ප‍්‍රාථමික කර්මාන්ත නිසි මාර්ගයේ…

April 8, 2018 at 2:08 am | lanka C news
ප‍්‍රාථමික කර්මාන්ත නිසි මාර්ගයේ…

අපනයන ආදායමෙහි වඩාත් පුළුල් වැඩිදියුණුවක් සඳහා වන රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය පසුගිය වසර දෙකක කාලයේදී ඵලදායී වැඩසටහන් රාශියක් කි‍්‍රයාත්මක කළ බව ප‍්‍රාථමික කර්මාන්ත ඇමති දයා ගමගේ පවසයි.

කෘෂිකර්ම නවීකරණය වෙනුවෙන් වන ව්‍යාපෘතියට යුරෝපා සංගමයේ තාක්ෂණික සහාය ලබා ගැනීම සඳහා වන වැඩපිළිවෙල අද කොළඹ ෂැන්ගි‍්‍ර-ලා හෝටලයේදී ආරම්භ කරමින් ඇමතිවරයා ඒ බව කීය.

රාජ්‍ය ඇමති ආචාර්ය හර්ෂ ද සිල්වා, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශයේ හා රාජ්‍ය අංශයේ අනෙකුත් නිලධාරීන්, යුරෝපා සංගමයේ නියෝජිතයින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වූහ.

ගමගේ ඇමතිවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේ, ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය දියත් කල වැඩපිළිවෙලෙහි සාර්ථකත්වය නිසා ප‍්‍රාථමික අංශයේ අපනයන ආදායම 2017දී ඩොලර් මිලියන 454ක් දක්වා සියයට 39කින් ඉහළ නංවා ගැනීමට හැකි වූ බවයි.

එම ආදායම 2016දී පැවතියේ ඩොලර් මිලියන 326ක් ලෙසිනි.

මෙයින් පැහැදිළිව පෙනී යන්නේ 2025 වන විට ප‍්‍රාථමික අංශයේ අපනයන ආදායම ඩොලර් බිලියන 1.5ක් දක්වා ඉහළ නංවා ගැනීම සඳහා නිසි මාර්ගයට පිවිස ඇති බව යැයි ද ඇමතිවරයා පැවසීය.

කෙසේ වෙතත්, ක්ෂේත‍්‍රයේ පවතින ඉහළ නිෂ්පාදන වියදම, යල්පැන ගිය තාක්ෂණය, අඩු නිෂ්පාදනය, පුහුණු ශ‍්‍රමිකයින්ගේ හිගය, අඩු මූල්‍ය පහසුකම් වැනි අඩුලුහුඬුකම් මගහරවා ගැනීමට රාජ්‍ය අංශයේ සහ අන්තර් ජාතික ආයතනවල සහාය අවශ්‍ය බව ඇමතිවරයා අවධාරණය කර සිටියේය.

එහිලා, යුරෝපා සංගමයේ සහායෙන් දියත් කළ මෙම වැඩසටහන මහෝපකාරී වනු ඇතැයි ඔහු පැවසීය

– ජෝර්ජ් ද සිල්වා

2,446 Viewers

One Comment to “ප‍්‍රාථමික කර්මාන්ත නිසි මාර්ගයේ…”

  1. Jumping Fish says:

    Daya has to be highlighted with the kind of money he supply to this website.

Main News