‘පොහොට්ටුව’ ලකුණින් මහ මැතිවරණයට.. යෝජනාව සම්මතයි..

December 1, 2018 at 6:48 pm | lanka C news
‘පොහොට්ටුව’ ලකුණින් මහ මැතිවරණයට.. යෝජනාව සම්මතයි..

රටේ පවතින දේශපාලන අර්බුදය විසදීම සදහා කඩිනම් මහ මැතිවරණයක් ලබා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමේ යෝජනාවක් ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් බල මණ්ඩලයේදී ඒකමතිකව සම්මත වෙයි.

රැස්වීම අද (01) ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ගම්පහ දිස්ත‍්‍රික් නායක ප‍්‍රසන්න රණතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් උඩුගම්පල පිහිටි ඒ මහතාගේ නිවසේදී පැවැත්විණ.

මෙම රැස්වීම සදහා ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කරන ගම්පහ දිස්ත‍්‍රික්කයේ සියලූම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු, පළාත් සභා මන්ත‍්‍රීවරු හා පළාත් පාලන ආයතන ප‍්‍රධානීන් සහභාගී වූහ.

මේ වන විට රට තුළ මතුව ඇති දේශපාලන අර්බුදය නිමා කිරීම සදහා එකම මග කඩිනම් මහ මැතිවරණයක් පැවැත්වීම බව පෙන්වා දුන් දිස්ත‍්‍රික් නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රසන්න රණතුංග මහතා අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ ඇති වී ඇති තත්ත්වයට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කරුණාරත්න ජයසූරිය මන්ත‍්‍රීවරයා බවයි. ඔහු කථානායක ධූරයේ සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ අවශ්‍යතාවය ඉටු කිරීමට කටයුතු කිරීම පිළිකුලෙන් හෙළා දැකිය යුතු යැයි ද මන්ත‍්‍රීවරයා යෝජනා කළේය.

මෙම යෝජනාව ඒකමතිකව සම්මත විය. ඉන් අනතුරුව පැවති ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කල වර්තමානයේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂවල ගම්පහ දිස්ත‍්‍රික් නායකයන්ගේ සාකච්ඡවේදී ඉදිරි ඕනෑම මැතිවරණයක් සදහා පොහොට්ටුව ලකුණින් තරග කල යුතු බවට වූ යෝජනාවක් ද සම්මත කෙරිණි.

පොහොට්ටුවෙන් මැතිවරණය සදහා තරග කල යුතු බවට එන යෝජනාව ආණ්ඩුව නියෝජනය කරනු ලබව පක්ෂ නායකයන් වෙත ඉදිරිපත් කිරීමට ද මෙහිදී තිරණය විය.

– ප‍්‍රදීප් අනුර කුමාර

36,792 Viewers

8 Comments to “‘පොහොට්ටුව’ ලකුණින් මහ මැතිවරණයට.. යෝජනාව සම්මතයි..”

  1. Donald Isuru Wilegoda says:

    SLPP is the most powerful party in Sri Lanka. It will win the next elections with a two thirds majority. It may even get the biggest election victory ever.

  2. අංකූරා says:

    ඉදිරි මැතිවරණයේදී ප්‍රමුඛතාවය දිය යුත්තේ ජනතාව දැනුවත් කිරීමටය. මඩ හැකිතාක් අඩු කිරීම සුදුසුය. තාම ජාතික ප්‍රතිපත්ති නොමැති බව නිසා ජනතාවගේ දේශපාලනික දැනුවත්භාවය රටේ පැවැත්මට අතිශයෙන් වැදගත් වේ.

  3. weerasira says:

    බලය සදහා කෑදර දූෂිත කල්ලි දෙකක් එකිනෙකාගේ බෙලි කාගන්නා තැනට අර්බූදය වර්ධනය වෙමින් පවතී. බත්පැකට් එකට බස්වල නග්ගාගෙන ඊනියා ජනබලය පෙන්වන මේ දෙපිරිසට ම ජනතාව විසින් ප්‍රතික්ෂේප කළ යුතුය.

  4. dasun says:

    Very good decision. Never trust MY3 and SLFP.

  5. Madu says:

    Maara neethiyakne mungeee….kathaanaayaka kohida waga kiyanna oneee…okkima kale ara pisssu hutan ponna siraane….uuu epayi waga kiyanna

  6. ධජය සිංහ says:

    අත උලා මම පොහොට්ටුවෙන් මල් නෙලා
    පත බෙදා සැම ජය පැන්ද දී දමා මල් මාලා
    සිත බදා සැම ජාතියෙ දියුනු හඞ නං වාලා
    මතු සිතා එක්වව් ධජය සිංහ යට ජය පාලා

  7. පොඩි බයියා says:

    අයියෝ සිරිසේන ඹබට මේ කුමක් වූයේද.

  8. Hari says:

    MAYATH MY3 WAGE MONGAL WELA POHOTU WEN ISTHERAI SANDANAYA ISTHERAI MONGAL WADA

Main News