බන්දු-ටෙනී පරාදයි.. අන්දරේ රජවුනා වගෙයි.. යහපාලනය කොමඩි සාගරයක්..

January 12, 2018 at 12:08 am | lanka C news
බන්දු-ටෙනී පරාදයි.. අන්දරේ රජවුනා වගෙයි.. යහපාලනය කොමඩි සාගරයක්..

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කඩවත නගරයේදී පැවැත්වූ ජන රැුළිය අමතමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙසේ අදහස් පල කලේය.

1988න් පස්සේ වසර දෙකාහාමාරක් තමුන්නාසේලාගේ ඇගිල්ල දම්පාට නොවි ගත වුණේ ප්‍රථම වතාවටයි. වසර දෙකහාමාරක් නෙවෙයි මිත්‍රවරුනේ ජනවාරි 08 ට මේ මුසල ආණ්ඩුවට වසර 3යි. එහෙම නම් පෙබරවාරි 10වෙනිදා ඔබට විසදන්න තියෙන ප්‍රශ්නය රට කන වැඩ බැරි පරගැති මේ ආණ්ඩුවේ මුසල තෙවසර තවත් වසර දෙකකින් දිගු කරනවා ද එහෙම නැත්නම් පෙබරවාරි 10 මේ  ආණ්ඩුව ගෙදර යවනව ද කියලා තමයි තමුන්නාසේලා ඡන්ද පොලට ගිහින් උත්තර බදින්නේ. මේ වගේ විහිලුකාර ජනාධිපතිකෙනෙකුයි වංචාකාර අගමැතිකෙනෙකුයි එක්ක තවත් වසර දෙකක් ගත කළොත් මිත්‍රවරුනේ  අපිට රටක්වත් රටට හෙටක්වත් ඉතුරුවෙන්නේ නෑ. අපේ ජනාධිපතිතුමා සිහිවෙන්නේ අන්දරේ රජවුනා වගේ. ටෙනිසන් කුරේලා බන්දු සමරසිංහලා පරද්දලා එතුමා අද ජාතියට විහිලු  සපයනවා. එදා ජනාධිපතිතුමා බැදුම්කර කොමිසමේ වාර්තාව එන්න ඔන්න මෙන්න තියලා කිව්වා මම වනනවා කඩුව කවුරු කැපෙයිද දන්නේ නෑ කියලා. ජනවාරි 03 ජාතිය අමතනවා කිව්වම ජනතාව දතකට මැදගෙන රජදැක්මට සුදානම් වෙලා රූපවාහිනියට ඇස් දල්වාගෙන හිටියා. වැනුවනම් තමයි කඩුව ලේබින්දුත් තිබුණා තමයි. හැබැයි අලි කොටි ඉතුරු කරලා මැස්සෝ විතරයි කපලා තියෙන්නේ මිත්‍රවරුනේ. අද එතුමගේ හැටියට වරදකරුවන් වෙලා තියෙන්නේ රවි කරුණානායක සහ අර්ජුන් මහෙන්ද්‍රන් විතරයි. ඒ දෙන්නට අද ජනාධිපති කොමිසමෙන් කියලා තියෙනවා මෙ දෙන්නා බොරු කිව්වා, මේ දෙන්නා හොරු මේ දෙන්නට වහාම නඩු දාන්න කියලා.

අලි රජා සහ හොරු හතලිහ

මිත්‍රවරුනේ අපේ රුපියල් සියයක් අරගෙන බලන්න එක පැත්තක ඉන්නවා කුරුල්ලොයි සමනල්ලුයි. අනෙක් පැත්තේ මට නම් පේන්නේ අගමැති බෙරේ ගහනවා ජනාධිපති නටනවා වගේ. මේ පුංචි කඩදාසි කෑල්ල පින්තුර කොළයක් වගේ. මේ කඩදාසි කෑල්ලේ බෙහෙත් සිට්ටුවක්වත් ලියන්න බෑ. නමුත් මේකට රුපියල් සියයක වටිනාකමක් ලැබෙන්නේ මුදල් ඇමතිතුමා සහ මහබැංකු අධිපතිතුමා අත්සන් කරලා කියනවා මේක රුපියල් සියයක් වටිනවා කියලා. එහෙම නැත්නම් කඩදාසි කෑල්ලක් විතරයි. මේ රුපියල් සියය අරගෙන පොල් ගෙඩියක් ගන්න තමුන්නාසේලා කඩේට ගියාම මුදලාලි කිව්වොත් මේකේ අත්සන් කරපු අය හොරෙක් තක්කඩියෙක් කොමිසමටත් බොරු කිව්ව කට්ටිය මේක රුපියල් සියයක් විටිනවා කිව්වට අපි පිළිගන්න සුදානම් නෑ කියලා එතකොට මිත්‍රවරුනේ, මේක නිකන්ම නිකන් කඩදාසි කෑල්ලක් පමණයි. ඒ නිසා තවදුරටත් මේ හොරු තක්කඩි අත්සන් කරපු නෝට්ටු වටින්නේ නෑ. මේවා කවුරු හරි දුන්නොත් ප්‍රතික්ෂේප කළ යුතුයි. ආණ්ඩුව වහාම මේ මුදල් නෝට්ටු කැඳවලා අලුත් මුදල් නෝට්ටු ඉදිරිපත් කළ යුතුයි කියලා අපි කියනවා. හැබැයි මිත්‍රවරුනේ මේ දෙන්නාගෙන් මේ ගණුදෙනුව බේරලා ඉවර කරන්න අපි සුදානම් නෑ. අපි දන්නවා අර්ජුන්  මහෙන්ද්‍රන්ව මේ තනතුරට ගෙනාවේ අගමැති රනිල් ඔහු ඉවත් කරන්න යනවිට ඔහුගේ වගකීම මම ගන්නවා කියලා ඇමති මණ්ඩලයේ දී කිව්වේ අගමැති රනිල්. අර්ජුන් මහෙන්ද්‍රන්ව බේර ගන්න පාර්ලිමේන්තුව විසුරවන්න කිව්වේ අගමැති රනිල්. අගමැති රනිල් විතරක් නෙවෙයි තව හොරු රැළක් ඉන්නවා පාද සටහන් දාපු උදවිය, පොත් ලියපු උදවිය මේ රැළටම දඩුවම් කරන්න ඕනේ. මේක අලිබබා සහ හොරු 40 නෙවෙයි අලි රජා සහ හොරු 40 මෙතන ඉන්නේ. අලි රජා සහ හොරු 40 හිර ගෙදරට දක්කලා කූඩු කරනතුරු අපේ සටන නවත්වන්නේ නෑ කියන ප්‍රතිඥාව අපි ලබා දෙනවා මිත්‍රවරුනේ.

රහස තේරුනේ කොහොම ද හොයන්න වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න

මිත්‍රවරුනේ ගිය සතියේ ජනාධිපතිතුමා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ඡන්ද අපෙක්ෂකයන්ගේ සමුළුව අමතමින් කියනවා මං මොනවද කළේ කියලා ජනතාව මගෙන් අහනවා තමුන්නාසේලා දන්නේ නැද්ද මම ජාත්‍යන්තරේ දින්නා කියලා. එංගලන්තේ රැජින හම්බවෙන්න ගිහින් ඇවිත් එතුමා කිව්වා තමයි රැජින මට අතට අත දුන්නේ අත්මේස් ගලවලා කියලා. එතුමට රැජින අත්මේස් ගලවලා අතට අතට දෙන වේලාවේ එතුමාට දැණුනු සනීපය තම රටට දැනිලා නෑ කියලා අපි කියන්න ඕනේ මිත්‍රවරුනේ. අපේ අපනයන ආදායම කඩා වැටෙනවා නම්, විදේශ ගත ශ්‍රමිකයන්ට රැකියා අවස්ථා අඩුවෙනවා නම්, විදේශ ආයෝජන ඇදගෙන වැටෙනවා නම්, විදේශ රට වලින් අපිට ලැබෙන උදව් ආධාර අඩුවෙනවා නම් ජනාධිපතිතුමනි ඔබතුමන්ට දැනෙන සැපේ අපිට දැනෙන්නේ කෙසේද කියලා අපි ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරනවා. ඒ විතරක් නෙවෙයි එතුමා ඒ සමුළුවේ දී කියනවා තේ වලට තහනමක් ආවා මම යැව්වා ජනාධිපති පුටින්ට ලියුමක් ලියුම වැඩකලා තහනම ඉවත් කලා කියලා. බම්බුව තමයි. එතුමගේ භෂාවෙන්ම කියනවා නම්. මිත්‍රවරුනේ අරහෙන් ඇස්බැස්ටොස් තහනම් කරලා තියෙද්දි මේ පැත්තේ  තේ පෙට්ටියෙන් හමුවෙනවා තුර්කියේ ඉන්න ලංකාවේ නැති කුරුමිණියෙක්. තේ පෙට්ටියෙන් කුරුමිණියෙක් මතු වුනා විතරයි පිලිකාකාරක කියන ඇස්බැස්ටොස් තහනම ඉවත්වෙනවා. ඊට පස්සේ තමයි තේ තහනම ඉවත් වෙන්නේ. අපි ආණ්ඩුවෙන් අහනවා මේක මහා වෛද්‍ය විද්‍යාත්මක සොයා ගැනීමක් නොබෙල් තෑග්ග දෙන්න ඕන වැඩක්. මොකක්ද සොයා ගෑනීම තේ පෙට්ටියක කුරුමිණියෙක් සිටියොත් ඇස්බැස්ටොස් වල පිළිකාකාරක ගුණය නැතිවෙනවා. අන්න එහෙමයි මෙතුමා ජාත්‍යන්තරය දිනන්නේ.

එතුමා කොරියාවේ ගිහින් ඇවිත් කියනවා කොරියාවේ ජනාධිපති මම නැගිටලා එන්න හදනකොට මගේ කනට කරලා රහසින් කිව්වා ඕනෑම උදව්වකට කොරියාව ඔබතුමා සමග ඉන්නවා කිව්වා කියලා. අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මිත්‍රවරුනේ සාකච්ඡාව එතෙක් පැවැතියේ භාෂාපරිවර්තකයෙක් මැද වාඩි කරගෙන ඇයි අපේ ජනාධිපතිතුමාට කොරියන් බෑ. කොරියාවේ ජනාධිපතිට සිංහල බෑ අපේ ජනාධිපතිවගේ නෙවෙයි කොරියාවේ ජනාධිපතිට ඉංග්‍රිසිත් බෑ. එහෙම නම් කණට කරලා කිව්ව රහස තේරුනේ කොහොම ද කියලා හොයන්න වහාම ජනාධිපති කොමිසමක් පත් කරන්න ඕනේ මිත්‍රවරුනේ.

මෙහොමඩ්ගේ පොහොර නැව තාම  නැත්තේ ඇයි ?

ජනාධිපතිතුමා ඒ සමුළුවේ දි කියනවා පොහොර හිගයක් ඇති වුණා විතරයි මම කතා කරලා පකිස්ථානයේ අගමැති මොහොමඩ් ෂෙරිප්ට ඔන්න පොහොර ටොන් 40000ක් නැවක එනවා කියලා. නැව ආවද තාම නැව ඇවිත් නෑ. පොහොර නැව ආවේ නැත්තේ ඇයි කියලා තමුන්නාසේලා දන්නවා ද? මිත්‍රවරුනේ පකිස්ථානයේ අගමැති මෙහොමඩ් ෂෙරිප් නෙවෙයි ෂහිඩ් ඛාන් අබ්බාසි (Shahid Khaqan Abbasi) එහෙනම් පකිස්ථානයේ අගමැති කියලා අපේ ජනාධිපති කතා කරලා තියෙන්නේ ලංකාවේ හිටිය මොහොමඩ් කෙනෙක්ට අනේ දුරකථනයෙන් කතා කරලා මට පොහොර ටොන් 40000ක් එවන්න පුළුවන්ද මම ලංකාවේ ජනාධිපති කිව්වම ඒ හාදයාත් බලන්න ඇති බෑ කිව්වොත් අර ෆෙස්බුක් කොල්ලන් වගේ අල්ලන් ගිහින් කූඩුවේ දායි කියලා හරි සර් මම එවන්නම් කියන්න ඇති. මෙයා සමුළුවට ඇවිත් කිව්වා ඔන්න මම පොහොර ප්‍රශ්නය විසදුවා හැබැයි මිත්‍රවරුනේ තාම පොහොර නැව ඇවිත් නෑ ඇවිත් නෑ නෙවෙයි එවන්න බෑ ලංකාවේ මොහෙමඩ් ෂෙරිප් කොහෙවත් අගමැති කෙනෙක් නොවන නිසා.

එතුමා හිනස්සනවා – මෙතුමා විකුණනවා

ඒවගේම ජනාධිපතිතුමා රට හිනස්ස හිනස්ස ඉන්න අතරේ අගමැතිතුමා රට කෑලි කඩලා විකුණනවා. අද හම්බන්තොට වරාය අවුරුදු 198කට චීනයට දුන්නා. තමුන්නාසේලාගේ මේ කඩවතට සම්පතක් වෙලා තියෙන අධිවේගි මාර්ගය ඇතුළු සියළුම අධිවේගි මාර්ග ටික චීනයේ ෂැන්ඩොන් කියන සමාගමට වසර 30කට බදු දෙන්න නියමිතයි. මත්තල ගුවන් තොටුපල වසර 30කට ඉන්දියාවට, මහඉලුප්පල්ලම අපේ බිජ පර්යේෂණ ආයතනය සහ ගොවිපල වසර 150කට දෙන්නේ අර හිගන බංගලිදේශයට. අවුරුදු 5කට බලයට ආපු ආණ්ඩුවක් වසර 198කට,150කට,30ට 35ට මේවා බදු දෙන්නේ කොහොමද? තමුන්නාසේලා ගෙයක් කුලියට දෙනවා අවුරුදු 5කට ගේ කුලියට ගත්ත කෙනා ගේ මිදුල අවුරුදු 198කට බදු දෙනවා, ඉස්සරහ කාමරය අවුරුදු 35කට බදු දෙනවා කුස්සිය බංගලිදේශයට අවුරුදු 150කට බදු දෙනවා මේක ආරංචි වුනාම තමුන්නාසේලා මොකද කරන්නේ වහාම ඇවිල්ලා කුලියට ගත්ත කෙනාගේ කනෙන් ඇදලා කණට ගහලා එළියට දානවා නේද? අන්න ඒ වගේ මේ ආණ්ඩුව කනෙන් ඇදලා එළියට දාන වෙලාව දැන් උදාවේලා තියෙනවා තමුන්නාසේලාට ප්‍රශ්නයක් ඇති පුංචි ඡන්දයෙන් ආණ්ඩුවක් ගෙදර යවන්නේ තමුන්නාසේලා පොහොට්ටුවට ඡන්දය දීලා ගම පෙහොට්ටුව දිනවලා දෙන්න ඒ ජයග්‍රහණයේ උණුසුම පාර්ලිමේන්තුවට අරගෙන ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ඔළුගෙඩි මාරුවක් කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමාව අගමැතිධුරයේ වාඩි කරවන වගකීම අපි බාරගන්නවා කියන පොරොන්දුව අපි තමුන්නාසේලාට ලබා දෙනවා.

– අරවින්ද අතුකෝරල

48,194 Viewers

4 Comments to “බන්දු-ටෙනී පරාදයි.. අන්දරේ රජවුනා වගෙයි.. යහපාලනය කොමඩි සාගරයක්..”

  1. ඇත්ත says:

    මෛත්‍රී ඉතිහාසය විසින් අවසන් අවස්ථාවත් ඹබට ලබා දෙමින් තිබේ….බුද්ධිමත්වන්න….

  2. Jonaa'S Brother says:

    කිව්වොත් කියන්නේ පඹයා පච බෝලයි,
    පොහෝර සොයන්ට කැරකැව් නම බොරුමයි,
    මොහොමඩ් ශෙරිපා කෙනකු එහි නැත්තේමයි,
    රිලසිරි යගෙ රෙද්දත් බිම වැටුනේ මයි.
    පව් බන්! රිලසිරියා එදා යට ජන්ගිය ඇඳලත් නැතුලු.

  3. Sisira says:

    මෛත්‍රී අවරුදු 6ක් හිටියොත් අයෙත් මහින්ද ජනාධිපති වෙනවා. මොකද ඊ ළඟ මහ චන්දෙන් මහින්ද 2/3 ගන්න එක මේ ආණ්ඩුව පීචන් වෙන විදියට සක්කරයටවත් වලක්වන්න බැහැ. ඒ කියන්නේ 20 වන සංශෝදනයක් ඇවිත් මහින්ද නැවත ජනපතිවරණයට එනවා. එක වලක්වන්න නම් මෛත්‍රී අවරුදු 5න් ජනපතිවරණය තැබිය යුතුමය. එතකොට එන්නේ ගෝටාභය.

  4. neil says:

    If Mahinda comes, will files be gone to fire? What will happento all these investigations. Will they continue?

Main News