බන්ධනාගාර රථයකට හා නිලධාරීන්ට පහර දෙති..

April 29, 2018 at 12:40 pm | lanka C news
බන්ධනාගාර රථයකට හා නිලධාරීන්ට පහර දෙති..

යාපනය තැපල්කාර්යාල මන්සන්ධිය අසලදී යාපනය බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකුට ඊයේ (28) දින පහරදුන් තරුණයින් පරිසකගෙන් එක් අයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

තැපල්කාර්යාලය අසල පිහිටි මත්පැන් තැබෑරුමක් ආසන්නයේ අදාල බන්ධනාගාර රථය නවතා එහි නිලධාරීන් කිසියම් කටයුත්තක් සඳහා රථයෙන් බැස ඇති අතර එම අවස්ථාවේදී මත්පැන් බී සූර් වූ තරුණයින් පිරිසක් හා අදාල බන්ධනාගාර නිලධාරීන් අතර බහින් බස්වීමක් ඇතිව තිබෙන අතර පසුව එහ දුරදිග යාමෙන් අදාල තරුණයින් විසින් බන්ධනාගාර නිලධාරීන්ට පහර දී බන්ධනාගර රථයටද හානී කොට පලා ගොස් ඇත.

පහරදීමෙන් බන්ධනාගාර නිලධාරීන්ට හානියක් නොවුනද පහරදීම සිදු කළ පිරිසෙන් එක් අයෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් පිරිසද අත්අඩංගුවට ගැනීමට පරික්ෂණයක් ආරම්භ කොට ඇති අතරම පහරදුන් පිරිස් වැලි ප්‍රවාහනය කරන පිරිස් බවට අනාවරනය වී ඇති අතරම පොලිස් නිලධාරීන් සමග ඇති ක්‍රෝධයක් හේතුවෙන් මෙම පහරදීම සිදුකරන්නට ඇති බවට සැකකරන බවටද පරික්ෂණ සිදු කරන යාපනය පොලීසිය වැඩි දුරටත් කියා සිටියේය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

8,495 Viewers

2 Comments to “බන්ධනාගාර රථයකට හා නිලධාරීන්ට පහර දෙති..”

  1. john the baptice says:

    මහින්ද හිටිය කාලේ මේවගේ දේවල් සිදු උනේ නැහැ කොන්දක් නැති නායකයෙක් ඉන්න අපේ රටේ මේවා සුළු දෙයක්

  2. Lahiru says:

    Oawa gananganda epaa!kawru raja karuwath mahajanayaata sethak netha!mahina my3 ranil mung okkama gongkaratteata bandinda tamaa tiyannea! JVP ekata Jaya Jaya weawaa :

Main News