පොහොට්ටුවට එරෙහිව මුස්ලිම් ජනතාව කුපිත කරවයි.. බොදු බල සේනාවත් පටලවාගනී..

February 14, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටුවට එරෙහිව මුස්ලිම් ජනතාව කුපිත කරවයි.. බොදු බල සේනාවත් පටලවාගනී..

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ කමිටුව විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

මුස්ලිම් ජනතාව මුලාකිරීමට තවත් උත්සාහයක්

පලාත් පාලන ඡන්දයේදී පොදුජන පෙරමුණ විශිෂ්ඨ ලෙස ජය ගැනීමෙන් පැය 24 ක් ඇතුළත, බොදු බල සේනාව පොදුජන පෙරමුණට පක්‍ෂව ෆේස්බුක් මාධ්‍යය ව්‍යාපාරයක් ගෙනගිය බවට රාවයක් සමාජ ජාලා වල සංසරණය වීමට පටන් ගත්තේය. ඉන්පසු මුස්ලිම් කවුන්සිලයේ එන්.එම්.අමීන් මහතා මහනුවර උගුරැස්සපිටියේ හා අගලවත්තේ වේයන්ගල්ල ප්‍රදේශයේ පොදුජන පෙරමුණට සහයෝගය නොදැක්වූවා යැයි කියා මුස්ලිම් පුද්ගලයන් කිහිප දෙනෙකුට අප පක්‍ෂයේ ක්‍රියාකාරීන් හිරිහැර කල බවට චෝදනා කරමින් ලියූ ලිපියක් මාධ්‍යයේ පල විය. එවැනි හිරිහැර කිරීම් සිදුව ඇත්නම් එය පොලීසියට වාර්තා කොට අවශ්‍ය පියවර ගත යුතුය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර, මුස්ලිම් ප්‍රජාව අපට එරෙහි කරවීමට යොදා ගන්නා ලද විවිධ උපක්‍රම ගැන මහජනතාව හොදින් දනී. ජාතික හෙල උරුමයේ ප්‍රබල ක්‍රියාකාරිකයකු වන අශෝක අබේගුණවර්ධන 2015 ජනවාරී 8 වනදා ආණ්ඩු වෙනස පිළිබඳව “යුග පෙරළිය” නමින් පොතක් ලියා ඉන් පළමු පිටපත 2015 මාර්තු 23 වනදා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පිළිගන්වනු ලැබූ අතර, පසුගිය ජනාධිපතිවරණයට පෙර මුස්ලිම් ජනතාව සම්පූර්ණයෙන්ම අනෙක් පැත්තට යැවීමටයොදන ලද උපක්‍රම එහි විස්තර කොට ඇත. මේ කුමන්ත්‍රණය පසුපස සිටි ප්‍රධාන චරිත මේ පිළිබඳව දුරකථනයෙන් සාකච්ඡා කරන හඞ පටද පසු කලක සමාජ ජාලා ඔස්සේ සංසරණය විය. මේ කුමන්ත්‍රණයටසුදුසු පරිදි මුහුණදීමේදී අපේ ආණ්ඩුවේ දුර්වලතා තිබුණු බව අපි පිළිගනිමු.

2017 දී යහපාලන ආණ්ඩුව ජනතාව අතර ජනප්‍රියත්වයෙන් පිරිහෙද්දී නැවත වතාවක් මුස්ලිම් ව්‍යාපාරික ස්ථාන හා නිවාස වලට ප්‍රහාර එල්ල විය. මේ සිද්දීන් වලට මුල් වූ බවට සැකයට පාත්‍රවී සිටි භික්‍ෂුවකට එක් දිනක් ඇතුළත තුන්වතාවක් ඇප දී සියල්ල යට ගසන ලදී. යහපාලන ආණ්ඩුව මහියංගන ප්‍රදේශීය සභාවේ සාප්පු සංකීර්ණයක කඩ කාමර කුළියට දීමේදී ඇතිවූවා යැයි කියන අක්‍රමිකතා ගැන සොයා බැලීමට ජනාධිපති කොමිසමක් පත්කර තිබුණද ඊට වඩා බෙහෙවින්ම වැදගත් වූ අලුත්ගම සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කොමිසමක් පත් නොකලේ, එයට වගකිවයුතු සියලු දෙනාම අද සිටින්නේ යහපාලන ආණ්ඩුවේ නිසාය.

පසුගිය පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිපල වලින් පෙනී යන කාරණයක් වන්නේ මුස්ලිම් ප්‍රජාව අද වනවිට ඔවුන්ව මුලා කරනු ලැබූ ආකාරය ගැන අවබෝධයෙන් සිටින බවයි. එම නිසා පැරණි කුමන්ත්‍රණ නැවතත් ක්‍රියාත්මක වෙමින් පැවතීම ගැන අපි පුදුම නොවෙමු. ආණ්ඩුව විසින් වහාම අලුත්ගම සිද්ධිය ගැනත්, එයට පෙර වූ සිදුවීම් ගැනත්, 2017 ඇති වූ විවිධ සිද්ධීන් ගැනත්, ගිංතොට කලබලය ගැනත් සොයා බැලීමට විමර්ශණ කොමිසමක් පත්කල යුතුය. ඒ අතරතුර, මෙවන් සිද්ධීන් වලට එරෙහිව මින් ඉදිරියට නීතියේ සම්පූර්ණ බලය යෙදවිය යුතුය.

ඒකාබද්ධ විපක්‍ෂයේ පක්‍ෂ නායකයින්ගේ කමිටුව වෙනුවෙන්,

මහාචාර්ය ජී. එල්. පීරිස්
සභාපති
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ

41,933 Viewers

19 Comments to “පොහොට්ටුවට එරෙහිව මුස්ලිම් ජනතාව කුපිත කරවයි.. බොදු බල සේනාවත් පටලවාගනී..”

  1. ඥාණසාර says:

    අඩොව් ජී ඇල් උබ මටද කින්ඩිය දන්නෙ. බලා ගනින් මම ආයෙ කෝලාහලයක් අවුස්නවා. චම්පික මට සල්ලි දෙනවා වැඩේට.

    • ජනක says:

      බොදුබල සේනාව යනු ඇත්ත වශයෙන්ම බටහිර ජාතීන්ගේ අතකොළුවක් බව දැන් අපි සියලුදෙනාටම තහවුරුවී ආවසානයි . ඔවුන් කටයුතු කරන්නේ රටේ මුස්ලිම් අන්තවාදයක් ඇතිකිරීම සඳහා මිස මුස්ලිම් අන්තවාදය ඇතිවීම වැලැක්වීම වෙනුවෙන් නොවේ .අන්තවාදීන්ගේ බලහත්කාරකම් වලට ලක්වන මුස්ලිම් ජනතාව එයින් ගලවාගත හැක්කේ ඔවුන් ගේ කරදර වටහාගනිමෙන් මිස ඔවුන්ට පහරදීමෙන් නොවේ .වැඩි විස්තර මුසම්මිල් මහතාගෙන් දැනගන්න .

      • Saman Kula says:

        Pohottu Karayo Danaganilla Umbalata Chande Denne SINHALAYO. Boruwata Nikan BBS Ekka Heppila Kelawa Ganna Epa. Thambi Umbalata Dena Chandayak Nehe. Puluwan Tharam Sinhalayanwa Dina Ganna Balapalla Thampi Passe Yanne Nethiwa. UNP Sinhala Chanda target karapalla Thambi Passe Noya. Thambi Passe Giyoth Sinhala Chanda Thama Adu Wenne…Eka therum Ganilla. Umbalata SINHALAYO chanda denne umbala SINHALAYAWA Araksha Karayi Kiyana Wiswaseta….Dan wath eka therum ganilla.

        • Akila says:

          Exactly. Don’t listen to Sarwa Aagamika Leaders like Wasudeva. You must focus on winning Sinhalayas who are with UNP. You must be the liberator for Sinhala Nation. You need only 5% more. It is ok to get support from up country Tamils, but never from Muslims. Try to win Christian Sinhalayas too. You can do this. Narandra Modi did same and he was very successful.

    • Amda says:

      මේ…බොදුබල වැනි සන්විධාන පැත්තකට කර තබනවානම් හොඳයි. ඔය විකාර නිසා තමයි මහින්ද මහතා 2015 පැරදුනේ.

      ධර්ම රාජ්ජ හදන්න ගිය හෙල උරුමය එක්සත් ජාතික පක්ශයෙන් අවසන් වූ හැටි දැක්කානේ… ඉතින් ඔය වැනි දේවල් එක්ක නොපෑහී ඉන්න එක චන්ද පදනමට ගුනයි.

      ඒ අය ඒ අයගේ ඒවා කරපුවාවේ. අපි අපේ ඒවා කරගමු. අහක යන කුනු රෙදි අස්සේ දාගන්නේ නැතුව.
      දෙමල ඩයස්පෝරාවේ ඩොලර් මත යැපෙන ජාතිවාදි සන්විධාන අවශ්‍ය නැත.

    • CORBRA says:

      තම්බිගේ තොප්පිය කරකවන්න එපා ..ලියපන් උබේ මුස්ලිම් නමින් ..ඒක ලියන්න ලජ්ජද ? එච්චර කැතද ? හික්..හික්…

      • ගම් බයියා says:

        චම්පිකගෙ දුර්ලභ ටොයියෙක් කමෙන්ට් එකක් දාල

    • Saman Kula says:

      Pohottu Karayo Danaganilla Umbalata Chande Denne SINHALAYO. Boruwata Nikan BBS Ekka Heppila Kelawa Ganna Epa. Thambi Umbalata Dena Chandayak Nehe. Puluwan Tharam Sinhalayanwa Dina Ganna Balapalla Thampi Passe Yanne Nethiwa. UNP Sinhala Chanda target karapalla Thambi Passe Noya. Thambi Passe Giyoth Sinhala Chanda Thama Adu Wenne…Eka therum Ganilla. Umbalata SINHALAYO chanda denne umbala SINHALAYAWA Araksha Karayi Kiyana Wiswaseta….Dan wath eka therum ganilla.

  2. Saradiel says:

    සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම රට වෙනුවෙන් එක්සත් වී පොහොට්ටුවට රජයක් පිහිට වීමට එකා මෙන් නැගී සිටිය යුතය ඇමෙරිකාවේ

    ජාති කියක් ජිවත් ඉන්නවද ඒ සැමදෙනාම ඇමෙරිකානුවෝ ඇයි අපේ අය එසේ නොසිතන්නේ ජාති වාදී කොටි සහා වහාබි පරාජය කර

    රට ඉදිරියට ගෙන යමු ජය වේවා

    • ධම්මජි says:

      ජාතිවාදය නැති කරන්න ජාතික සමගිය ඇතිකරන්න ජාතිවාදය හා ජාතිවාත්සල්ය අතර වෙනස දන්නා චම්පිකව අගමැති කරන්න .ත්‍රස්තවාදය ගැන අද්‍යනය කර ඇති ඒ ගැන පොත් ලියා ඇති රටට ආදරේ චම්පික රට එක්සේසත් කල හැකි නායකයෙක් .ඔහු ජාති වාදියෙක් නොවේ ඔහු සමස්ත ශ්‍රීලාංකික ජාතිය ලෙස රට දකින තුන්කල් දකින නායකයෙක්

      • ජනක says:

        අනේ මිනිහෝ මොනවද උඹ පචයා ගැන දන්නේ ?එදා ජේවීපී එකේ කොල්ලෝ මරන්න ඔත්තු දීලා හැංගිලා ඉඳලා එලියට බැහැපු දා ඉඳල පච රණවක කලේ දේශප්‍රේමී පිලේ මිනිස්සු බිලි බාගන්න ජාතිවාදය වපුරපු එක .පචයා එදා ඉඳලම රටේ නැති ජාතිවාදයක් ඇතිකරන්න උත්සාහ කළා .ඕකා නිසා එදා අපිත් තේරුමක් නැති මෝඩ ජාතිවාදියෝ උනා .ඕකා ජාතිවාදය උත්සන්න කරලා ඒ මතින් පාර්ලිමේන්තු ආවා ඊටපස්සේ මිනිහා මහින්දලා එලවන්න රටේ ඇතිවෙමින් තිබෙන වහාබි රැල්ල උපයෝගී කරගෙන සියුම්ව කටයතු කලයුතු ප්‍රශනයක් මාංශ පේශි බලයෙන් උඩු දුවවන්න හිමින්සරේ ඥානසාර හිමියන්ට කොන්ත්‍රාත්තුව දුන්නා .
        පචයා තරම් ජාතිවාදියෙක් හිට්ලර් වාදියෙක් මේ රටේම නෑ .මිනිහට බලය ලැබුනොත් එදාට මිනිහා “ශ්‍රී ලංකා හිටලර් කෙනෙක් වෙනවා අනිවාර්යයි මිනිහට දෙවැනි වන්නේ ෆොන්සේකා විතරයි මතක තියාගන්න වඩා නරක හිට්ලර් ෆොන්සේකා නෙවෙයි පචයා .අපි හෙළ උරුමයේ හිටපු නිසයි කියන්නේ .
        ජාතික සමගිය ඇතිකරන්න පචයාව පත්කරනවා කියන විහිලුව සමාන වෙන්නේ යුදෙව්වනට සාමයේ දෑත දිගුකරන්න හිටලර් මහතාට බලය දෙන්න කියනවා වගේ විහිලුවකට

        • vishnu says:

          ධම්මජි චම්පකය digital කරන ගෑනියෙක් වෙන්න බැරිද

  3. SUNIMAL says:

    දුකේ දී, කරදරයක දී, හිරිහැරයක දී සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයා බේදයකින් තොරව එකා මෙන් මේ රජය ගෙදර යැවීමට කටයුතු කල යුතුය.

  4. Love nature says:

    සිංහල, දෙමළ, මුස්ලිම් කෙල්ලො කොල්ලො එකට වැඩකරන්න පටන්ගත්තොත් තමයි ජාතිවාදය පරාජය කළ හැක්කේ

  5. Dr Lakshman Fernando says:

    Professor Peris,

    Please make arrangements to PUBLISH THE SAME LETTER IN TAMIL LANGUAGE, Because most of the Muslim people are referring in TAMIL LANGUAGE.

    • ගුරුළු says:

      Ban Tamil language in Sri lanka ……
      …,All the minority who live in our Country should learn our Mother Tongue
      Then there are no racist problem in this country

  6. Sampath Wijesinghe says:

    එතකොට මාතර මොකද උණේ ?

  7. Suba Anagathayak says:

    ඉතාමත්ම කාලෝචිත මෙම නිවේදනය නිකුත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණටත්, මහාචාර්ය ජී. එල්. ටත් ප්‍රගතිශීලි ජනතාවගේ ප්‍රණාමය හිමිවේ. විගසින්ම එහි වැදගත්කම අවබෝධ කොටගත්, කමෙන්ට් ප්‍රජාවටත් හද පිරි මෙවුවා එක හිමිවේ.

  8. karu says:

    Prof peris,
    Very happy to see that you all have given an indication that you all are different before 2015. These are the things you could have done before 2015. great for learning the lesson. publish this in both languages. Do not side line patriotic muslims and tamils from our national politics. jaya wea

Main News