බත් පිගානත් ගෝලීයකරණය වෙලා.. ආර්ජන්ටිනාවෙන් සැමන්, ඉන්දියාවෙන් මිරිස්, මාලදිවයිනෙන් උම්බලකඩ, මැලේසියාවේ පරිප්පු, ලංකාවේ හාල්..

August 7, 2018 at 8:40 am | lanka C news
බත් පිගානත් ගෝලීයකරණය වෙලා.. ආර්ජන්ටිනාවෙන් සැමන්, ඉන්දියාවෙන් මිරිස්, මාලදිවයිනෙන් උම්බලකඩ, මැලේසියාවේ පරිප්පු, ලංකාවේ හාල්..

”අද වනවිට කිසිම රටක් ස්වාධීන නැහැ. ඇමරිකාව, එක්සත් රාජධානිය මෙන්ම ශ‍්‍රී ලංකාවද ස්වාධීන නැහැ. හැම රටක්ම එකිනෙකට බැඳී සිටිනවා. ඒක තමයි සත්‍ය ඇත්ත අපේ බත් පිගාන ගත්තත් ඒ බත් පි`ගානේ රටවල් කිහිපයක නියෝජනයක් තියෙනවා. ආර්ජන්ටිනාවෙන් සැමන්, ඉන්දියාවෙන් මිරිස්, මාලදිවයිනෙන් උම්බලකඩ, මැලේසියාවේ පරිප්පු, අපේ රටේ හාල්. මෙහෙම ගත්තම අද ඔබ ආහාරයට ගන්න බත් පිගාන ගෝලීයකරණය වෙලා” යයි උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා මන්නාරමේ පල්ලමඩු, වෙඩිතලව්වෙහිදී පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ ජාත්‍යාන්තර කඩොලාන දිනය සමරමින් මන්නාරමේ කඩොලාන සංරක්‍ෂණ හා සුරක්‍ෂිත කිරීමේ සහ ප‍්‍රජා පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීම නිමිත්තෙන් පැවති උත්සවයට සහභාගි වෙමිනි.

වැඩිදුරටත් අදහස් දැක් වූ රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙසේ කීය. ” මිනිසා සහ අනිත් මිනිසුන් අතර ඇතිවන ප‍්‍රශ්න විසඳීමට දේශපාලනය, ආර්ථිකය ඇතු`ථ සමාජ විද්‍යාවන් උපයෝගී කර ගන්නවා. එයින් බැඳීම් හා ගැටුම් ඇති වෙනවා. ඒවා නිරාකරණය කර ගන්න බොහෝ විට ස්වභාවධර්මය ප‍්‍රයෝජනවත් වෙනවා. ස්වභාවධර්මයට අයිතිකාරයෝ නැහැ. ඒ වුණාට ස්වභාවධර්මයට අයිතිකාරයන් වශයෙන් පෙනී සිටින අයත් අපි අතර සිටිනවා. ඔවුන් හිතන්නේ සුළ`ග හමන්නේ, ගංගා ගලන්නේ, ඇළ දොළ ගලන්නේ ඔවුන් නිසා කියා. නමුත් ස්වභාවධර්මය තමයි තීන්දු කරන්නේ ගලන්නේ කොහාටද කියලා. එය තේරුම් නොගත්තු මිනිස්සු තමයි ස්වභාවධර්මය තමන්ට ඕනෑ විදියට හැඩ ගස්සවා ගන්න හදන්නේ.

”අද වාතය, ජලය, මහපොළව, පරිසරයම ¥ෂණය වෙලා.”

”පරිසරය සුරකින සංවිධාන අතිමහත් ලෙස රට පුරාම තිබුණත් මහ මුහුද, කලපු, ගංගා ආශි‍්‍රතව කඩොලාන වගා කිරීම හා කඩොලාන සුරක්‍ෂිත කිරීමේ වැඩ පිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම බෙහෙවින් අගය කළ යුත්තක්. මේ සඳහා නායකත්ත්වය දෙන ජාත්‍යාන්තර සීකොලොජි සංවිධානයට මෙන්ම ශ‍්‍රී ලංකාවේ සු`ථ මත්ස්‍ය සංවිධානයට මගේ බලවත් ස්තුතිය මෙහිදී පිරි නැමිය යුතුමයි.

මෙවැනි සංවිධාන තව තවත් ආරම්භ කර අපේ රටේ විනාශ වන කඩොලාන පද්ධතිය ඇතු`ථ ස්වභාවික සම්පත් සුරක්‍ෂිත කර ගත යුතුයි.

අතිශය සරල ජීවිත ගත කළ අපි අද වන විට සුඛෝපභෝගී ජීවිතයකට හුරු වී පාපැදියෙන් මෝටර් සයිකලයටත්, මෝටර් සයිකලයෙන් මෝටර් රථයටත් සංක‍්‍රමණය වෙලා. දැන් මොටර් රථයත් මදි වෙලා. ඊටත් වඩා වේගයෙන් හා පහසුවෙන් යාමට හැකි වාහන හොයන තැනට ලෝකයේ හැම රටක්ම වගේ අපිත් පත් වෙලා.

අතිතයේ පයින් ගමන් බිමන් ගිය අපි අද වාහන වලට ඒ කටයුත්ත බාර දීලා තියෙනවා. ඒකෙන් වෙන්නේ අපේ ශරීර සෞඛ්‍ය දුර්වල වෙලා ආයුෂ කෙටි වෙන එකයි. ඊට පස්සේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග වැනි මේ ආදී නොයෙක් ව්‍යාධීන් වලට වෛද්‍යවරුන් කරා යනවා. අන්තිමට වෛද්‍යවරු උපදෙස් දෙනවා ව්‍යායාම කරන්න කියලා. එවිට අපි ආයෙමත් පරණ තැනටම යනවා.

ඒ නිසා මා ඉල්ලා සිටින්නේ ස්වභාව ධර්මය සමග ජීවත් වෙන්න අපි උත්සාහ ගත යුතු යයිද” රෙජිනෝල්ඞ් කුරේ මහතා මෙහිදී පැවසීය.

”සියලූම පහසුකම් තිබුණත් මිනිසා තෘප්තිමත් වෙන්නේ නැහැ. තෘප්තිය ඇති වන්නේ හදවතේ සහ මනසේ මිසක් අපි එදිනෙදා ජීවිතයේදී ගත කරන විනෝදකාමී දේවල නොවෙයි.
යම් කෙනෙකුගේ ලස්සන දකින්නේ බලන විදිය අනුව මිස බලන දෙය අනුව නොවේ. එම නිසා හැම දෙනාගෙම සුභ සිද්ධිය උදෙසා අපි හිතන පතන විදිය වෙනස් කර ගැනීමට දැන් කාලය ඇවිත්. ඒ වගේම අපි හොයා ගන්න ඕනෑ, අපි තීරණය කරන්න ඕනෑ අපිට ගැලපෙන දේ මිසක් අපට නොගැලපෙන දේ නොවෙයි. අපේ රටේ කාලගුණයට, දේශගුණයට හා සංස්කෘතියට අනුකූලව හැඩ ගැහෙන්න පු`ථවන් නම් ඒක තමයි ජීවිතයේ සාර්ථක බව.

හුදු අනුකරණය විනාශයක්ම මිසක් දියුණුවක් නොවේ. ඒ නිසා කොයි ආගම ධර්මය අනුව වුවත් ජීවිතය හැඩ ගස්සවා ගන්න අප හැම දෙනාම ස්වභාව ධර්මය සමග ජීවත් වීම සුදුසු බවයි මගේ හැ`ගීම” යයි මෙහිදී වැඩිදුරටත් උතුරු පළාත් ආණ්ඩුකාරවර රෙජිනෝල්ඞ් කුරේ මහතා පැවසීය.

මෙම කඩොලාන සුරැකීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවේදී ජාත්‍යාන්තර සිකොලොජි මධ්‍යස්ථානයේ උපදේශක සහ ලෝක ආහාර වැඩසටහනේ නියෝජිත බ්‍රෙන්ඩා බැරන් මහත්මියද දකුණු ඉන්දිය මහාචාර්ය කේ. කදිරේසන් මහතා ඇතු`ථ විද්වත්හු සභාව ඇමතූ අතර සු`ථ මත්ස්‍ය සංවිධානයේ (සුදීස* සභාපති ආචාර්ය අනුරාධ වික‍්‍රමසිංහ මහතාද උත්සවය ඇමතූහ.

– උතුරු පළාත් ආණ්ඩුකාරවර මාධ්‍ය ඒකකය

5,591 Viewers

7 Comments to “බත් පිගානත් ගෝලීයකරණය වෙලා.. ආර්ජන්ටිනාවෙන් සැමන්, ඉන්දියාවෙන් මිරිස්, මාලදිවයිනෙන් උම්බලකඩ, මැලේසියාවේ පරිප්පු, ලංකාවේ හාල්..”

  1. අමතකවෙලාද….පකිස්තානෙන් කුඩු…ඉංදියාාව ාක්රලායන් ගංජ..තායිලන්තයෙන් බඩු…සිංගප්පුරුවෙන් කුනු…ඇමරිකාවෙන් නඩු…එංගලන්තෙන් පොන්න සංහිදියාව…

  2. Love nature says:

    මුන් තමා අර අනගාරික තුමා කියාපු කලුසුද්දෝ සුද්දාගෙන් තාන්න මාන්න ගන්න රැකියාවල් ලබාගන්න බුදුදහම පාවා දීලා කතෝලික ආගම වැලද ගත් වසලයෝ

  3. LION says:

    කවුරුන් හෝ මගේ රට බිලි දේනම්
    නොපනත්කම් ගිනිලා අහුලානම්
    කුමටද උන් හා සීල සමාදන්
    සටනින් තොර මුනිවත අවදානම්

  4. sinha le says:

    වාරියපොළ හිමි ඉංග්‍රීසි කොඩිය බිමා දමා පෑ ගුවේය ඒ එතුමනන් ගේ“”” සිංහල ලේ “”” කකියන්නට පටන්ගත් නිසයි මේ කලුසුද්දට සිංහල කමක් නැහැ ලැජ්ජයි

  5. LION says:

    මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
    බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්

    පරෙයියන්ගෙ වෙස් ගත්තත්
    පරයො ඇහැකි අඳුනගන්ට
    තමුන්ගෙ වාසියට මිසක්
    උන් ඒවිද පිහිට වෙන්ට

    පෘතුගීසි ලන්දේසී ඉංග්‍රීසි කාලෙ වගේ
    කල දවසක් ආයෙ එතොත්
    මොකටද ලක් මෑණි මගේ

    රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
    වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව

  6. CORBRA says:

    උතුරු පළාත් ආණ්ඩුකාරවරයා දෙමළ කොටි ඩයස් පෝරාවෙත් ,ඉන්දියාවේ පරිප්පුත් ” සංහිදියාව” කියමින් හොදට කන බව කවුරුත් දන්නවා ….කරුණාකර මෝඩ කථා නොකියා ගෝලීයකරණය කුමක්ද කියා ඉගනගන්න …ලැජ්ජයි

Main News