පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි..

April 15, 2017 at 8:02 am | lanka C news
පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභා පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය ඇමැති සැරසෙයි..

පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාව ස්ථාපිත කිරීමෙි පනත සංශෝධනය කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා තීරණය කර ඇත. ඒ සදහා ත්‍රීපුද්ගල කමිටුවක් පත් කළ අතර, එම කමිටු වාර්තාව මසක් ඇතුලත සෞඛ්‍ය අමාත්‍යවරයාට ලබාදීමට නියමිතය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට පෞද්ගලික රෝහල් නියාමන අධ්‍යක්ෂිකාව සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීති අධ්‍යක්ෂිකාව ඇතුලත් වෙයි.

බ්‍රිතාන්‍ය රජය විසින් සකස් කර ඇති පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන සභාවෙි වාර්තා සැළකිල්ලට ගනිමින් මෙම පනත සංශෝධනය කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි.

රජයේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ නිලධාරීන්ගේ සංගමයේ සාකචිඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙි බව ප්‍රකාශ කළේය. මෙහිදී එම සංගමය මුහුණ දී ඇති ගැටළු පිළිබදව සාකචිඡා කළ අතර, ඔවුන්ට හිමි නිදර්ශක දීමනාව රුපියල් 50 දක්වා වැඩි කිරීමට අවධානය යොමු කළ අතර, ඒ පිළිබදව මුදල් අමාත්‍යාංශය සමග සාකචිඡා කිරීමට තීරණය කෙරුනි.

රසායනාගාර කාර්මික විද්‍යාඥයින්ට කොළඹ විශ්ව විද්‍යාලයේ කළමණාකරණ පීඨයේ පුහුණූ පාඨමාලා ඇති කිරීම පිළිබදව ද සාකචිඡා විය. ඒ සදහා වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබාදෙන ලදි.

මාධ්‍ය ඒකකය
සෞඛ්‍ය අමාත්‍යංශය

2,396 Viewers
Main News