බඩඉරිඟු මෙට්‍රික් ටොන් 150000ක් ආනයනය කරයි.. කොමිස් මුදල මිලියන 450 යි..

June 19, 2017 at 3:26 am | lanka C news
බඩඉරිඟු මෙට්‍රික් ටොන් 150000ක් ආනයනය කරයි.. කොමිස් මුදල මිලියන 450 යි..

මෙතෙක් කල් හාල් මෙන් බඩ ඉරිගුවලින් ස්වයංපෝෂිත තිබු අපේ රට අද වනවිට ලංකාව අවශ්‍ය බඩඉරිගු ආනයනය කිරීමට සිදුව ඇත්තේ රජයේ පොහොර සහනාධාරය මෙන්ම ගොවිතැනට අවශ්‍ය ජලය ගොවියාට නොදීම නිසාය.

මේ නිසා සම්පූර්ණයෙන්ම බඩඉරිඟු ගොවිතැන විනාශ වී කුකුල් කෑම නිෂ්පාදනයන්ට අවශ්‍ය බඩඉරිඟු පිටරටින් ආනයනය කිරිමට සිදු වී ඇත.

මේ සඳහා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙන ආර්ථික කමිටුවේ මුලින් තීරණය කොට තිබුණේ අවශ්‍ය තොග අවශ්‍ය පුද්ගලයින්ට ආනයනය කොට රටට අවශ්‍ය කුකුල් කෑම නිපදවා ගැනීමටයි.

එහෙත් පසුගිය සතියේ රැස්වූ ආර්ථික කමිටුව මේ සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යාංශයේ මැදිහත් වීම අත්‍යවශ්‍ය බවට නිර්දේශ කලේය. මේ තුලින් නිදහසේ ආනයනය කිරීමට තිබු බඩඉරිඟු සඳහා අතරමැදියකු පත්කිරීම හරහා බඩඉරිඟු ආනයනකරුවන් විශාල අර්බුදයකට මුහුණ දී ඇත.

මෙහිදී කුකුල් කෑම නිෂ්පාදනයන්ට අවශ්‍ය බඩඉරිඟු පිටරටින් ආනයනය කිරිමට සිදු වී ඇති කුකුල් කෑම නිෂ්පාදන සමාගම් පවසනුයේ, වසරකට රුපියල් කෝටි ගනනක් මුදල් අපේ අහිංසක ගොවියාට යෑම වලක්වා බඩඉරිඟු වගාව සම්පූර්ණයෙන්ම විනාශ කල කෘෂිකර්ම අමාත්‍යාංශයට මෙසේ බඩඉරිගු ආනයනය කිරීමට බලපත්‍ර නිකුත්කිරීමට මැදිහත් වීම යහපාලනය නොවන බවයි.

ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට දැනට වාර්ෂිකව බඩ ඉරිගු මෙට්‍රික් ටොන් එක් ලක්ෂ පනස්දහසක් පමණ අවශ්‍ය බවත්, මේ අනුව කිසිම මහන්සියක් නැතිව ටොන් එකකට රුපියල් තුන්දහස බැගින් රුපියල් මිලියන හාරසිය පනහක් පමණ විශාල කොමිස් මුදලක් හම්බ කරගැනීමට අවස්ථාව ලබාදි ඇති බවයි.

මේ වනවිටත් කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා ගොඩනැගිල්ලක් රාජගිරියේ කුලියට ලබාගෙන ඇති අතර එය මෙරට ප්‍රධාන පෙලේ චිත්‍රපට නිලියකයේ ස්වාමිපුරුෂයාට අයත් ගොඩනැගිලිලකි. මෙය කුලියට ගෙන මාසයට මිලියන 22 බැගින් ගෙවා වසර එකහමාරක් පමණ සතපහකටවත් වැඩක් නොගෙන වසා දමා ඇත.

වර්තමාන කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරන්නේ බී විජේරත්න මහතා වන අතර දුමින්ද දිසානායක කෘෂිකර්ම අමාත්‍යවරයා වේ.

– FB

4,283 Viewers

One Comment to “බඩඉරිඟු මෙට්‍රික් ටොන් 150000ක් ආනයනය කරයි.. කොමිස් මුදල මිලියන 450 යි..”

  1. daham says:

    me godanagilllata gewana kuliya kelinma raajya mudal awabhaavitha kireemak. ko fcid?

Main News