පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නෑ.. පොහොට්ටු නායක ජී.එල්. පීරිස්ගේ පිංතූරයවත් පෝස්ටර්වල නෑ..

January 11, 2018 at 4:40 pm | lanka C news
පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නෑ.. පොහොට්ටු නායක ජී.එල්. පීරිස්ගේ පිංතූරයවත් පෝස්ටර්වල නෑ..

ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත බේරුවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාර්ග 10 ක් කාපට් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒ අනුව පයාගල මුංහේන කදුරුගස්මුල්ල මාර්ගය කාපට් කිරීම ආරම්භ වූ අතර, ඒ සදහා වැය කරන මුදල මිලියන 85 කි. එම මාර්ගයේ දුර කිලෝමීටර් 4.20 කි.

තවද 2018 වසරේ දී බේරුවල වේරගල අක්කර 50 මාර්ගය සිට කටුකුරුදුගහලන්ද මාර්ගය, දන්වත්තගොඩ කාලවිල මාර්ගය, යොවුන්ගම මාර්ගය, යටදොල කෘෂිකර්ම හංදිය සිට හල්කදවිල හරහා බෝතලදෙණිය මාර්ගය, පොතුවිල මාර්ගය, ගොරකදූව සුනාමි නිවාස මාර්ගය මේ අනුව කාපටි කිරීමට නියමිතය. මෙම මාර්ග කාපටි කිරීම සදහා වැය කරන සම්පුර්ණ මුදල රුපියල් මිලියන 374 කි.

2019 වසරේ දී තවත් මාර්ග 24 ක් ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත කාපට් කිරීමට නියමිතය. ඒ රොක්ලන්ඩ් පාර, මිහිරිපැන්න පාර, අබ්බලප්පල පාර, ගෝවින්දගම පාර, කාලවිල පාර, ජෙලානි මාවත, සහිරා පාසල් මාවත, මග්ගොන නිල්වදුල පාර, මග්ගොන කුඩාව පාර, හත්වන පටුමග, ශ්‍රී විමලතිස්ස මාවත, මංගල පාර, සමඩ් මාවත, අලුත්ගම්විදීය, පයාගල දුමිරිය පාර, බේරුවල අලුත්ගමවීදිය, කාලවිල පාර, කීරන්තිඩිය පාර, පයාගල දොඩම්ගොඩ පාර, පාදාගොඩ පාර, ශාන්ත වින්සන්ට් පාර, හල්කදවිල පාර, කන්ද පාර, කාංච ගොඩපාර යන මාවත් කාපට් කිරීමට කටයුතු යොදා ඇත.

මෙම ව්‍යාපෘති ආරම්භ කිරීමෙන් පසු අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “බේරුවල ආසනයේ සියලුම මාර්ග සංවර්ධනය කිරිම මේ වනවිට අවසන් වෙමින් තිබෙනවා. වත්මන් රජයේ සංවර්ධන සැළසුම් ක්‍රියාත්මක වන අතර, ඇතැම් සංවර්ධන සැළසුම් ජනතා අයිතියට පත් වෙනවා. බේරුවල ආසනයේ විදුලිබලය, පානීය ජලය නොමැති පුද්ගලයින්ට විදුලිබලය ලබාදීමේ වැඩපිළීවෙළක් ද ක්‍රියාත්මකයි. රජය විසින් නව වැඩපිළීවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ යටතේ විදුලිබලය නොමැති පවුල් වුලට විදුලිබලය ලබාදීමේ දී නිවාස වයරීන් කිරීමට ද රජයෙන් මුදල් ලබාදීමට ද තීරණය කර තිබෙනවා. ඒ වසර 20 ක කාලයක් ගෙවීම සදහායි. එහිදී කිසිදු පොලියක් අය නොකිරීමට ද තීරණය කර තිබෙනවා. දුප්පත් ජනතාව සංවර්ධනය කිරීම සදහා සියලු වරප්‍රසාද රජය විසින් ලබා දෙනවා.

පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නැහැ. එහි නායකයා වන ජී.එල් පීරිස් මහතාගේ පිංතූරයවත් මැතිවරණ ව්‍යාපාරයට යොදාගෙන නැහැ. මෙම පක්ෂය පුදුමාකාර පක්ෂයක්. එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා ඉටුකර ගන්න හදනවා. මම කියන්න කැමැතියි පිපෙන්නේ නැති පොහොට්ටුව පක්ෂය පස්සේ යන්න එපා කියලා.”

මෙම අවස්ථාවට එක්සත් ජාතික පක්ෂයේ බේරුවල සංවිධායක ඉෂ්ඨිකාර් ජමීල් මහතා ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

– ප‍්‍රසන්න අධිකාරී

5,067 Viewers

20 Comments to “පොහොට්ටුව පක්ෂය කවදාවත් පිපෙන්නේ නෑ.. පොහොට්ටු නායක ජී.එල්. පීරිස්ගේ පිංතූරයවත් පෝස්ටර්වල නෑ..”

  1. nima says:

    tho makabewiyan ratatama pililayak..

    • බූරුව says:

      පොහොට්ටුව පිපුනෙ නැත්නං වාසිය උඹලටනෙ. ඉතිං උඹල කියන විදිහට උඹලගෙ නියම ප්‍රතිවාදියා වෙච්චි ශ්‍රීලංකා එක ගැන කතා කරහල්ලකො. පොහොට්ටුව ඉතිං දිනන්නෙ නැත්නං මේ බයවෙලා මොකද?

    • හෙලවෙන-දන්ත says:

      දැක්ක ගමන් ටීවී එකේ මුගෙ මුහුන
      බල්ලා උඩුබුරයි වහනකම් කකියමින
      බල්ලටත් එය පිලිකුලක් නම් මේ මුහුන
      හිතාගනු චන්දදෙන අපට මේ රෞද්‍ර මුහුන

  2. kaira says:

    පොහොට්ටුවේ නායකයාව හොයන්න කලින් හන්සයා පක්ෂයේ නායකයා කවුද කියල හොයල බැලුවනම් හරි.

  3. කොලුවා says:

    පොහොට්ටුව පිපුනත් නැතත් උඹට මොකෝ ? උඹ නිකම් පොහොට්ටුවට හීනෙන් බයවෙලා වගේ මොකෝ ?

  4. Padmini says:

    eka ban mallak nemi pipenna, eka pakshayak dinnanna

  5. rambanda says:

    ඔය කතාවල් ඔක්කොම කියන්නේ පොහොට්ටුවටත් මහින්ද මහත්තයටත් ඇති බය නිසා නොවෙද දත් වෙදෝ

  6. Kaluwaa says:

    I have not seen ‘Hansaya’ originator Shalila Munasinghe’s photo in any of the posters too

  7. Dr Lakshman Fernando says:

    Hello Rajitha, Not Need The Professor G.L.Peris’s Photo On The Posters. You Will Realize WHEN YOU HEAR THE RESULTS OF THE ELECTION

  8. Gadol says:

    මහජනතාව ගමින් එලවා දමපු පින් ගොනා ඇමති

  9. විමල් says:

    නියමයි රාජිත මැතිතුමනි… 10 වෙනිදට පොහොට්ටුව පරවෙනව වෙනවාමයි. මෙදා පාර මහින්ද මුත්තාට එල්ලෙන්න වෙන්නෙ ජනේලෙ නෙවෙයි ලණුවක් බෙල්ලට දාගෙන බාල්කෙ තමයි

    • Jonaa'S Brother says:

      ඔන්න කුණුදතො ඔයාලගෙ ශාන්ත දාන්ත තීන්ත කුප්පිගෙ පච බොතල් සිරා අවුරුදු 5න් යන්නේ නැතුලු, තොපිලා තප්පුලාමින් රානි අලයට ගන්න බලාගෙන හිටියේ, ලැබෙයි එලුවගෙ අරක ඩැහැගන්න හිටපු හිවල් හාමිට වුනා වගේ,
      අනික යකො මේ දඩිමුඩියෙ පාරවල් හදන්න යන්නේ මැතිවරණ නීති කැඩීමක් බව පරාජිතයෝ උඹ දන්නේ නැද්ද, කුනු දත් වල ගඳ දන්නවා මිසක් නීති ගැන මේ වාචාලයා දන්නේ නැහැ.

  10. වාචලයා says:

    වාචාලයෝ උඹ දන්නවාද oya කියන මිනිහා අවුරුදු 30 යුද්දය එවර කරපු ගොනෙක් බව. එක්ක තබ්බා නම් තෝ හොද්දකරේ.

  11. FREE says:

    පොහොට්ටුව වෙලාවට පිපෙයි බං.උඹ මල පන්න ගන්නෙ නැතුව ඉඳිංකො.

  12. මයිතුනයා says:

    එතකොට ඔහේගෙ බාල පුතා මල පිපෙන්න කලින් පොහොට්ටුවක් කඩා ගෙන ආව නේද​?ඒක පිපුනද​?

  13. Wijebahu says:

    Iwarakeruwanam gedarata wela inna epai. Kadara Kamata balaya passé elawanne nathuwa.

  14. Karu says:

    එතකොට යූ.ඇන්.පී සභාපතිටත් මේ කෙනහිරි කම හැමදාම කරනව නෙව?

  15. Sam says:

    Pohottuwa kiyanne pohottuwatane malak nemeine.ithin ekaka pipunoth pohottuwa kiyana eka nethiwena.ubala balan hitiyata eka wenne name.habai nelum Julian wage pohottuwat estate abaranaya welasana ihalinma wejabenawa me rate. Eka mahindage weak. Eka Mathias this again datho.

  16. Kings says:

    හැමදාම රෑට හීනෙන් පොහොට්‍ටු දැකල බයවෙල කෑගහනවලු. ඒකයි මීටින් වලත් කියවන්නෙ. බලය අරගෙන අවුරුදු 03 ක් ගියාට පස්සෙ තමයි මතක් වෙන්නෙ පාරවල් කාපට් කරන්න. අද කාලෙ ඡන්ද දායකයො මෝඩයො නෙමෙයි.

  17. Perakadoru Bena says:

    GL Peerisge pinthuure nam ane danta epa. Labena chandawalin bagayak withra adu wenta puluwani.

Leave a Comment

Main News