බලකණු ගැලවේ.. සබරගමු සද්දන්තයා මහීපාල හේරත් හා රත්නපුර මන්ත‍්‍රී චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට එක්වෙයි..[Video]

January 13, 2018 at 10:21 pm | lanka C news
බලකණු ගැලවේ.. සබරගමු සද්දන්තයා මහීපාල හේරත් හා රත්නපුර මන්ත‍්‍රී චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට එක්වෙයි..[Video]

සබරගමුව පළාත් හිටපු මහ ඇමති මහීපාල හේරත් මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණු වේදිකායට අද දිනයේ එක් විය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් කෑගල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැළියකදී ඒ මහතා මෙසේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්විය.

වත්මන් යහපාලන ආණ්ඩුව ලක් ඉතිහාසයේ බිහිවූ දුෂිතම ආණ්ඩුව බවත් එය හැකි ඉක්මනින් ගෙදර යැවීම සදහා තමන් පොහොට්ටුව දිනවීමට කැපවන බවද ඔහු කියා සිටියේය.

එමෙන්ම අද දිනයේ පැල්මඩුල්ලේදී පැවති ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු ජනරැුළියකදී රත්නපුර දිස්ත‍්‍රික් එක්සත් ජනති නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී පේ‍්‍රමලාල් ජයසේකර මහතාද එම වේදිකාවට එක්විය.

31,750 Viewers

18 Comments to “බලකණු ගැලවේ.. සබරගමු සද්දන්තයා මහීපාල හේරත් හා රත්නපුර මන්ත‍්‍රී චොකා මල්ලී පොහොට්ටු වේදිකාවට එක්වෙයි..[Video]”

  1. Dushantha says:

    සබරගමුව කවදත් මහින්දටම තමයි. මේ පාර පොහොට්ටුව රෙකෝඩ් තියලා සබරගමුව දිනන්නෙ.

  2. Open mind says:

    සබරගමුවේ සද්ධන්තයා පිං පොත ලියනවා ඇති

  3. රජින්ද says:

    මහීපාල හේරත් දුෂිතද නැද්ද? චොකා මල්ලි දුෂිතද නැද්ද? කොහොමත් මෙවර මැතිවරණය ලොකුද පොඩිද කියල නොබලා මිනිස්සු පොහොට්ටුවේ උගත් අවංක මනුස්සයෙකුට ජන්දය දීලා මුන් දෙන්නව පරාජය කරත්වා…!!!

  4. Saman says:

    Pata dusithoyo me ek vene.

  5. Rohitha says:

    Open mind narakada Closed mind kiyala damagaththoth?

  6. Asela says:

    Choka Malli kohomath Mahinda Ekka thamayi. Aluthen neweyi

  7. piyal says:

    Mahinda mahaththaya kawadada igena ganne. Mun wage pal horui, minee maruwoi innakan obathumata ape chade nehe.

  8. Kaaru says:

    මහීපාල නිසා සබරගමුව දිනන ගාන;
    එකකින් වැඩිවුණා.
    දාහකින් අඩු වුණා.

  9. PISSU PUSHA says:

    Sabaragamuwa, sourthern, western, north central and wayaba 78% POHOTUUWA, and Central 45%and Northern 17%and eastern 38% for POHOTTUWA. KEPPAYA AND BANKU HORATA ABASARANI

  10. upali says:

    එක ජාතියෙ කුරුල්ලො කොහොමටත් එකට එකතු වෙනවනෙ

  11. පොල්ගමිල සුනීත හිමි says:

    මහීපාල හේරත් අන්ත දූෂිත දේශපාලනඥයෙක්.මොහු තෙවරක් සබරගමුවෙ මහ ඇමති හැටියට කටයුතු කළා. ඉදිකිරීම් කොන්ත්‍රාත්කරැවන් හරහා කොමිස් ලබාගත්තා. අතකොටා වැනි මැරයන් පෝෂණය කළා පමණක් නොව අතකොටාට පලාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ කැබි රථයක් පවා ලබාදුන්නා. මෙවැනි අය ලංකර ගැනීම මහින්දගේ අවසානයයි.

  12. වනිගසේකර නිළමෙි, කොටාමුල්ල. says:

    චොකා මල්ලී හෙවත් පේමලාල් ජයසේකර මැරයෙක්. මොහුගේ අනුග්‍රහය යටතේ අනවසරයෙන් මැණික්ගැරීම නිසා නිවිතිගල ආසනයේ ගංගා ඇලදොළ විනාශකර මහත් පරිසර හානියක් කර ඇත. මොහු නොමිමර එකේ බූරැකාරයෙක්. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයකට සුදුසු අයෙක් නෙවි.මිනිමැරුම් චෝදනා එල්ලවී ඇති නිසා දැන් බියට පත්වී ඇත. වැලිකඩ යාමට නියමිත අයෙකි. මහින්දට ගැලපෙන චරිතයකි.

  13. පේමරත්න හේරත්, රඹුක්කන says:

    මහීපාලගෙ මුල්ම රැකියාව කොළඹ ගිණිනිවන හමුදාවෙ.ඒකාලෙ වරායෙන් හොරට පන්නන බඩු උස්සා විකිණීම කළේ රැකියාවට අමතරවයි.ඊට පස්සෙ කෑගල්ල සමූපකාරයට සෙටිවෙලා හොරකම ප්‍රගුණ කළා.මෙි සුදුසුකම් සහ මැරකම් සමග පාර්ලිමේන්තුවට සහ පලාත්සභාවට තේරැනා. පලාත් සභාවෙන් ගොඩම ගියා.
    මොහු හොරකමි කළේ ඔහුම නිර්මාණය කරගත් අමුතුම ක්‍රමයකට ( Modes Operandi) පලාත්සභාවෙි පක්ෂ සහ විපක්ෂ මන්ත්‍රීවරැන්ට පලාත්සභා ප්‍රතිපාදන අල්ලස් වශයෙන් සහ තවත් වරප්‍රසාද සහ සමිපත් ලබාදී නිර්වින්දනය කරගත්තා.ඉදිකිරීමි කොන්ත්‍රාත්තු වල ඇස්තමේන්තු සකස්කරන නිළධාරියාගේ සිට ආයතන ප්‍රධානීන්ද තම හිතවත් කොන්ත්‍රාත්කරැවන්ද එලෙසම නිර්වින්දනය කළා.රාජපක්ෂට සෙටිවෙලා මෙි සියල්ලන් බියපත් කළා.විපක්ෂයේ සිටි මන්ත්‍රීවරැන් JVP හැර මහීපාල සෙටිකර ගත්තෙත් මෙලෙසමයි.බොහෝ විපක්ෂ මන්ත්‍රීවරැන් පොඩි පොඩි පලාත්සභා ප්‍රතිපාදන ලබාගැනීමෙි අරමුණින් මොහුට විරැද්ධව නැගී සිටියේ නැහැ.තවත් විපක්ෂ මන්ත්‍රීවරැ කීපදෙනෙක් මොහුගේ දූෂණ ෆයිල් පෙන්නා බයකර වැඩගත්තා.ආණ්ඩු පක්⁣ෂයේම අය මොහුගේ දූෂණ චෝදනා ලිපිගොනු විපක්ෂයට දුන්නත් විපක්ෂයේ උන් හැසිරැනේ නිවටයින් වගේ.පලාත් සෞඛ්‍ය සේවාවට ලබාගත් ඩබල් කැබි රථ හතලිහකට ආසන්න ගණනක් මන්ත්‍රීවරැන්ගේ ප්‍රයෝජනයට නීතිවිරෝධීව ලබාදී ඔවුන් සතුටු කරමින් වංචා යටපත් කරගත්තා.පලාත්සභාවෙි වැදගත්, මුදල් ගසාකෑ හැකි විෂයන් ඔහු යටතට පවරාගත්තා.මැරයින් පෝෂණය කළා මෙම තොරතුරු මඩ නොව සත්‍ය දේවල්.”මහීපාල, කරැණාකර ඔබගේ හදවතට තටිටුකර බලන්න”.

Main News