බණ්ඩාරනායක මහතා ජීවමාන කරවන්නේ ජනපති මෛත‍්‍රියි…

January 26, 2018 at 6:48 pm | lanka C news
බණ්ඩාරනායක මහතා ජීවමාන කරවන්නේ ජනපති මෛත‍්‍රියි…

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ මහතා පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ලංකාපුර, සුන්ගාවිල, පන්සල්ගොඩැල්ල යන ප‍්‍රදේශවල පැවති උත්සව කිහිපයකට සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා,

‘පෙබරවාරි 10 වැනිදා ඔබේ ගමේ සංවර්ධන අභිවෘද්ධි කාර්යය වෙනුවෙන් නායකත්වය දෙන්න සුදුසු කෙනා තෝරන දවස. තෝරලා, බේරලා හොඳ තීන්දුවක් ගන්න ඕන.

ඔබ තීන්දුවත් අරන් කතිරය ගහන්න යන්නේ පඩංගු කාමරය ඇතුලේ පොඩි පැන්සල් කොටය අරගෙන. කතිරය ගහන්න යන්නේ එක මිනිත්තුවයි තත්පරයයි. මේ මැතිවරණයේ ඔබ ගන්න තීන්දුව නිසා එක ගලකින් කුරුල්ලෝ දෙන්නෙක් අල්ල ගන්න පුලූවන්. පලමු එක තමයි සුදුසු නායකයෙක් තෝරා ගන්න එක. දෙවැනි එක තමයි ජනාධිපතිතුමාගේ ගමනට ශක්තියක් ලබාදෙන නායකයෙක් තෝරා ගන්න එක.

නිදහසින් පසු රජරටින් රාජ්‍ය නායකයෙක් බිහිවුන පලමු අවස්ථාව තමයි මේක. තමන්ගේ තැන, තමන්ගේ අසල්වාසියා, තමන්ගේ ගොවි පුත‍්‍රයා, මේ ශ‍්‍රී ලංකා සමාජවාදී ජනරජයේ නායකත්වයට පත්වුනේ මේ වකවානුව තුල.

සූර්යයා වටේ තමයි ග‍්‍රහයෝ ඔක්කෝම කැරකෙන්නේ. භ‍්‍රමණය වෙන්නේ. සූර්යාගෙන් තමයි ශක්තිය ආලෝකය සියල්ල ඇති වන්නේ. එහෙනම් මේ රටේ දේශපාලන භූමියේ පායන සූර්යයා තමයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා.

මේ රටේ වකවානුවක් තිබුනා, ඉතිහාසයක් තිබුනා අහිංසක මිනිස්සු බලවතුන් පරාජය කරලා තිබුන. ගෝමස් අමරසූරිය මහතා, ඩොනල්ඞ් ජී රණවීර මහතා, ලංකාවේ හිටපු ලොකුම පොහොසත්තු පරාජය කෙරුවා. විජයානන්ද දහනායක මහත්තයලා, දඹුල්ලේ කලූගල් කඩපු ජේ බී තෙන්නකෝන්ලා, කොළඹ තැපැල් ලියුම් බෙදපු ජේමිස්ලා මේ රටේ ජනාධිපති පරාජය කර ජයග‍්‍රහනය කෙරුවා. අද මේ ක‍්‍රමය නැවතත් ඇවිල්ලා තියෙනවා. මේ පාර මනාපයක් නෑ. අත ලකුණ ඉදිරියෙන් කතිරය ගැහුවම ජනාධිපතිතුමාටත් ශක්තියක් වෙනවා. එතුමා ගෙනයන සංවර්ධන ව්‍යාපරයත් ශක්තිමත් වෙනවා.

තමුන්නාසේලාගේ නියෝජිතයා තෝරා ගන්න. අඩුම ගානේ මේ ක‍්‍රමයෙන් ලාබෙට බනින්න හරි පුලූවන්. මේ මැතිවරණ ක‍්‍රමය ගෙනාවේ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා. එතුමා පටන් අරගෙන තියෙනවා ලොකු යුද්ධයක්. පාට පක්ෂ ලකුණු භේද වලින් තොරව මහජන මුදල් ගසාකන හොරුන්ට දඩුවම් දිය යුතුයි කියන අභීත තීරණය තුල එතුමා ඉන්නවා. සෙන්ට් පවුඩර් දාගෙන ටයිකෝට් දාගෙන පින්පාට ඉතිරෙන කඳ බඩ මහත යාන වාහන වලින් යන එවුන් තමයි හොරකම් කරන්නේ.

මේක නිවැරදි කරපු එකම එක්කෙනා තමයි ීගඋගඍගෘ බණ්ඩාරනායක මහත්තයා. වෝල්ටර් තල්ගොඩ කොමිසම දාලා ඒ ආණ්ඩුවේ හිටපු පස් දෙනෙක් ගෙදර ඇරියා. ඇමි පී ද සොයිසා, මරික්කාර්, අබේගුණවර්ධන කියන අයගේ ඇමති පට්ටම් ගලවලා ගෙදර ඇරියා. එදා බණ්ඩාරනායක මහත්තයාගේ ප‍්‍රතිපත්තිය ජීවමාන කරලා ක‍්‍රියාත්මක කරන්නේ මෛත‍්‍රීපාල සිරිසේන මහතා බව මම පැහැදිලිවම තමුන්නාන්සේලාට කියනවා.

හැලියේ කැත නෑඹිලියෙන් වැහුවා. ගෙදර තියෙන කුණු ඇඳ යටට දාලා වැහුවා. හැබැයි නෑඹිලියෙන් වැහුවට ගඳ එළියට ආවා. ඒ නිසා ඒ ගඳ මෙතනින් නතර කරන්න ඕන කියන එක තමයි එතුමා මේ දරණ උත්සාහය තුල තියෙන්නේ.

මේ ගමන් මග මහින්ද රාජපක්ෂ මහතාට විරුද්ධව කරන සටනක් නෙමෙයි. මේ සටන රනිල් වික‍්‍රමසිංහ මහත්තයට, රවී කරුණානායක මහත්තයට විරුද්ධව කරන සටනක් නෙමෙයි. මේ සටන පුද්ගලයින් සම්බන්ධව කාරණයක් නෙමෙයි. තනි මිනිහෙක් හොරුන්ගේ සංස්කෘතියට විරුද්ධව කතා කරන කොට මුලූ අවීචිමහා නරකාදියම ඔහුට විරුද්ධව සටන් කරනවා. හැලියෙ තියෙනවා නම් පමණයි හැන්දට එන්නේ. හැලියෙන් හැන්දට හැන්දෙන් පතට. දැන් හැලියයි හැන්දයි දෙකම තියෙන්නේ ජනාධිපතිතුමා ලග. පතට යමක් බෙදා ගන්න අවශ්‍ය නම් හැලියයි හැන්දයි දෙකම තිබෙන මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ශක්තිය දිය යුතුයි.

මේක ආණ්ඩුවක් වෙනස් කරන ඡුන්දයක් නෙමෙයි. අපේ ඉස්සර කතාවක් තිබුනා කැස්සට කොස් ඇට, උණට කුරුම්බා, වාතෙට වම්බටු, ඇම්මට මුංඇට කියලා. මේ නොගැළපෙන දේවල් කරලා හරියන්නේ නෑ. මේ පළාත් පාලන මැතිවරණයෙන් අණ්ඩුව වෙනස් කරන්න පුලූවන් කමක් නෑ. ජනාධිපති වෙනස් කරන්නත් බැහැ. කැබිනට් මණ්ඩලය වෙනස් කරන්නත් බැහැ. මේවා කිසිවක් කරන්න පුලූවන් කමක් නැහැ. මේිකෙන් කරන්න පුලූවන් වෙන්නේ තමන්ගේ ගමට නියෝජිතයෙක් තෝරා ගන්න එක පමණයි.

මෙම අවස්ථාවට උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ චමින්ද සිරිමල්වත්ත මහතා සහ ප‍්‍රදේශයේ දේශපාලඥයෝ රැුසක් සහභාගි වී සිටියහ.

– වජිර කොඩිතුවක්කු

5,180 Viewers

21 Comments to “බණ්ඩාරනායක මහතා ජීවමාන කරවන්නේ ජනපති මෛත‍්‍රියි…”

  1. sinha le says:

    බණ්‌ඩාරනායක මහතා 1956 අංක 33 දරන පනත මගින් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව බවට පත් කළේය. සිරිසේන ජාතික ගිය දෙමළෙන් ගායනා

    ක‍රන්න ඉඩ දුන්නේය දැන් සිරිසේන ජාතිය පාවා දුන්නේ නැද්ද?

    • kamalasirikuruwita says:

      අම්මප ? බණ්ඩාරනායක හු ඇම් පී එකෙන් එලියට ඇවිල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැදුව. මෙයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෙනිහිල්ල හු ඇම් පී එකත් එක්ක එකතු කරල එයාගේ ආණ්ඩුව හදා ගත්ත. ඒක නම් හලෝ බණ්ඩාරනායකගේ වැඩ පිළිවෙල වේන්ඩ බෑ. ඇයි මේ ජනතාව රවට්ටන්න හදන්නේ ? මේවා කියන එක තමාලට මයි හොඳ නැත්තේ.

  2. Saradiel says:

    තක්කිට තරිකිට තාලෙට නටන්න හිතුනා
    රනිල්ව කරේ තියං ලෝකෙ වටේ දුවන්න හිතුනා
    නෝනගෙ ආලේ ගේ මැද සාලේ
    අපි දෙන්නගෙ ආලේ මෙතැන කුස්සිය මුල්ලේ

    ශී‍්‍රලනිපය මෙන් ම එයට ඇලූම් කරණ දේශප්‍රෙමී ජනතාව අද මුහුණ දෙන අභාග්‍යය මෙය යි.

  3. love nature says:

    ෆෙඩරල් ක්‍රමය හඳුන්වා දීමේ අදහසක් බණ්ඩාරනායකට නොවීය. ෆෙඩරල් පක්ෂය අගමැතිවරයාගේ අදහස අවබෝධ කරගත් අතර ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලා බල කිරීමෙන් වැළකී සිටීමට තීරණය කළේය

  4. daham says:

    meya awalangu kasiyak. thamba satheka watinakamak naha.

  5. Ranjan says:

    Kohenda kata karanne. බණ්ඩාරනායක මහතා kawadawath UNP ekata mukku gehewe neha. Munt pissu. Govi putha keliya neda pohora sahanadrayata. then pol kohomada. haal pitaratin. ekada onawuane govi puthata.

  6. vishnu says:

    මූ මොන ගොබ්බයෙක්ද

  7. sky says:

    මියගිය බණ්ඩාරනායක මහතාගේ උපැස් යුවල පැලදගත්ත මෝඩයා නිසාද ?හික්…හික්….

  8. JUDE says:

    හොරගොල්ලේ සුවච කීකරු දාසයා ගැන අපි දන්නවා …එයා නටන්නේ පිළිපදින්නේ චෞර රැජීන්ගේ අණ ..
    …ලැජ්ජයි තාමත් වහල් දේශපාලනේ

  9. gaps says:

    Amooo. Suryage. Had a. Vada….ajuve baha

  10. බැඳුම්ක්‍රමසිංහ says:

    මේක ආණ්ඩු වෙනස් කරන ඡන්දයක් තමයි බොල. විපක්ෂෙ දිනුවොත් අනිවාර්යයෙන්ම ආණ්ඩුවෙ සෙල්ලං ඉවරයි.

    • jayamal says:

      ඔබ හරියටම හරි. මේ රෙජිනෝල්ඩ් කුරේ ට වැරදිලා. පෙබ 10 ගමට නියෝජිතයෙක් පත් කරන එකට වඩා මේ රටේ ජනතාව යමපාලනයෙන් කොයිතරම් හෙම්බත් වෙලාද කියලා ඔප්පු කරන දිනය වෙන්න කියලා අපි හැමෝම ප්‍රාර්ථනා කරනවා.

      මේ සිරිසේන ජනපති බන්ඩාරනායක මැතිඳුන් නියෝජනය කරනව නම් ජන 8 ඇයි එතුමාගේ ශ්‍රී ල නි පයට විරුද්ධව එජාපයට එකතු වෙලා තමන්ට ඉහලම පුටුවට නගින අරමුණ පමනක්ම වෙනුවෙන් මේ රට ජාතිය බුදුදහම සම්පූර්ණයෙන්ම පාවා දුන්නේ?

  11. Upali says:

    හලෝ මිත්‍රයා, උතුරේදි කටයුතු කරන ආකාරය නම් හොදයි. ඒත ඇයි බොරු කියන්නේ,මේ ඉන්න මිනිහා බන්ඩාරනායක උතුමාට සම කරන්න ? එතුමා පිටජාතියකින් අයිති කරගත් දේපල පවා ආපසු රටට ලබා ගත්තා. මේ මිනිහා ස්‍රී ලාන්කික රජයේ මහින්ද කාලේ, අපි හදපු, අපේ දේවල් පිට රටුනට දෙනවා.

  12. Sadda says:

    අහිගුණ්ඨිකයකු විසින් නටවන වදුරු මොටෙක් වගේ.

  13. DARMASEKERA says:

    Uba enne redi edagenada ?

  14. කුකුළන් අල්ලන්න ආවා නරියෝ says:

    කුකුළන් අල්ලන්න ආප්ප හඳුන් දිවියා හා පිරිස ලබන 10 දා කොටුවෙයි. හිටපිය එතකන්.

  15. indunil says:

    parana naya geweema……

  16. Akuthagawa says:

    Bandaranayakala langa yahapalana karayo nikan koombiyo witharai. Bandaranayakala suddange pashchath bhagaya lewakewe ne, Suddange wathu janasathukara, Yuda kandawuru pannagaththa. Mun Parayanta pashchath bhagaya pudana niwata relak.

  17. gaps says:

    Adoooo raber ata. Mina😬

  18. තට්ට කට්ටයා. says:

    තට්ටයා කට්ටයා. ආණ්ඩුවේ වන්දි බට්ටයා.

  19. Talga.Dayasiri says:

    අනේ වන් දි භට්ටයෝ, 1956 යෙන් ලබපු හැම දෙයක්ම 2015 ජනවාරි පාවා දේශ ද්‍රෝහීන්ට පාවාදීල රට අගාධයට දැම්මේ සිරිසේනයි.

Main News