ප‍්‍රබල ක‍්‍රීඩකයෙකුගේ කාමරයේ සිගරට් කොට 40ක්.. අවසන් මහ තරගයට පෙරදා හතර දෙනෙක් මාරු කරලා..

July 17, 2017 at 10:00 am | lanka C news
ප‍්‍රබල ක‍්‍රීඩකයෙකුගේ කාමරයේ සිගරට් කොට 40ක්.. අවසන් මහ තරගයට පෙරදා හතර දෙනෙක් මාරු කරලා..

2011 වසරේදී පැවති ලෝක කුසලාන ක්‍රිකට් අවසන් මහ තරගයට පෙර දිනියේ සැක සහිත සිදුවීම් කිහිපයක් වූ බව එවකට ක්‍රීඩා ඇමති ලෙස කටයුතු කල මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

තේරීම් කමිටුව හෝ බලධාරීක් කිසිවෙකු නොදැන තරගයට පෙර දිනයේ කණ්ඩායමේ ක‍්‍රීඩකයින් හතර දෙනෙකු වෙනස් කර තිබූ බව සදහන් කරන හිටපු ඇමතිවරයා ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයකුගේ කාමරයේ දුම්වැලි හතලිස් ගණනක් පානය කර තිබූ බවද සදහන් කරයි.

නෙත් ගුවන් විදුලිය සමගින් අලුත්ගමගේ මහතා පල කල අදහස් මෙතනින්

42,782 Viewers

7 Comments to “ප‍්‍රබල ක‍්‍රීඩකයෙකුගේ කාමරයේ සිගරට් කොට 40ක්.. අවසන් මහ තරගයට පෙරදා හතර දෙනෙක් මාරු කරලා..”

  1. Supun says:

    අවසන් පූර්ව තරඟෙ ක්‍රීඩා කරපු මැතිව්ස් injured වුනා. චාමර සිල්වා අවසන් පූර්ව තරඟෙ bat කරද්ද්දි හොඳටම හිර වුනා ,තව අජන්ත මෙන්ඩිස්ට ඒ වෙද්දී ඉන්දින් කාරයො එලව එලව ගහනවා.. ඉතින් අවසන් පූර්ව තරඟෙ New Zealand එක්ක ගහපු කණ්ඩායමේ වෙනස් කම් කරන්න සිද්ද වෙන එක පුදුමයක් නෙමෙයි.අනිත් එක දඟ පන්දු වලට මුහුන දෙන්න දුර්වල New Zealand කණ්ඩායම එක්ක ගහපු කණ්ඩායම දඟ පන්දු වලට හොඳින් මුහුණ දෙන ඉන්දිය කණ්ඩායම එක්ක ගස්සවන්නෙ මොන මෝඩයද?අවසන් තරඟෙදී වැඩිම ලකුණු ගැහුවේ මහේල සහ සoඟා. මහේලගේ ඒ විශිෂිඨ ශතකෙ නැත්නම් අපි ලකුණු 200 කට විතර Allout වෙන්න තිබ්බා.මාලිoග wickets දෙකක් ගත්තා මුලදිම.. කුලේට ගම්බීර්ගෙ catch එක අල්ල ගන්න පුලුවන් වුනා නම් අපි දිනනවා..එහෙනම් මහේල තමයි අවසන් තරඟේ වීරයා

    • අපේ ක්‍රිකට් says:

      සැක සහිතයි කියල කියන ඕන බොරුවක් විශ්වාස කරන්නෙ මෝඩයො. ජනාධිපතිවරණයට කලින් දවසේ සැක සහිත කුමන්ත්‍රණයක් කරන්න ගියා කියලත් ලොකු බොරුවක් අරන් ගියානෙ කිසිම පදනමක් නැතුව. ජනප්‍රිය වෙන්න ඔය වගේ කටට එන බොරු කියනවා සමහරු. New Zealand එක්ක අවසන් පූර්ව තරඟෙ ක්‍රීඩා කරපු Mathews injured වුනු නිසා කණ්ඩායමේ balance එක තියා ගන්න වෙනස් කම් කීපයක් කරන්න වුනා තව New Zealand කණ්ඩායම දඟ පන්දු යවන්නන් ඉදිරියේ ඉතා දුර්වල ලෙස ක්‍රීඩා කලත් Indian කණ්ඩායම දඟ පන්දු යවන්නන්ට ඉතා හොඳින් මුහුණ නිසා ඒ තත්වයන්ට සුදුසු විදියට කණ්ඩායම වෙනස් කරන්න වුනා කියලා තේරීම් කමිටුවේ ප්‍රධානියා වුනු අරවින්ද විස්තර කරනවා මම අහල තියෙනවා ඒ කාලෙ.. අවසන් තරඟයේදී හොඳටම bat කලේ මහේල සහ සoඟා. හොඳටම bowl කලේ මාලිoග. එහෙනම් ඔය සැකේ තියෙන්න ඕන වෙන කවුරු හරි ගැන වෙන්න ඕන. මොකද ඒ කාලෙ සෑහෙන්න ජේෂ්ඨ ක්‍රීඩකයො හිටියනේ අපේ කණ්ඩායමේ

      • නාකියා says:

        තමන්ට චෝදනා තියෙන උන් තමයි අනිත් උන්ට මඩ ගහල තමන්ට තියෙන චොදනා වහ ගන්න හදන්නෙ.

  2. Lasith says:

    තේරීම් කමිටුව එක්ක සාකච්චා කරල අවසන් පූර්ව තරඟෙ කණ්ඩායම වෙනස් කලේ මොකද කියල තේරීම් කමිටුවේ සභාපති වෙච්ච අරවින්ද ඕන තරම් කියනවා මම අහල තියෙනවා. මැතිව්ස් ආබාධයකට ලක් වුනු නිසා ඒ වෙනුවට තිසර ක්‍රීඩා කලා. තිසර කොහොමත් ඒ කාලෙ ඉන්දියා එක්ක හොඳට සෙල්ලම් කරනවා. චාමර සිල්වා අවසන් පූර්ව තරඟෙද්දී bat කරද්දී හොඳටම pressure එකට අහු වුනු නිසා ඒ වෙනුවට කපුගෙදර සෙල්ලම් කලා. ඒ වෙද්දී අජන්ත මෙන්ඩිස්ට ඉන්දියාව දිගට හරහට ගහන නිසා ඉන්දියන් තරඟ වලට ඒ වෙද්දිත් මෙන්ඩිස් ගහන්නේ නැහැ. ඒ නිසා ඒ වෙනුවට රන්දීව් සෙල්ලම් කලා. final එක තිබ්බේ Wandake ක්‍රීඩා පිටියේ.. පලවෙනි වටයෙදි අපි Wandake ක්‍රීඩා පිටියේ තිබ්බ තරඟෙදී කුලසේකර සෑහෙන්න හොඳට පන්දු යැව්වා. ඉතින් වසන් පූර්ව තරඟයට සෙල්ලම් නොකරපු කුලසේකර අවසන් තරඟයට ක්‍රීඩා කලා දඟ පන්දු යවන්නෙක් වෙනුවට මොකද ඉන්දියාව spinners ලට කොහොමත් හොඳට ගහනවා.. කුලසේකර Gambir ගෙ catch එක අල්ලගෙන අපි match එක දිනුව නම් ඔය කතා එකක් වත් නැහැ. දැන් රටේ නැති බොරු එක එක විදියට කියලා කට්ටිය පොරවල් වෙන්න හදනවා

  3. කසුන් says:

    2011 ලෝක කුසලානෙ අවසන් තරඟේ toss එකේ දිනුමත් ඉන්දියාව ගන්න යද්දී සoඟා කතා කරල තමයි අපි ආපහු toss එක දිනුවෙ. ඊට පස්සෙ මුල් විකට් දෙක මුලින්ම ගියාම සoඟා මහේල එක්තු වෙලා ලකුණු 120 ගානක් යනකන් අරන් ගියේ. අපේ 180 ගානකට විකට් 5ක් ගිහින් තියෙද්දී මහේලගෙ විශිෂ්ථ ඉනිම නිසා තමයි අපි 274ක් ගැහුවේ. නැත්නම් අපි ලකුණු 225 ක් වත් ගහන්නේ නැහැ ..ඊට පස්සෙ මාලිoග මුල් විකට් දෙක අරන් දුන්නා.. ඒත් අවාසනාවට අපි තරඟෙ පැරදුනා.. අපි දිනුව නම් අද කුණු කතා කියන කට්ටියම ජයග්‍රහනේ credit එක තමන්ට එක ගන්න දඟලන හැටි බලා ගන්න තිබ්බා.. 2014 T20 world cup final එකේ සoඟා අවසන් තරඟේ වීරයා වෙලා ඉන්දියාව පරද්දපු වෙලාවේ අපි ඒක දැක්කා.. ජයග්‍රහනයට පියවරු 1000ක් හිටියත් පරාජය අවජාතකයි කියල කතාවක් තියෙනවනෙ

  4. Mr. Cricket says:

    සැක සහිතයි කියල කියන ඕන බොරුවක් විශ්වාස කරන්නෙ මෝඩයො. දැන් ජනාධිපතිවරණයට කලින් දවසේ සැක සහිත කුමන්ත්‍රණයක් කරන්න ගියා කියලත් ලොකු බොරුවක් අරන් ගියානෙ කිසිම පදනමක් නැතුව. තමන් ජනප්‍රිය වෙන්න ඔය වගේ කටට එන බොරු කියනවා සමහරු. New Zealand එක්ක අවසන් පූර්ව තරඟෙ ක්‍රීඩා කරපු Mathews injured වුනු නිසා කණ්ඩායමේ balance එක තියා ගන්න වෙනස් කම් කීපයක් කරන්න වුනා තව New Zealand කණ්ඩායම දඟ පන්දු යවන්නන් ඉදිරියේ ඉතා දුර්වල ලෙස ක්‍රීඩා කලත් Indian කණ්ඩායම දඟ පන්දු යවන්නන්ට ඉතා හොඳින් මුහුණ නිසා ඒ තත්වයන්ට සුදුසු විදියට කණ්ඩායම වෙනස් කරන්න වුනා ඒත් තේරීම් කමිටුව එක්ක කතා කරල තමයි වෙනස් කම් ඔක්කොම කලේ කියලා තේරීම් කමිටුවේ ප්‍රධානියා වුනු අරවින්ද විස්තර කරනවා මම ඕන තරම් අහල තියෙනවා.

Main News