ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදෙස් තානාපතිවරුන් නිරුවතින්..

January 10, 2019 at 3:26 am | lanka C news
ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදෙස් තානාපතිවරුන් නිරුවතින්..

පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය.

පසුගිය නොවැම්බර් මාසයේ එජාප මන්ත්‍රිවරු තුන්දෙනෙක් අපේ ආණ්ඩුවේ ඇමතිවරුන් විධියට දිවුරුම් දුන්නා විතරයි ප්‍රජාතන්ත්‍රවාදයේ ඊනියා ආරක්ෂකයින් විරෝධතා පුවරු ඔසවා ගෙන සටන් පාඨ කියමින් පාරට බැස්සා.  “අපේ ඡන්දය වෙන්දේසි කරන්න එපා“ කියලා කෑ ගැහුව්වා.  දැන් ඔන්න ශ්‍රිලනිප මන්ත්‍රිවරුන් හයක් එජාපයට එකතු වෙලා.  තවත් 21ක් එනවා කියලා සුමන්තිරන් මන්ත්‍රිතුමා කියනවා.  ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ දැන් කෝ?

ජනතාව දුන්නු ඡන්දය විකුණනවා එක නරක වැඩක් නම් ඒක කොයි පැත්තට පැන්නත් නරක වැඩක් වෙන්න ඕනෑ.    මන්ත්‍රිවරුන් එජාපයෙන් සංධානයට යන විට ඒක නීති විරෝධි ප්‍රජාතන්ත්‍ර විරෝධි වැඩක්.  හැබැයි සංධානයෙන් එජාපයට යන විට ඒක නීති ගරුක ප්‍රජාතන්ත්‍රවාදි ෂෝක් වැඩක්.  එහෙම වෙන්න පුළුවන් ද? එක පැත්තකට යන විට හරි වෙන්නත් අනිත් පැත්තට යන විට වැරදි වෙන්නත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ වන් වේ පාරක් ද?  එහෙමත් නැතිනම් මේ අය කට අරින්නේ ඩොලර් මල්ලක් විසි කලොත් විතරක් ද?

ඔය නන්නාඳුනන ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයින් අමතක කරමු.  මන්ත්‍රිවරුන් සංධානයට එකතු වන විට ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි කියා ප්‍රකාශ නිකුත් කරපු තානාපතිලා නිහඬ ඇයි?  මාධ්‍ය නිහඬ ඇයි?  රාජ්‍ය නොවන සංවිධාන නිහඬ ඇයි?  සුමන්තිරන්ගේ ප්‍රකාශය හෙලා දැකලා ප්‍රකාශයක් නිකුත් නොකරන්නේ ඇයි?  මේ කලබගෑනි මැද ඊනියා ප්‍රජාතන්ත්‍රවාදින් නිරුවත් වෙලා බවයි අපට නම් පේන්නේ.

– අරවින්ද අතුකෝරල

 

18,836 Viewers

4 Comments to “ප‍්‍රජාතන්ත‍්‍රවාදී විදෙස් තානාපතිවරුන් නිරුවතින්..”

  1. Nagasinha says:

    යහ පාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, අරක මේක………
    ඕව නිකම් මෝඩ මිනිස්සු අන්දන්න භාවිතා කරන වචන විතරයි.
    යටින් යන්නේ වෙනම ගේමක්. මහ බැංකු සීන් එකම ඇති මොලයක් තියන එකෙකුට ගේම අවබෝධ කරගන්න.

  2. Rathgama MC says:

    නඩු වලින් බේරෙන්නයි,ඇමතිකම් ගන්නයි බහුතරයක් නැතිව මහින්ද මහත්තය අගමැති කිරීම,සල්ලිවලටවත් මන්ත්රීවරු බිලි බා ගන්න බැරුව මැති සබේ විසුරුවිම,මුළු රටම අරාජික කිරීම,පසුව අධිකරණය විසින් මේ මුළු මහත් ක්රියාදාමයම ව්යවස්ථා විරෝධී බව තීන්දු කිරීම අනුව, දැන් මේ රටේ ජනතාව පමණක් නොවෙයි මුළු ලෝකයම දන්නවා උබල ප්රජාතන්ත්රවාදයට එරෙහිව ක්රියා කල බව.
    දැන් ඉතින් උබල මැයි පෙළපාලියේ,ජනබල පෙළපාලිවල “පොළොන්නරුවේ කලවැද්දා රනිල් එක්ක නිදිවැද්ද කිවුව ,සිරිසේන….. කෝ මේ සිරිසේන.. අපි එයාර් පෝට් වහන්නේ නැහැ සිරිසේන.. 9 වෙනිදට දෙකෙන් ඕන එහෙකින් තොලොන්චිවෙලා යන තැනකට පලයන් කිවුව සිරිසේන කියල කිවුව ” සිරිසේන,සිරිසේන එක්ක උබල ගැහුව ගිවිසුමට අනුව, 2020 පොහොට්ටු – ශ්රීලනිප සන්ධානයේ ජනපති අපේක්ෂකය කරල, සිරිසේනගේ ජනපතිවරණ රැලි වල වේදිකාවට නැගපල්ල, යට ඇඳුම එක්ක පමණක්, සිරිසේනට චන්දය දෙන්න කියන්න.

    • henepola seewaka thero says:

      අනේ පලයන් බූරුවා යන්ඩ! ජඩපාලනයට කඩේ යනවට උඹට සිරිකොතෙනුයි, මහබැංකු බැඳුම්කර හොරුයි කීයක් ගෙවනවද?

      උඹ හිතන්නෙ මේ රටේ මිනිස්සු පහුගිය දවස්වල පාර්ලිමේන්තුවේ සිදුවු දේවල් ගැන නීති අංශවලින් ලැබුන අර්ථ කථන සාධාරනයි කියල විශ්වාස කරයි කියලද?

      ඒබරන් හරහා ඩයස්පෝරාව එවූ කෝටි ගනන් මුදල්, එම තීන්දු අද්භූත ආකාරයට වෙනස් කරන්නට හේතුවුන බව පහේ පන්තියේ ලමයෙක් වුනත් දන්නව.

    • හොඳ හාල්පාරුවෙක් කියල කතා වෙන් පේනවා..මතක තියාගන් 77 ඉදල මේ රට විනාශ කලෙ unp eka කියල …ජාතිවාදය .කොටි සටන රට පවා දීම රට විකිණීමේ ඉඳල බැංකුකොල්ලය දක්වා එය යනවා නුඹ කඩේ යන්නේ එයටද ..එසේනම් thawath එක හරකෙකු පමණි …

Leave a Comment

Main News