බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා බව පැහැදිලියි.. රාජපක්‍ෂ ණය බොරුවක්.. මහබැංකුව බින්දේ අගමැතිගේ අනුග‍්‍රහයෙන්..

January 4, 2018 at 8:40 am | lanka C news
බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා බව පැහැදිලියි.. රාජපක්‍ෂ ණය බොරුවක්.. මහබැංකුව බින්දේ අගමැතිගේ අනුග‍්‍රහයෙන්..

බැදුම්කර හොරුන්ගෙන් මුදුල් අයකරගෙන ජනතාවට සහන ලබාදීම සදහා කටයුතු කල යුතු යයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ජනතාව ඉතාම අමාරුවෙන් ජීවත්වෙද්දී සීමිත පිරිසක් විසින් සුර සැප විදීම සදහා ජනතා මුදල් සොරකම් කර ඇති බව ඔප්පුවී හමාරය.

දැන් රජය කල යුත්තේ බැදුම්කර කර හොරුන් විසින් සොරකම් කරන ලද ජනතා මුදල් අයකරගෙන ජනතාවට සහන ලබාදීමය. ජනතාව බදු මුදල් ගෙවන්නේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන්ට මුදල් හොරකම් කිරීමට නොවේ.

හාල් මිල වැඩිවන විට හා අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල වැඩිවන විට රජය ප්‍රකාශ කලේ රාජපක්ෂ ණය ගෙවීම සදහා භාණ්ඩ මිල වැඩි කිරීමට සිදුවන බවයි. දැන් අපට පැහැදිලි වන්නේ පාරිභෝගිකයා පසුගිය කාලයේ දුක්වින්දේ රාජ්‍ය අනුග්‍රහය ලබන සොරුන් විසින් ජනතා මුදල් සොරකම් කල නිසා යන්නයි.

එසේනම් එම හොරකමේ වගකීම රජය භාරගෙන වහා ඉල්ලා අස්විය යුතුය. මක්නිසාද යත් මහදවල් මහබැංකුව බිද දමන්නට රාජ්‍ය අනුග්‍රහය ලබාදී ඇත්තේ හා හොරුන් මහ බැංකුවේ සේවයට බදවාගෙන ඇත්තේ  අගමැතිවරයා වන නිසාය.

ජනාධිපතිතුමා කළයුතුව ඇත්තේ සොරුන් සමග ආණ්ඩු නොකර හොරුන් පන්නා දැමීමය. කෙසේ වෙතත් ජනතාව හැටියට අපට අවශ්‍ය වන්නේ  ඉක්මනින් සහන ලබා ගැනීමය. එසේ සහන ලබාදීමට රජය අසමත් වන්නේ නම් ජනතාවට සහන ලබා ගැනීම වන සටන අප ආරම්භ කලයුතුය.

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

11,573 Viewers

2 Comments to “බඩු මිල වැඩි වුණේ බැදුම්කර හොරුන් නිසා බව පැහැදිලියි.. රාජපක්‍ෂ ණය බොරුවක්.. මහබැංකුව බින්දේ අගමැතිගේ අනුග‍්‍රහයෙන්..”

  1. hina says:

    kawru hari plz ara agamatta, Mahendranwa parliment ekedi sudhdha karapu video eka share karannakooo

    hora agamatta

  2. බන්ඩා says:

    සහතික අැත්ත. අර්ජුන් සහ බෑන බැඳුන්කර හොරු බව පෙන්නල දෙන්න කොමිසමක් අවශ්‍ය නැති බව පහේ පන්තියෙ ලමයත් දැනගෙන හිටියා. රවිය ජරාව පප්පක් බවත් හැමෝම දන්නවා. කොමිසම හෙලි කල යුතුව තිබුනෙ මුන් බය නැතුව මංකෙල්ල කෑවෙ අැය් කියන එකය්.
    මහ බැංකුව තිබුනෙ මොන අැමති යටතෙද, අර්ජුනගෙ ලොක්කා කවුද, හොරා කන්න අර්ජුනට උපදෙස් දුන්නෙ කවුද, ඉදිරි වසර 30හේ බැදුන්කර හොරකම නිසා රටට වෙන පාඩුව කීයද යන්නය්. සිරිස්නට අැත්තේ පොට්ට කඩ්ඩක්. සිරිසේන බැඳුන්කර හෙර කමේ කැප්ටන් රනිල් බව හෙලි කරන්න බයය්.

Main News