පොහොට්ටුවෙන් රට පුරා පුංචි ආණ්ඩු කරවන සූත්තරේ බැසිල් හිරු සලකුණේදී රටටම කියයි..

February 13, 2018 at 11:20 am | lanka C news
පොහොට්ටුවෙන් රට පුරා පුංචි ආණ්ඩු කරවන සූත්තරේ බැසිල් හිරු සලකුණේදී රටටම කියයි..

පොදු ජනතාව අති විශිෂ්ට ජයග්‍රහණයක් මෙරටේ ලාබාලම පක්ෂයක් වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ලබාදුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා කෙරෙහි ජනතාව තබා ඇති විශ්වාසය නිසායි, ඒ ජනතා විශ්වාසය ඒ අයුරින්ම ඉටුකිරිමට පක්ෂය ලෙස සියලු දෙනා බැදි සිටින බවත්, ඒ අනුව නිසි වැඩපිළිවෙළක් නිසි මග පෙන්වීමක් මෙන්ම ආචාර ධර්ම පද්ධතියක් යටතේ මහජන නීයෝජිතයින් ගමේ ජනතාවට සේවය කිරිම අපේ පක්ෂයේ අරමුණ බව හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ ප්‍රකාශ කලේය.

හිටපු අමාත්‍යවරයා මෙසේ පැවසූවේ හිරු “සළකුණ” වැඩසටහනට සහභාගි වෙමින් ශ්‍රීලංකා පොදුජන පෙරමුණ පලාත් පාලන මැතිවරණයේ දි ලබා ගත් විශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙනි. මෙහිදී ඔහු වැඩිදුරටත් පැවසුවේ ගමේ නගරයේ සංවර්ධනයට රජයේ නිලධාරින් මෙන්ම පොදු ජනතාවගේ සහයෝගය සහිතව සභාවේ සියලුම පක්ෂ නියෝජනය වන මහජන නියෝජිතයින්ගෙන් සමන්විත කමිටු 4 ක් ඇති කරන බවයි.

එමගින් ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගෙන ගමේ නගරයේ සියලු දෙනා සමඟ පක්ෂ පාට භේදයකින් තොරව අත්වැල් බැදගෙන ගමට අවශ්‍ය සංවර්ධනය මෙන්ම එදිනෙදා පොදු අවස්ථාවන් ඉටු කරන බවයි.

එමෙන්ම එම කටයුතු කිරීමට පක්ෂවල ඉහළ මට්ටමේ එකතුවිමක් අවශ්‍ය නොවන බවත් කිසියම් පක්ෂයක් ජනතාව ප්‍රතිකේෂ්ප කරන්නේ නම් ඔහුනට තම කැමැත්ත අනුව තමන් කැමති පක්ෂයක් තෝරාගැනීමට අයිතියක් තිබිය යුතුය, ඒ සඳහා ප්‍රජාතන්ත්‍රවාදයට අනුව ප්‍රධාන පක්ෂ තිබිය යුතුයි යන්නත් ඒ ජනතා අභිලාෂය අවහිර කිරිම නිසා නව පක්ෂයක් ලෙස ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බිහි වූ බව වර්තමාන පාලකයින් තේරුම් ගත යුතුයි. එමෙන්ම ඒ ජනතා අවස්ථාවය ඉටු කිරිමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛව පොදු විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ නායකයින් පොදු ජනතාව සමග පෙරමුණ ගත් බව මෙහිදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සිහිපත් කලේ ය.

සම්පූර්ණ විඩියෝව මෙතනින්

35,064 Viewers

9 Comments to “පොහොට්ටුවෙන් රට පුරා පුංචි ආණ්ඩු කරවන සූත්තරේ බැසිල් හිරු සලකුණේදී රටටම කියයි..”

  1. හෙළබිම සත්ත says:

    මිහිඳුනි තොපව රැක්කේ හෙළබිම සත්ත…
    සියොලඟ වටා හැමුවේ හෙළබිම සත්ත…
    පරයන් මනස මැරුවේ හෙළබිම සත්ත…
    මියෙනා තුරුම තොප හැම රකිනා සත්ත…

    පවුරක් ලෙසට තොප වට සිටියේ කවුද..
    හිස මත පහරලා පැනලා ගියෙ කවුද..
    කෙල කෝටියක් අවමන් කෙරුවේ කවුද..
    නුවණින් හිත යොමා තේරුම් ගනු රජිඳ..

    හදපිරි වේදනාවන් ඉහිලුවෙ කවුද..
    තොප වේදනා ලද කල හැඬුවේ කවුද..
    අද මල් හිනා අරගෙන උන් පැමිණෙද්ද..
    පස්සට පා පහර දී එලවන්නේ නැද්ද..

    පර වසලයන් නැවතත් ලංකර නොගනූ…
    සතරක් රියන් උන් හට වෙන් කර තබනූ..
    වුණු යම් දොසක් වේ නම් නිවැරදි කරනූ..
    මිහිඳුන් යුගය නැවතත් රට රජ කරනූ..

    —- හෙළබිම සත්ත

    • නාගසිංහ says:

      මම me dan ආණ්ඩුවේ වෙබ්සයිට් එකෙන් නිල චන්ද ප්‍රතිපලය බැලුවා. කොහොමද මෙහෙම වෙන්නේ?
      කළුතර දිස්ත්‍රික්කය, පානදුර
      UNP – 42.8%
      සංධානය – 28.63%
      JVP – 28.57%
      පොහොට්ටුව ඇත්තෙම නෑ

      මිනිස්සුන්ට කොලේ වහලා මැකෝ ජිල්මාට් නිළ චන්ද ප්‍රතිපලයක් ඉදිරිපත් කරලාද?
      වෙබ්සය්ට් එක http://www.election.news.lk

    • "ප්‍රණාමය" says:

      ලෙයින් සොයුර බැම රටටම ඔබ පෙන්වූවා
      ලෙයින් රට විනාශය ඔබෙ ගෝඪා වැලකූවා
      ලෙයින් බැඳි දිනුම චන්ද සිතියමෙ අද දිස්වූවා
      ලෙයින් බැඳි සැම ජාතියම සිරිලක දින්නෙව්වා

  2. SWRD says:

    This is a humiliating defeat of Sirisena who, being the leader of the ruling party, SLFP, was able to secure a very low percentage of the total votes cast. The UNP has been able to maintain at least a decent percentage (26%) although it was nearly washed away in the local government polls.

    What is the moral right and the legitimacy for Sirisena to remain in the position of president?

    The only valid reason for him to hold the portfolio is his shamelessness and sheer greed for power.

  3. බූරුව says:

    ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ඡන්ද 98% පමණම පොහොට්ටුවට ලැබීමට කටයුතු කල ගරු මෛත්‍රී ජනාධිපතිතුමාටත්, පක්ෂ ලේකම් අතිගරු දුමින්ද දිසානායක ශ්‍රීමතාණන්ටත් ස්තුති කරමු.

  4. hari says:

    pls sir do the right thing for people what they expected from slpp .and get new faces who educated .

  5. jay says:

    It is unfare to target only UNP for thedefeat. Worst defeat was for SLFP. Consider yhe results of Hambantota district. SLFP led by anagatha nayakaya brought the party to the lowest level in the history by securing the fourth place behind JVP.

  6. podi gamaya says:

    Dilan pennapu wasa kuppi eyala athara beda gaththanam hondai. kudello wage yahapalanaya hewath jada palanaye ellila inna kattiyat despalnaye anagathayak ne.

Main News