බරපතල වංචා ගැන වූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්, ඥානසාර හිමියන්ගෙන් සමාව යදී..

September 24, 2017 at 1:20 pm | lanka C news
බරපතල වංචා ගැන වූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්, ඥානසාර හිමියන්ගෙන් සමාව යදී..

අධිකරණයේදී වූ සිදුවීමක් ගැන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි විවේචනය කරමින් තමන් විසින් මුද්‍රිත මාධ්‍ය කිහිපයක පලකළ ලිපිය ගැන තමා කණගාටු වන බවත් ඒ ගැන ඥාණසාර හිමිගෙන් සමාව යදින බවත් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා මහතා සදහන් කරයි.

මේ බව සදහන් කරමින් ලැසිල් ද සිල්වා මහතා විසින් තම ෆේස්බුක් ගිණුමේ මෙසේ සටහනක් තබා ඇත.

2016 වර්ෂයේ කඩුවෙල උසාවියේදී අපේ ගලගොඩඅත්තේ Gnanasara ස්වාමීන්වහන්සේ සමිබන්ධ සිද්ධියක් අලලා ඉංගීුසි පුවත්පත් කිහිපයකම පළ කරන ලද ම විසින් රචිත විවේචනාත්මක ලිපියක් මෙි සමග ඔබට කියැවීමට ඉදිරිපත් කරමි.

එම ලිපි වලින් පැවසු සිද්ධියට සමිබන්ද සටහනක්⁣ අද මුහූණු පොතේ සදහන් වී තිබුණි. පහතින් copy paste කළ එම සටහන අනුව කඩුවෙල උසාවියේ සාකච්චාවට ලක්වී ඇත්තේ රටේ බරපතල පුශ්ණයක් සම්බන්ධයෙන් උන්වහන්සේ මහත් කැපවීමකින් ඉටුකළ වටිනා කාර්ය භාරය සම්බන්ධයෙනි.

ඇත්තෙන්ම එවැනි කටයුත්තක් මා විවේචනය නොකළා නම් වඩා හොද යැයි දැන් මට සිතේ. නමුත් එවැනි විවේචනයක් හා අපවාදයක් සිදුකරන ලද්දේ මා එම සිද්ධියේ ගැඹුර පැහැදිලිවම නොදැන සිටි හෙයින් බව ඉතා අවංකව පවසා සිටිය යුතුය.

ස්වාමීන්වහන්ස, ඒ සම්බන්ධයෙන් මගේ බලවත් කණගාටුව පළකරන අතර සිරස නමා ඔබ වහන්සේගෙන් සමාව අයදිමි.

– Lacille de Silva FB

20,552 Viewers

5 Comments to “බරපතල වංචා ගැන වූ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම්, ඥානසාර හිමියන්ගෙන් සමාව යදී..”

  1. Saman Lakmal says:

    Respect “ලැසිල් ද සිල්වා ” for your genuiness

  2. Sanjeewa says:

    Respect this Lacille de Silva. He shows that he does not have ego unlike most other so called educated people have such ego. We are with our sanga king පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි

  3. ඤානසාර says:

    අවුලක් නෑ මචන් ලැසිල් සමාව දීම දේව ගතියක්නෙ. හවස වෙලා බෝතලේකුත් අරන් සිරිකොත පැත්තෙ වරෙන් මේ දවස් වල මං එහෙ ඉන්නෙ.

  4. Vasidewa says:

    buddhagama kana eka
    Gotage vahala

  5. salmal says:

    Ape Kaale Buddharkkitha.

Main News