ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා, විධායක ජනාධිපති ධූරය ක්‍රියාත්මක කළාට එයාටත් ඒ තනතුර දරන්න බැරි වෙන්න ඕනිනෙ..? එකට අඩුම තරමින් ජනමත විචාරණයක් හෝ තිබ්බද..?
    අාසන මට්ටමින් 2/3 අරගෙන ඒ වරම භාවිතා කරල ව්‍යවස්ථාව වෙනස් කරල, ඊලඟ ව්‍යවස්ථා සංශෝධනයට අනුපාත ක්‍රමයට 2/3ක් ගන්න ඕනැ කියල කියන්න පුලුවන් උනේ කොහොමද?

  5. YAMA DUTHA says:

    This is the way, KEPPA SIRA move, It isorry for MR bunch too, as they must lern lession how he cheated 2015 August general election at last minutes wuthout any quality of gental man. Dog is dog, he can not be lion

Main News