ප‍්‍රභූන්ගේ මූණු කැත කරපුවා, කැත විදිහට බනින ඒවා ඉවත් කරන්නැයි රජය ඉල්ලයි..- ෆේස්බුක් not Responded

March 17, 2018 at 11:20 am | lanka C news
ප‍්‍රභූන්ගේ මූණු කැත කරපුවා, කැත විදිහට බනින ඒවා ඉවත් කරන්නැයි රජය ඉල්ලයි..- ෆේස්බුක් not Responded

ෆේස්බුක් මගින් ප‍්‍රභූන්ට අපහාස කරන පලකිරීම් ඉවත් කල හැකිදැයි රජයේ නියෝජිතයන් විසින් ෆේස්බුක් සමාගමෙන් විමසීමක් කර ඇත.

මීට ප‍්‍රතිචාර ලෙස ෆේස්බුක් සමාගම සදහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් ඉහල ප‍්‍රධානීන් හා සාකච්චා කර පසුව දැනුම් දිය හැකි බවයි.

මෙරට දින නවයක කාලයක් ෆේස්බුක් වෙබ් අඩවිය තහනම් කර තිබුවේ ජාතීන් අසමගිය කරවන වෛරී ප්‍රකාශ පල කරන නිසා ඒවා ඉවත් කරන බව සදහන් කරමිනි.

මෙරට ප‍්‍රභූන්ට එරෙහිව ෆේස්බුක්හි පල කරන අපහාස වදන්, චරිත ඝාතන, පින්තූර ආදිය ඉවත් කල හැකිදැයි රජයෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරණයෙදීද ෆේසුබ්ක අඩවිය ඔස්සේ හුවමරු වූ සත්‍ය හෝ අසත්‍ය තොරතුරු සදහා ෆේස්බුක් ජාලය බලපෑම් එල්ල නොකල අතර ජනාධිපති අපේක්‍ෂකයන්ගෙන්ද ඊට ප‍්‍රබල බලපෑම් එල්ල නොවින.

අදද ඇමරිකාවේ ජනාධිපතිවරයා ට‍්‍රම්ප් ෆේස්බුක්හි දැඩි ලෙස විවේචනයට ලක්වෙයි.

13,713 Viewers

7 Comments to “ප‍්‍රභූන්ගේ මූණු කැත කරපුවා, කැත විදිහට බනින ඒවා ඉවත් කරන්නැයි රජය ඉල්ලයි..- ෆේස්බුක් not Responded”

  1. Amda says:

    කැත මූනු වල මොනවද තවත් කැත කරන්න තියෙන්නේ
    එහෙනම් කාටූන් අඳින ඒවත් නවත්තන්න වෙයි.
    අනික් ඒවට වගේ මේකටත් අමුඩෙ තමයි උත්තරය.

    CNN එක ට්‍රම්ප් ට ගහන විදියට එහෙනම් උන්ව පෘථුවියෙනුත් නෙරපා හරින්න ඕනෙ.
    ලෝකෙම නායකයො මේවට මුහුන දෙන ආකාරය දිහා බැලුවම මුන්දලා ගෙ ප්‍රතිචාර මෙච්චර මෝඩද.

    විවේචනයට අකමැති අය දේශපාලනයට එන්නෙ ඇයි?

    ගෙදරට වෙලා තමුන්ගෙ වැඩක් බලාගෙන ඉන්න තිබුනනෙ.

    මහජන මුදලින් යැපෙන එව්වො ගැන හොයන්න, විවේචනය කරන්න මහජනතාවට අයිතියක් ඇත.

  2. නයා says:

    ප්‍රභූන්??
    මුන්ට අමු කැවිලද
    මේක ප්‍රජාතන්ත්‍රවාදී රටක්, පාලකයෝ මහජන නියෝජිතයින් මිස ප්‍රභූන් වූයේ කෙසේද ?

    ජනතාවගේ චන්දයෙන් පත්වූ උන් විවේචනය ජනතා අයිතියක්

  3. රත්නසේන says:

    පෙස් බුක් හි වැඩිපුරම හාසයට, උපහාසයට, සහ අසභ්‍ය කොමෙන්ටු වැඩිපුරම ගොදුරුවන ජන නායකයින්/දේශපාලකයින් වන්නේ වන්නේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන්ග් අන් වැනි නායකයින්ය. එහෙත් ඔවුන් තමන්ට පුද්ගලිකව වන හානිය ගැන සඳහන් කරමින් පේස් බුක් තහනම් කරන්නැයි ඉල්ලා සිටියේ නැත. ඇමරිකානු රජය පෙස් බුක් පාලනය කිරිම පිලිබඳ අවධානය යොමු කලේ එයින් සිය “ජාතික ආරක්ෂාවට” හානියක් කිරිමට පේස් බුක් යොදා ගැනීමට තිබෙන හැකියාව ගැන අවධානය යොමු කරමින්ය. පේස් ආශ්‍රිත සමාජ ගැටළුවල දි වෛරි ප්‍රකාශන ලෙස මතයක් හදා පේස් බුක් තහනම් කලේ ලංකාවේ පමණි.

    කෙසේ වුවත්, පෙස් බුක් ලංකාවේ තහනම් කලේ නම් දේශපාලකයින්ට කරන අපහාස හේතුවෙන් බව පැහැදිලිය. ඉතා පැහැදිලිවම අප රටේ දේශපාලකයන්ගේ රූප විවිධ විකෘති කිරීම් වලට ලක්වන අතර ඉතා පහත් භාෂාවෙන් ඔවුන්ව ආමන්ත්‍රණය කරයි. සැබැවින්ම එය ඉතාම කණගාටුදායකය. විකෘති කරන ලද සහ පහත් රුචිකත්වයක් ඇති දේ පේස් බුක් එක තුල වේගයෙන් සහ වැඩි දෙනෙකු අතර ප්‍රචාරය වේ. දේශපාලකයින්ට හෝ පේස් බුක් ආයතනයටවත් මේ පාලනය කළ නොහැක. නායකයින් කළ යුත්තේ මෙය පිලිගෙන හැකි තරම් දුරට පරිනත පුද්ගලයින් සහ සමාජ අපවාදයට ලක් නොවන නායකයින් ලෙස කට යුතු කිරීමයි.

  4. Maithripala says:

    Aperate pasugiya maha mathivaranaye mahida paradduve tharuna parapura face book haraha dirgalase vivechnayakarala.
    Boru kotiyak apata idiri path karalaneda?

  5. අහිංසක says:

    පහුගිය ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මේක කළා නම් my3 ජනාධිපති වෙන්නේ ත් නෑ ,රනිල් අගමැති වෙන්නෙත් නෑ ….හ්ම්ම්ම්.

Main News