ප‍්‍රබල ඇමති ලේකම්ට මස් හොදි හට්ටියෙන් ගහයි…

December 21, 2018 at 12:02 am | lanka C news
ප‍්‍රබල ඇමති ලේකම්ට මස් හොදි හට්ටියෙන් ගහයි…

මාතර ආසනයේ එජාල පාක්ෂිකයන් ගෝල්ෆේස් රැලියට රැගෙන යන අතරතුර දිවා ආහාරය ලබා දී ඇත්තේ බිම්භාරාමය විහාරයේදීය.

එම ස්ථානයේ දී එක් පාක්ෂිකයෙකු විසින් මස් හොදි හට්ටියත් උස්සා ප‍්‍රබල ඇමතිවරයෙකුගේ සමිබන්ධීකරණ ලේකම්වරයෙකු යයි කියන පුද්ගලයෙකුට පහර දී ඇත.

ඔහුගේ ඇදුම් පැලදුම්ද මස් මොච්චෙක් නැහැවී ගොස් තිබියදී පහර දුන් පුද්ගලයාට පහරදීමට ගෝලයින් දෙපොලක් ඉදිරිපත්වූ නමුත් පාක්ෂිකයන් පහරදුන් පුද්ගලයාගේ පැත්ත ගැකීමෙන් එය වැලකී ගොස් ඇත.

ආරවුල්ට මුල් වී ඇත්තේ අදාල ලේකම්වරයා බුෆේ ක‍්‍රමයට වෙනම කෑම ගැනීමට යාමත් සියලුම පාක්ෂිකයන්ට කෑම නොමැති වීමත්ය.

‘රස්සා විකුණන් කාලා පගා ගහලා අපි විනාස කරපු හැත්ත’ යයි කියමින් මාතර උයන්වත්තේ පාක්ෂිකයෙකු මෙම පහර දීම කර ඇත.

49,432 Viewers

4 Comments to “ප‍්‍රබල ඇමති ලේකම්ට මස් හොදි හට්ටියෙන් ගහයි…”

  1. ආමේ සංහිඳියාවට යනගමන් නේ මස් හොද්දත් සූකර මාටින් වංඳගෙන ගියානම් පොන්සිඞන්ලාට ෆුල් ගැම්මක් දෙන්න තිබුනානේ නානා වගේ?????????

  2. සෑහෙන දවසක් දඟලලා ගෝල්ෆේස් රැලියට අදාල සිදුවීමක් හොයාගෙන. ඔය මස් හොදි ඇතිලිය බිම්බාරාමෙට එවල තියෙන්නෙ ඒ පලාතේ පොදුපෙරමුණු මන්ත්‍රී, හිතාමතා මිනිස්සු ලෙඩකරවලා සතුටු වෙන්න. ඒ නිසයි ලේකම් ඒක නොකා හැමෝටම බුෆේ එකට එන්නකීවෙ. එතකොට ඒක නොකයි කියන බයට තමයි මන්ත්‍රී එවපු ගෝලයො රන්ඩුව ගියේ.අන්තිමට මස් ඇතිලිය අහක ගිය නිසා මිනිස්සු බේරුනා.

    • අලුගුත්තේරුවා says:

      පව් ඕයි! පොදු පෙරමුණ බුවාගෙ පැත්ත තමයි අනෙක් එජාපාක්ෂිකයෝ අරන් තියෙන්නෙ!! පේනවා නේද හූඇම්පියෙ පිරිහීම

      • හින්බබා says:

        උයන්වත්තේ පාක්ෂිකයාට අපේ ස්තුතිය ..මෙවැනි දේශද්‍රෝහින්ව දුටු තැන එළවා දැමිය යුතුයි හූඇම්පියෙ හොදම වැඩේ

Main News