බඩු මිල ඉහල යන්නේ බැසිල්ගේ කුමන්ත‍්‍රණයකින්.. ඡන්ද කල් යන්නේ බැසිල්ගේ වරදින්..- ආණ්ඩුව කියයි..

October 21, 2017 at 3:00 pm | lanka C news
බඩු මිල ඉහල යන්නේ බැසිල්ගේ කුමන්ත‍්‍රණයකින්.. ඡන්ද කල් යන්නේ බැසිල්ගේ වරදින්..- ආණ්ඩුව කියයි..

ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල විශාල වශයෙන් ඉහල ගොස් ඇත්තේ වෙළද හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් හා හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ එක්ව සිදු කරන කුමන්ත‍්‍රණයක් හේතුවෙන් බව රජයේ ඇමතිවරුන් කිහිප දෙනෙකු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇති බව මාධ්‍ය වාර්තා පලවෙයි.

එනිසා ඇමති බදියුදීන් වහා ඇමති ධුරයෙන් ඉවත් කර භාණ්ඩ මිල පාලනය කිරීමට පියවර ගත නොගත හොත් ඉදිරි මැතිවණයේදී ආන්ඩුවට දැඩි අවාසිදායක වනු ඇතැයිද ඔවුන් පෙන්වා දී ඇත.

මේ අතර අවසන් වටර පැවති කැබිනට් හමුවේදීද භාණ්ඩ මිල ඉහළ ගැන අැමතිවරුන් ගණනාවක් විසින් රිෂාඩ් බදියුදීන්ට ඇමතිවරයාට දැඩි ලෙස දොස් පවරා තිබේ.

මේ අතර ඇමති විජ්තමුණි සොයිසා පවසන්නේ පළාත් පාලන මැතිවණය කල් යන්නේ හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ නිසා බවයි. ඔහු විසින් සිදු කල සීමා නිර්ණය නිසා මෙම අවුල ඇතිව තිබෙන බවද ඇමතිවරයා සදහන් කරයි.

7,302 Viewers

3 Comments to “බඩු මිල ඉහල යන්නේ බැසිල්ගේ කුමන්ත‍්‍රණයකින්.. ඡන්ද කල් යන්නේ බැසිල්ගේ වරදින්..- ආණ්ඩුව කියයි..”

  1. Parliament Jokers says:

    Weda bari, karnna bari saha karaganna danne nathi aanduwe kokatath thaylaya Basil wela. Meken penenne aanduwe nohakiyawa saha adaksha kamai.

  2. mongal samare says:

    මට මේ දවස් වල ටොයිලෙට් යන්නෙත් නෑ.මේ බැසිලා මට මොකක් හරි කොරාලා.

  3. Amda says:

    Is Basil the President ?? or Prime Minister ??? or at least a Minister ???

Main News