බදුසහන වාහන විකිණු ලයිස්තුවේ පළමුවැනියා ඇමති මංගලයි.. සියළු මන්ත‍්‍රිවරුන් වාහන ගෙන්වා අවසන්..

October 2, 2018 at 10:40 am | lanka C news
බදුසහන වාහන විකිණු ලයිස්තුවේ පළමුවැනියා ඇමති මංගලයි.. සියළු මන්ත‍්‍රිවරුන් වාහන ගෙන්වා අවසන්..

පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාම මේ වන විට ඔහුට ලැබෙන තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබාගෙන අවසන් යයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කරන්නේ එම බලපත්‍රවලින් ගෙන එනු ලැබූ සුඛෝපභෝගි වාහන 100ක් දැනටමත් බාහිර පාර්ශවයන් වෙත විකුණා දමා ඇති බවයි.

එසේ විකුණා දැමූ ලයිස්තුවේ ඉහලින්ම සිටින්නේ මුදල් ඇමති මංගල සමරවීර බවටද තොරතුරු ඇතැයි ද ඒ මහතා පැවසීය.

සියලු මැති ඇමතිවරුන් තමනට අවශ්‍ය සියල්ල බෙදා ගත් පසු ජනතාවට පටි තරම් තද කරගන්නැයි පැවසීම ගොනාට ඇන්දවීමක් යයිද ඔහු සඳහන් කළේය.

රටේ ආර්ථිකය කළමනාකරණය කරගත නොහැකි වුවත් මැතිඇමැතිවරුන් තමන්ගේ පුද්ගලික ආර්ථිකය නම් හොඳින් කළමනාකරණය කර ගන්නා බව ද ඔහු කියා සිටී.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

10,659 Viewers

7 Comments to “බදුසහන වාහන විකිණු ලයිස්තුවේ පළමුවැනියා ඇමති මංගලයි.. සියළු මන්ත‍්‍රිවරුන් වාහන ගෙන්වා අවසන්..”

  1. Aravinda says:

    රටට හෙන ගැහැව්වත් වෛද්‍ය මාෆියාව පාලනය නොවේ..

    • Ranga Bandara gelioya says:

      methuma wani wiruwan raka gatha yuthui . owunta hoda arakshawak sahitha wahana denna one , owun prabuwarun

      • නුවන් says:

        මිහරකෝ රජයෙන් පඩි ලබන වයිද්යවරු තමුන්ගේ යුතුකම ඉෂ්ට කරනවා .අවම පහසුකම් ඇතිව පවා ඔවුන් ඒ ගැන මැසිවිලි නගන්නේ නෑ උදාහරණයකට කියවානම් මුකවාඩම් හා අත් වැසුම් ඔවුන්ට ලැබෙන්නේ ඉතාම සීමිතව ලෙඩුන්ගේ ලේ විසිවීම බයානකයි ලැබෙන ඒවා එකවරක් බාවිතා කර විසිකළ යුතු ඒවා නමුත් ඔවුන් ඒවා සෝදා සෝදා පාවිච්චි කරනවා සමහර ආවරණ ඉරිගොස් නමුත් කිසිවෙකු ඒවා ඉල්ලා වැඩ වරන්නේ නෑ.රටේ සවුක්ය ක්සේස්ත්‍රය ඉහලින්ම තිබෙන්නේ ඇමතිගේ දක්ෂතා නිසා නොවේ රජයේ වයිද්යවරු නිසා .වයිදය්වරු රටට කරන සේවයට සමාන සේවයක් මේ ආණ්ඩුවේ කිසිම ඇමතියෙක් කරන්නේ නෑ මුන් ඔක්කොම නිකම්මු නුගත්තු මංගලගේ තියෙන උගත්කම මොකද්ද ?මංගල රට වෙනුවෙන් කරපු එකම සේවයක්වත් තියෙනවාද එහෙවු එවුන්ට වාහන බලපත්‍ර දීම ඉතාම් වැරදියි හරිනම් මුන් ඉන්න ඕනා හිරේ

  2. Akalanka says:

    අගැමති ආපු ගමන් කෝටි ගානක වාහන ගත්තා. ජනපතිත් ගත්තා. මැති ඇමතිවරු මත්රීවරු ( පක්ෂ විපක්ෂ ඔක්කොම ගත්තා කීප දෙනෙක් හැර ) ගත්තේ ලක්ෂ 250 එහා වගේ වාහන කියන එක අමතක කරන්න එපා.මේ හැම වහනේකටම රටේ ලක්ෂ 210ක් වගේ වෙන මහජනයා රුපියල් 2 – 2.50 වක්‍රව ගෙවලා තියෙනවා. මේ මහජන බදු මුදල් විනාශ කරපු හැටි තමයි ඔක්කොම එකතුවෙලා. ඇයි අර රත්තරන් පස්සක් තියෙන මහඇමති 650,000 පුටු ඉල්ලුවෙත් මහජන මුදලින් තමයි. රෝසි ලක්ෂ ගණන් වැසිකිලි ඉල්ලුවෙත් මහජන මුදලින්. මේ මුදල් ලක්ෂ 5 -10 නිකන් මිනිස්සුන්ට දුන්නා නම් පොඩි පොඩි වියාපාර පටන් ගන්න කියලා, රටට ඒක වටිනා ආයෝජනයක් වෙනවා. අනික බලන්න ප්‍රධාන නගර වල බස් නැවතුම් පොළවල් වල තියෙන අපිරිසිදු වැසිකිලි පහසුකම්. මේවත් අධිවේගයේ තියෙන විදියටවත් හදලා ගත්තා නම් නගර සබා වලටත් හොද ගානක් එනවා හොද සේවයක් සපයන නිසා. අනික හොද බස් කීපයක්ම යොදවන්න තිවුන සල්ලි මේ 225 වගේම ජනපතිලා නාස්ති කරන්නේ. එහෙම නාස්ති කරලා මිනිස්සු හොයපු මුදලින් වාහන ගන්න යනකොට සීමා දානවා. එහෙම නම් රටේ මේවා නිෂ්පාදනය කරන්න ඕන එහෙම නැ ත්තම් පොදු ප්‍රවාහනය සිංගප්පුරුවේ වගේ හදාගන්න ඕන. මේක හදන්න නම් ඒකාදිපති මොලයක් තියෙන නායකයෙක් ඕන.

  3. sakalabujan says:

    Rata Sawari…………

    අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා හෙට (03) නෝර්වේ රාජ්‍ය බලා පිටත්ව යනවා.

    ඒ, තෙදින සංචාරයක් සඳහායි.

    අග‍්‍රාමාත්‍යවරයාගේ එම සංචාරයට අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන ද එක්වනු ඇති.

    මේ අතර නෝර්වේ රාජ්‍යයේ සිට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබන 06 වැනිදා ලන්ඩන් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා

  4. Saman says:

    Katha karala wadakna na oun okotama henagapan

Main News