පොහොට්ටුව අද සිට ‘පොදු ජන රල’ සමග රට වටා..

July 13, 2018 at 2:08 am | lanka C news

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ‘පොදු ජන රළ’ සම්මන්ත‍්‍රණ මාලාව අද ආරම්භවීමට නියමිතයි. පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ මැදිරිගිරිය, පොළොන්නරුව සහ මින්නේරිය යන ආසන තුනේත්, අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කලාවැව, කැකිරාව සහ මිහින්තලය යන ආසන තුනේත් හෙට පොදු ජන රළ සම්මන්ත‍්‍රණය සංවිධාන කර ඇත.

බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන මෙම සම්මන්ත‍්‍රණ මාලාව කල්දමා ඇති පළාත් සභා මැතිවරණය දිනාගැනීම මූලික සටන් පාඨය කර ගනිමින් දිවයින පුරා පැවැත්වීමට නියමිතව තිබේ.

අද පෙ.ව. 09.30 ට කලාවැවේ දී ආරම්භ වෙන පොදු ජන රළ සම්මන්ත‍්‍රණයෙ ප‍්‍රධාන ආරාධිතයා ලෙස බැසිල් රාජපක්ෂ මහතා සහභාගි වන අතර මැදිරිගිරිය සහ මින්නේරිය ආසනයන්හි පැවැත්වෙන සම්මන්ත‍්‍රණ ස`දහාද රාජපක්ෂ මහතා ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වීමට නියමිතයි.

ඊට අමතරව බන්දුල ගුණවර්ධන, රෝහිත අබේගුණවර්ධන, අරුන්දික ප‍්‍රනාන්දු, කුමාර වෙල්ගම, ප‍්‍රසන්න රණතුංග, ඉන්දික අනුරුද්ධ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් සහ අජිත් නිවාඞ් කබ්රාල්, ආචාර්ය නාලක ගොඩහේවා යන මහත්වරුන් පොදු ජන රළ සම්මන්ත‍්‍රණයේ කථිකයන් ලෙස සහභාගිවීමට නියමිතව ඇත.

– සංජීව එදිරිමාන්න

882 Viewers

Leave a Comment

Main News