‘බත ගිරි තිසහ ලෙනේ’… වසර 12,000කට එහා ප්‍රාග් ඓතිහාසික මානවයාගේ රහස් සැගවුනු ගම්මානයක් වවුනියාවෙන් මතුවෙයි..

October 4, 2017 at 2:13 am | lanka C news
‘බත ගිරි තිසහ ලෙනේ’… වසර 12,000කට එහා ප්‍රාග් ඓතිහාසික මානවයාගේ රහස් සැගවුනු ගම්මානයක් වවුනියාවෙන් මතුවෙයි..

වව්නියාව සෙට්ටිකුලම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් ඉතා දුෂ්කර ගම්මානයක් වන කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ  වසර 12,000 කට එහා ජීවත් වූ මානවයාගේ බවට අනුමාන කෙරෙන වැදගත් ෂාක්ෂි රැසක් හමුව ඇති බවට අනුරාධපුර ශ්‍රීලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව විෂයබාර කතිකාචාර්ය පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන් කියා සිටියේය.

පූජ්‍ය ගල්වැවේ විමලඛන්ති හිමියන් මේ බව කියා සිටින්නේ පසුගිය දිනවල කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ අනුරාධපුර භික්ෂු විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා කැනීම් අංශයේ හිමිවරන් පිරිසක් විසින් සිදු කරන ලද විශේෂ කැනීමකින් පසුවය.

අදාල කැනීම් කළ කොන්ග්‍රාම් කුලම් ගම්මානයේ කැනීම් අවසානයේදී ඉතා පැරණි සෙල්ලිපි 07 ක්, චෛත්‍ය ,ප්‍රතිමාඝර ,බෝධි මණ්ඩප මෙන්ම බුදුපිළිම වහන්සේලාගේ නටබුන් රැසක් දැක ගැනීමට හැකිය.

එහි එක් සෙල්ලිපියක සඳහන් වන්නේ ‘බත ගිරි තිසහ ලෙනේ’ යනුවෙන්ය එයින් සඳහන් වන්නේ ආයුෂ්මත් ගිරිතිස්ස තෙරුන් වහන්සේගේ ලෙන වශයෙන් කැනීම් සිදුකළ හිමිවරුන් කියා සිටියහ.

වසර දහස් ගණනක් පුරාවට මේ වන තුරුත් කිසිවෙකුගේ අවධානයට යොමු නොවූ මෙම ස්ථානය උතුරු පලාතේ ප්‍රාග් ඓතිහාසික මානවයාගේ ජනාවාසයක වැදගත් තොරතුරු රැසක් පිළිබඳව තොරතුරු සොයාගත් විශේෂම කැනීම මෙය වන බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියන් කියා සිටියේය.

එමෙන්ම මෙම කැනීම් වලින් වසර 12,000 කට එහා සිටි බවට සැකකෙරෙන මානව අස්ථි දෙකක්, එදා මානවයා බාවිත කල බවට සැකකෙරෙන සත්ව අස්ථි ආයුධ, ගල් ආයුධ, යකඩ බාවිත යුගයට පෙර බාවිතා කළ කහඳ වැනි දේ සම්බන්ධයෙන් නියම කාලනිර්නයක් ලබා ගෙන දෙසැම්බර් මස වන විට අවසන් වාර්ථාව ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇති බවට බවට පූජ්‍ය ගල්වැවේ විමලකිත්ති හිමියන් වැඩි දුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් මේ වන විටත් පුරාවිද්‍යා වටිනාකමකින් යුත් සියල්ල නිධන් සොරුන් විසින් විනාශ කොට ඇති බවටද දැක ගත හැකිය එහිදී විශාල කිරිගරුඩ බුදු පිළිමයක්ද විනාශ කොට ඇති අයුරුද දැක ගත හැකිය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

5,907 Viewers
Main News