බද්ද නිසා කල්ල මරේ.. අවුරුදු 05කට ඇතිවෙන්න වාහන වේලාසනම ගෙන්වලා..

October 22, 2018 at 3:50 pm | lanka C news
බද්ද නිසා කල්ල මරේ.. අවුරුදු 05කට ඇතිවෙන්න වාහන වේලාසනම ගෙන්වලා..

දැනට ශ්‍රී ලංකාවේ වාහන අලෙවිකරුවන්ගේ ගබඩා අංගනවල වසර පහකට ප්‍රමාණවත් වාහන තොගයක් ගාල් කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නවතම සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි. මහ බැංකුවේ හා මුදල් අමාත්‍යංශයේ වාර්ෂික වාර්තාවලින් ද එම තොරතුර සනාථ කර ඇත.

මෙරට ප්‍රවීණ ආර්ථික විද්‍යාඥයන් පිරිසක් විසින් ශ්‍රී ලංකාවේ වාහන වෙළෙඳපොළ ගැන පසුගියදා විශේෂ අධ්‍යයනයක් කරන ලදී. එහිදී හෙළිදරව් වූ දත්ත අනුව 2018 ජූලි මස 1 වැනිදා වන විට තිබූ තත්ත්වය අනාවරණය වී තිබේ.

ඒ අනුව මෙරට වාර්ෂික කාර් අවශ්‍යතාවය 45,000ක් පමණය. මේ වනවිට රට තුළට ආනයනය කර ඇති කාර් රථ සංඛ්‍යාව 2,34,000කි. වසරකට ශ්‍රී ලංකාවේ වාර්ෂික ද්විත්ව කාර්ය වාහන අවශ්‍යතාව 4000ක් පමණය. දැනට ගබඩා අංගනවල මෙම වර්ගයේ වාහන 24,276ක් තිබේ. වාර්ෂිකව රට තුළ අලෙවි වන ත්‍රීරෝද රථ සංඛ්‍යාව 2,0000 පමණ වේ. එහෙත් දැනට ගබඩා අංගනවල ත්‍රීරෝද රථ 1,68,419ක් ගාල් කර ඇත්තේ අලෙවිය පිණිසය. එමෙන්ම රටේ වාර්ෂික මෝටර් සයිකල් අවශ්‍යතාව 30,00,00කි. නමුත් දැනට මෝටර් සයිකල් අලෙවිකරුවන් ළඟ අලෙවියට ගෙන්වා ඇති මෝටර් සයිකල් 9,43,920ක් රඳවාගෙන ඇත.

මේ ආකාරයට වසර 5කට පමණ ප්‍රමාණවත් වන වාහන තොගයක් රට තුළට එකවර ආනයනය කිරීම රටේ බරපතළ විදේශ විනිමය අර්බුදයට ප්‍රධාන හේතුවක් බව මෙම සමීක්ෂණය පැවැත්වූ විද්වත්හු පෙන්වා දෙති.

– deshaya

19,523 Viewers

5 Comments to “බද්ද නිසා කල්ල මරේ.. අවුරුදු 05කට ඇතිවෙන්න වාහන වේලාසනම ගෙන්වලා..”

  1. මලකඩ දෙකක පොලිය says:

    දීගෙක යන දුවට වාහනයක් දෑවැද්දට දෙන්න
    සේසතම තියලා වාහනයක් පොලියට ගන්න
    බන්ඳල දුවනිව ජීවිතයම පොලී දුක ගෙවන්න
    මලකඩ දෙකක පොලියට මිනිහයි රැවටෙන්න

  2. ගන්ජ බන්ඩා says:

    ඒ කියන්න‌ෙ ලංකාව‌ෙ මිනිස්සුන්ට ගන්න ව‌ෙ‌න්න‌ෙ වසර පහකට වඩා යල් පැන ගිය පරන කබල් වාහනද?

  3. ගන්ජ බන්ඩා says:

    ඒ කියන්න‌ෙ ලංකාව‌ෙ මිනිස්සුන්ට වැඩි මිලකුත් ග‌ෙවල ගන්න ව‌ෙ‌න්න‌ෙ වසර පහකට වඩා යල් පැන ගිය පරන කබල් වාහනද?

  4. Nalaka says:

    මේ ගාල්කර ඇති සියලු වාහන රාජසන්තක කර පොදු ජනතාවට සහන සලසන්න…
    ජනාධිපති මේකට කැමතිද?

  5. Gayantha says:

    මේවා මෙච්චර එන්න දීපු එක්යි වරද. පුලුවන් තරම් පොදු ප්‍රවාහනය උපරිමේට හදාගන්න ඔන සින්ගප්පුරුවේ වගේ. දැන් අධිවේගී මාර්ගයේ බස් වල සෙනග යන්නේ ලොකු මුදලක් ගෙවලත්. මිනිස්සුට ඒවගේ පහසුකම් දෙනවා නම් මෙච්චර වාහන පස්සේ දුවන්නේත් නෑ.

Main News