බඹර ප‍්‍රහාරයකින් කාන්තාවන් 20 දෙනෙක් රෝහල් ගත කෙරේ..

September 29, 2018 at 5:30 pm | lanka C news
බඹර ප‍්‍රහාරයකින් කාන්තාවන් 20 දෙනෙක් රෝහල් ගත කෙරේ..

බගවන්තලාව පොලිස් වසමට අයත් බොගවාන තේ වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයෙන් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් 20 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව  බගවන්තලාව පොලිසිය  පැවසිය.

අද (29) දහවල් 12 ට පමණ මෙම බඹර ප්‍රහාරය වතු කම්කරුවන් වෙත එල්ල වි ඇත.

තේදළු නෙලමින් සිටි කොටසේ විශාල ගසක් මත බැද තිබු බඹර කුඩුවකට උකුස්සෙකු පහර දිම නිසා බඹරුන් ඇවිස්සි තමන්ට පහරදුන් බවයි බඹර ප්‍රහාරයෙන් තුවාල ලබා නේවාසිකව ප්‍රතිකාර ලබන වතු කම්කරුවන් කියා සිටියේ.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් වතු යායේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් 11 දෙනෙකුටද අද උදැසන බඹර ප්‍රහාරයක් එල්ල වි තිබුණි.

මෙම බඹර ප්‍රහාර දෙක සම්බන්ධයෙන්ම බගවන්තලාව පොලිසිය පරික්ෂණ පවත්වයි.

– රංජිත් රාජපක්ෂ

433 Viewers
Main News