පොහොට්ටුව උතුරේ සෘජු දේශපාලන සබඳතා අරඹයි.. උතුරේ දේශපාලන ක්‍රියාකරීන් පිරිසක් බැසිල් හමුවෙයි..

September 11, 2017 at 8:02 am | lanka C news
පොහොට්ටුව උතුරේ සෘජු දේශපාලන සබඳතා අරඹයි.. උතුරේ දේශපාලන ක්‍රියාකරීන් පිරිසක් බැසිල් හමුවෙයි..

“අපි මෙච්චර කල් සම්බන්ධකම් පැවැත්වුයෙ සහ දේශපාලනය කලේ උතුරේ නායකයොත් එක්ක.නමුත් මෙතැන් සිට සෘජුවම උතුරේ ජනතාව සමග සම්බන්ධ වෙන්න අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට තීරණය කලා අපේ අලුත් පක්ෂෙ ප්‍රතිපත්ති හදන අවස්ථාවෙමයි අපි ඒකමතිකව ඒ තීරණයට ආවෙ…….” යැයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ පවසයි.

බැසිල් රාජපක්ෂ මේ බව අවධාරණය කලේ උතුරු පළාතේ දේශපාලන ක්‍රියාකරීන් පිරිසක් නෙලුම් මාවත කාර්යාලයේදී මුණගැසුණු අවස්ථාවේදීය.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණට සහාය පලකිරීම සදහා පැමිණ සිටි මේ පිරිස අතරට ගොවීන් ,කම්කරුවන් ,ගුරුවරුන් , විදුහල්පතිවරුන්, නීතිඥයින්, වෛද්‍යවරුන් , හිටපු පළාත් පාලන ප්‍රධානී න් සහ ප්‍රාදේශීය දේශපාලන නායකයින් ඇතුලු සියයකට වැඩි පිරිසක් එක්ව සිටියා.ශ්‍රීලංකා පොදුජන පෙරමුණ උතුරු පලාත තුල ව්‍යාප්ත කිරීම සදහා වූ ඉදිරි කටයුතු පිලිබඳ මෙහිදී දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කර ඇත.

උතුරු පලාත තුල ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ සංවිධාන කටයුතු මෙහෙයවීම සදහා අන්තර් කාලීන මෙහෙයුම් කමිටුවක් පත් කර ගැනීම එහිදී සිදුවී ඇති අතර ජාතික ප්‍රශ්නයට විසදුම් යෝජනා කිරීමේ විශේෂ කමිටුවක් ද මෙහිදී පත්කර ගැනීම විශේෂත්වයක් .එම සභාවේ සිටි ජේෂ්ඨ නීතිඥවරුන් 9 දෙනෙකු එහි කමිටු සාමාජිකයන් ලෙස පත්වී තිබේ.

උතුරේ ප්‍රශ්න පිළිබඳ සියලු පාර්ශවයන්ගේ අදහස් ලබාගෙන සියලු දෙනාට එකගවිය හැකි පොදු විසදුමක් යෝජනා කිරීම ඔවුන් වෙත පැවරුණු ප්‍රමුඛ කාර්යයයි.

සාමය උදාකිරීම සහ උතුරේ සිදුකල දැවැන්ත සංවර්ධන කාර්යයන් පිළිබඳව පල කල උතුරු පළාත් නියෝජිත කණ්ඩායම උතුරු වසන්තය වැඩසටහන තුල ඉටු කල සුවිශේෂි කාර්යභාරය වෙනුවෙන් බැසිල් රාජපක්ෂටද කෘතවේදීත්වය පල කරමින් අදහස් දක්වා ඇත.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ උතුරු පළාත් මෙහෙයුම් කාර්යාලය ලගදීම යාපනයේ දී විවෘත කරන බවත් එතැන් සිට උතුරේ ජනතාවට සෘජුවම පක්ෂයේ කටයුතු සදහා මැදිහත් වීමට අවස්ථාව උදාවන බවත් පසුගියදා පැවති මෙම සාකච්ඡාදී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබේ.

– දිමිදු දිසානායක

10,396 Viewers

7 Comments to “පොහොට්ටුව උතුරේ සෘජු දේශපාලන සබඳතා අරඹයි.. උතුරේ දේශපාලන ක්‍රියාකරීන් පිරිසක් බැසිල් හමුවෙයි..”

  1. Pemasiri says:

    This is a good move from the new party. Others are trying to past the label of JATHIWADAYA , while making use of the same thing to the maximum for their cheap bublicity and survival.
    We should deal with our Tamil and Muslim peaple very closely and try and solve their problems to enable living very placent for them.
    We have been doing this for so many years.

  2. sara says:

    කොටි එක්ක එකතු වෙලා කරලා බලපල්ලකො.

    • sira says:

      දක්‍ෂ මානසික වෛද්‍යවරයෙක් මුණ ගැහියං,සල්ලි අපි දෙන්නම්.

      • ප්‍රසාද් says:

        සෑම දෙමළ මිනිහෙක්ම කොටි නෙවෙයි ඒත් UNP එක හරි ශ්‍රි ලංකා එක හරි ඔය දේ කරානම් රාජපක්ෂගේ පාර්ශිකයෝ ඔක්කොම කියන්නේ ඔය කතාව තමයි ඒත් බැසිල් හොරා ඉන්නකම් පොහොට්ටුවට දිනන බැරිවෙයි මොකද බැසිල් හොරා හින්දමයි මහින්ද පැරදුනේ.

    • Pemasiri says:

      Hello Sara….

      Please try to understand that all the Tamils are not Tigers…
      Peaple like you should understand this..

  3. Sadda says:

    Meya thama warthamanaye kala yuthuwa thibena athyawasyama de. Demala jaathawa akarshanaya kara gaeema. Muslim janathawath me akaryenma amathanna one.

  4. Rohitha says:

    No leader since independence has done so much for all Sri Lankans taken together without discrimination (Tamil, Sinhalese, Muslims, Christians, Hindus, Buddhists and others) as the Rajapaksas have, despite actual or perceived shortcomings. Who knows better than ordinary Tamils of the North that the MR government started developing that war devastated region even before the civil war came to a proper end, and that, as a result, the people there today enjoy a decent level of economic social, and general human development? Our future lies in all communities uniting as a single people. This sort of preliminary work towards that end should be encouraged. To hell with y’palana traitors and their stooges.

Main News