‘බයනැති අගමැති’ රනිල් එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වනු.. එජාප මැති ඇමතින් 42ක් ලිඛිතව ඉල්ලති..

February 12, 2018 at 3:00 pm | lanka C news
‘බයනැති අගමැති’ රනිල් එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වනු.. එජාප මැති ඇමතින් 42ක් ලිඛිතව ඉල්ලති..

වසර 17ක් විපක්ෂයේ සිටි එක්සත් ජාතික පක්ෂය එම පාක්ෂිකයන්ගේ බලාපොරොත්තු කඩකරමින් 2004 වසරේදී පක්ෂය පාවා දුන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දෙවැනි වතාවටත් පක්ෂය හා පාක්ෂිකයන් අතරමං කර ඇති බැවින් ඔහු වහාම ඉල්ලා අස්වී පක්ෂ නායකත්වය සුදුස්සකුට පැවරිය යුතු යැයි ඉල්ලා සිටිමින් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරු ඇතුළු පසුපෙළ මන්ත්‍රින් 42ක් එජාප මහලේකම් කබීර් හෂීම් මහතා වෙත ඉල්ලීමක් කරන ලිපියක් හෙට (13දා) භාරදීමට නියමිතයි.

මේ ලිපියට එජාපයේ ඇමැතිවරුන් දෙදෙනෙක් නියෝජ්‍ය ඇමැතිවරු හතර දෙනෙක් ඇතුළු මන්ත්‍රින් පිරිසක් අස්සන් තබා ඇති අතර අද (12දා) දිනයේ දී ඊට එජාප පළාත් සභා මන්ත්‍රිවරුන් කීපදෙනකුගේ අස්සන් ලබාගැනීමට නියමිතය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ සමීපතමයන් වූ එජාප මහ ලේකම් කබීර් හෂීම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු මැති ඇමැතිවරුන් ගණනාවක් ළං කරගෙන රජයේ මුදල් අවභාවිත කළ රනිල් වික්‍රමසිංහ මහතා ‘වයිෆයි’ ‘රැකියා ලක්ෂ දහය’ ඇතුළු සීනි බෝල ලබාදෙමින් එක්සත් ජාතික පාක්ෂිකයන් මුළා කිරීමට දරන ප්‍රයත්නයට පාක්ෂිකයන් තවදුරටත් නොරැවටෙන බැවින් පක්ෂ නායකත්වය ඊට සුදුසු පුද්ගලයකුට පවරා ඉවත් වන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා සිටීමට යයි.

– mawbima

51,537 Viewers

25 Comments to “‘බයනැති අගමැති’ රනිල් එජාප නායකත්වයෙන් ඉල්ලා අස්වනු.. එජාප මැති ඇමතින් 42ක් ලිඛිතව ඉල්ලති..”

  1. රනිල්තුමා රැකගැනීමේ ජාතික ව්‍යාපාරය says:

    අපේ නායක රනිල්තුමා 2020 ජනාධිපතිවරණයට සුදුසුම අපේක්ෂකයයි. එතුමා දිවිහිමියෙන් රැකගනිමු.

    • saman says:

      රනිල්ගේ ආරක්ෂාව සදහා කාලෙන් කාලෙට රනිල්ම මේ වගේ සැළසුම් හදයි…ඒ රනිල්ගේ හැටිය….

    • hora says:

      Hora hora kawuda hora……….

  2. kadiya says:

    “අහෝ දෙව්දත් නොදුටි මොක්පුර” “ශ්‍රී ලංකාව හමුවේ දේවදත්තයෙක් මෙන් දිගින් දිගටම රාජ්‍ය සම්පත් විනාශකල නූතන දේවදත්තයා”

  3. chandra says:

    Another drama. Ranil will never go as there is no second leader who is cunning as Ranil. Ranil is a smooth operator behind the scene. But he cannot be a statesman as he lacks a strong personality. he cannot even go near MR.

  4. Silva CC says:

    කොළඹ 7, – 5වන පටුමගේ “මීහරකා” එජාපයේ සිටිනතාක් ගෝඨාභය ජනපතිවීම වැළැක්විය නොහැක…….!!!

    • kate says:

      What a big person come as the leader of UNP, that person will be a “Kurumitta” infront of the “Giant” Gotabhaya.

  5. King Peechan 1 says:

    S.Lone paipayage uwamanaawatatha ?

  6. kumara says:

    Chandrika – My3 satanakuth erabee etha.

  7. Hesh says:

    හැබැයි එලවගන්න බැරි උනාම ඕකුම එනවා රනිල් තමයි ලෝකෙ ලොකුම මොලේ කියාගෙන. ලැජ්ජා නැති එවුන්.

  8. ජූනියස්රිචඩ් says:

    එහෙම නම් 2020 වෙනකම් ඉන්නඕනෙම නම් හොදම කෙනෙක් බලල පිස්සු කෙළින්නේ නැතිව බොරුවෙන් ජනතාව තවත් මුළා නොකර ආර්ථිකය දියුණුකර, සංවර්ධන කටයුතු වහ වහා කරගෙන යනවාලා. නැත්නම් බම්පු ගහන්නේ නැතිව විසිරුවා හැරල ශක්තිමත් ණ්ඩුවක් හදන්ට ඉඩ දී මකබෑවියල්ලා.

  9. දැන් FCID එකේ අය CID එකේ අය පොලිසියේ අය නිතිපති එකේ අය අල්ලස් එකේ අය ටිකක් හිතන්න වෙයි රනිල් හරි සිරිසේන හරි ච්ම්පික හරි කියන පලියට කරන්න හොද නැති බව. සිවිල් නඩු අපරාධ නඩු බවට පරිවර්තනය කල විද්‍යාලංකාර ල කල දේවල් නැවත හිතන්න වෙයි.

  10. Asaranaya says:

    මේකාට ජොනි බට්ටෙකුගෙන් සන්ග්‍රාහයක් දුන්නානම් වැඩේ කම්මුතුයි, අත්සන් අවශ්ය නැත

  11. gaps says:

    Lanci papola agamati unat on nounat banku horakamata remand karala nadu vibaga karala daduvam vidiya uthu mai.

  12. SUNIMAL says:

    නටපු නැටුමකුත් නෑ, බෙරේ පළුවකුත් නෑ.

  13. john the baptice says:

    එදා ඉහලින්ම කැෂිනෝ කරේ තියාගෙන ගිය අය තමයි අද කෑ ගහන්නේ. රනිල් අහල තිබුන ලංකාවේ ධර්ම චක්‍රයද, කැෂිනෝ චක්‍රයද තියෙන්නෙ කියලා. 1988-89 කාලේ බටලන්දෙ වික්‍රමසිංහ පාලන කාලේ අපේ හාමුදුරුවන්ගෙ කකුල් ගැට ගහල ධර්ම චක්‍රය දාල වද දුන්න හැටි. අද එක්සත් ජාතික පක්ෂය ආඩි 7 දෙනාගේ කැද හැලිය වාගේ. කවුද නායකයා කියලා හොයාගන්න බෑ. අද කකුලක් පිට කකුලක් දාගෙන රනිල් බලාගෙන ඉන්නවා සජිතුයි, කරුයි ගහගෙන දෙන්නම ඉවර වෙනකල්. මේ නායකත්ව මණ්ඩලය හදල තියෙන්නේ ඒ දේ කරන්නයි. ගමේ එක්සත් ජාතික පක්ෂ මනුස්සය බලාගෙන ඉන්නවා ආණ්ඩුවක් ගන්නකල්. තව අවුරුදු 15 ක් 20 ක් ගියත් මේ රනිල් ඉන්නකල් බලන් ඉන්න තමයි වෙන්නේ.”

  14. Rohitha says:

    ane ane kalabala karanta epa. okaa unp nayakamawela idala maeridden. rata ithuruwei me widiyata hari.

  15. Love nature says:

    අලින්ට මිනිස් කටහඬ තේරුම් ගත හැකි බව පර්යේෂණයකින් හෙළිදරව් වී ඇත. මේ පළාත් පාලන මැති වරනයේදී රනිල් රටට කරන අපරාද වලට අලියා පන්න පන්න දුන්නා

  16. Upali says:

    පක්ශය අපකීර්තියට පත් වීම වැලක් වීමට මොවුන් නොයෙකුත් උප්පරවැට්ටි යොදනවා ඇත. මෙයත් මීට පෙර බොහෝ අවස්තාවන්හිදී කල එහෙත් පරාජිත වූ ඇත්තටම රනිල් එල වීමේ සටනක් නම් නොවන බව පැහෙදිලිය. තවත් නාටකයක් වන මෙය දැන් පවතින එජාප අපතයින්ගේ බොරු රඟ පෑමකි. මොවුන් ටික දිනකදී සටන අතහැර රනිල් නැවත පිලිගන්නවා ඇත.

  17. David Milli-Banda says:

    “‘බයනැති අගමැති’ රනිල් එජාප නායකත්වයෙන් ඉල්ලා asweemata baya wela………………………..
    Ithin mokada karanne? Dum gahalawath panna ganna behe ne.

    Deiyo dunna theenduwa.

  18. චන්ද්‍ර says:

    රනිල් මහත්තයා! කිසි දෙයක් නොකර 2020 වෙනකං බලයේ සිටින්නම ඕන නම් ජණ මතය නොතකා පනින්න සිටින වඳුරන් ටිකක් එකතුකර ගන්න කිසිසේත්ම අමාරුවෙන එකක් නැත.

  19. මහේන්ද්‍රන් සමාගම says:

    සර්….බලයේ සිටින්නම ඕන ජන මතය නොතකා පනින්න සිටින ආප්ප කාල පනින වදුරෝ ටිකක් එකතුකර ගන්න. me අවුරුද්දෙම මහබැන්කුව නෙමෙයි රටටම කෙලිමූ. ඉන්දියාවට විකුනලා අපි ගෙවල් ගනිමු.දාලා නම් යට එපා.

  20. Senerath says:

    අනේ දැන් බටලන්දේ අහිංසකයාට මාහිංදාගේම පිහිටයි ! අපේ රත්තරං රජතුමා මේ අහිංසකයා හිරේ දාන්න තරම් නපුරු නෑ. බලන්න මූනෙන් ආදරය කරුණාව පෙරෙන හැටි !

  21. ප්‍රභාකරන් says:

    රනිල් අගැමැති අපට ඕනෙ. ම්ය්යිත්රීට පිස්සු. රනිල් කෑවේ මහා බැංකුව විතරයි. ම්යි 3 පක්සේත් කෑවා.

Main News