බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..

August 7, 2017 at 11:09 pm | lanka C news
බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..

ඇමති මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධීකරණ නිලධාරියා වන සමීර මනහර මත්ද‍්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඇමතිවරයාගේ මාධ්‍ය ලේකම් අසිත රාජපක්‍ෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම නිවේදනයයි.

“අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පෞද්ගලික ලේකම් මත්රව්‍ය තොගයක් සමඟ අත් අඩංගුවට ගෙන ඇතැයි ඇතැම් මාධ්‍යවල පලවී ඇති වාර්තා මුළුමනින්ම පදනම් විරහිතය.

මංගල සමරවීර අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරියකු සහ ඔහුගේ මිතුරන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් පෙරේදා (05) රාත‍්‍රී අත්අඩංගුවට ගෙන ගල්කිස්ස පොලිසියට බාර දීමේ සිද්ධිය පාදක කර ගනිමින් අමාත්‍යවරයාට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය විසින් මඩ මෙහෙයුමක් ආරම්භකර ඇති බැවින් සිද්ධියට අදාළ කරුණු කෙටියෙන් පැහැදිලි කරමින් මෙම මාධ්‍ය නිවේදනය නිකුත් කරමි.

අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරී සමීර මනහර මහතා පෙරේදා රාත‍්‍රී ඔහුගේ මිතුරන් තිදෙනෙකු සමඟ රාත‍්‍රී සාදයක් සඳහා යමින් සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් විසින් රාත‍්‍රී 8.45 ට පමණ ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන තිබේ.

එසේ ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ, එහි සිටි අයකු සතු එම ජීප් රථය පොලිස් නිලධාරීන් විසින් පරික්ෂා කිරීමේදී එහි තිබී මත්ද‍්‍රව්‍ය හසුවීම හේතුවෙනි. එම ජීප් රථය එහි සිටි අයකු සතු වුවකි.

රථයේ සිටි අයකු එය තමන්ගේ බව පිළිගෙන ඇති අතර අනතුරුව විශේෂ කාර්ය බලකා නිලධාරීන් අදාල සැකකරුගේ නිවසට ගොස් මත්පැන් බෝතල් 16ක් ද සිගරට් කාටුන් තුනක් ද ප‍්‍රදර්ශන කඩුවක් හා නිවසේ භාවිතයට යොදාගත් මන්නයක් ද අත්අඩංගුවට ගෙන මෙම පිරිස ඊයේ (06) උදැසන ගල්කිස්ස පොලිසියට බාරදී ඇත.

අත්අඩංගුවට ගෙන සිටි සිව්දෙනාම ඊයේ පස්වරුවේ දී ගල්කිස්ස වැඩබලන මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කල ගල්කිස්ස පොලිසිය, මත්ද‍්‍රව්‍ය ළඟ තබාගත් පළමු සැකකරු හැර අනෙක් තිදෙනා ඊට සම්බන්ධ බවට තොරතුරු අනාවරණයවී නැති බවත්, එම තිදෙනා අත්අඩංගුවට ගනු ලැබුවේ පළමු සැකකරු ගමන්ගත් රථයේ සිටි නිසා බවත් බී වාර්තාවක් ගොනු කරමින් දන්වා සිටියේය.

මහේස්ත‍්‍රාත්වරයා හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වූ ගල්කිස්ස පොලිසියේ පොලිස් පරීක්ෂකවරයාල පළමු සැකකරු හැර අත්අඩංගුවට ගත් අනෙක් තිදෙනා එරෙහිව මත්ද‍්‍රව්‍ය ළඟ තබා ගැනීමේ හෝ මත්ද‍්‍රව්‍ය ජාවාරම් කල බවට චෝදනා ඉදිරිපත් නොකරන බවත්, ඔවුන් තිදෙනාට ඇප ලබාදීමට විරෝධතාවයක් නැති බවත් දන්වා සිටියේය.

එම කරුණු සලකා බලමින් පළමු සැකකරු රිමාන්ඩ් භාරයට පත්කල මහේස්ත‍්‍රාත්වරයා අත්අඩංගුවට ගෙන සිටි සමීර මනහර මහතා ඇතුළු තිදෙනා ඇප මත මුදා හරිනු ලැබිය.

ඒ අනුව අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මහජන සම්බන්ධතා නිලධාරියට එරෙහිව ඇතැම් අන්තර්ජාල මාධ්‍ය හරහා වාර්තා කර ඇති කරුණු පදනම් විරහිත බව සනාථවේ.”

අසිත රාජපක්‍ෂ
අමාත්‍ය මංගල සමරවීර මහතාගේ මාධ්‍ය ලේකම්

27,479 Viewers

7 Comments to “බලන්නකෝ මං ගිය වාහනයේ කුඩු ඇදලා.. මං දන්නෑ…මං පවු.. – කුඩු සමග අත්අඩංගුවට ගත් මංගලගේ ලේකම් ගැන නිවේදනයක්..”

  1. බන්ඩා says:

    කොල්ලා උස්සල නඩු අහපු මංත්‍රි හිරැ නිකර්ට උසාවියෙන් අැප දීල නිදහස් කරල ගෙදර යැව්ව වගේම අවමංගල අැමතිගෙ කොලු ලවරැත් මත් ද්‍රව්‍ය ලඟ තබා ගත් චෝදනාවෙන් නිදහස්. කොහොමද ‘යහපාලනේ’ සැපය් නේද?

  2. බන්ඩා says:

    කොල්ලා උස්සල නඩු අහපු මංත්‍රි හිරැ නිකර්ට උසාවියෙන් අැප දීල නිදහස් කරල ගෙදර යැව්ව වගේම අවමංගල අැමතිගෙ කොලු ලවරැත් මත් ද්‍රව්‍ය ලඟ තබා ගත් චෝදනාවෙන් නිදහස්. ශ්‍රි ලංකාව කුඩු පාරාදිසයක් සහ සම ලිංගික රටක් කල ‘යහපාලනේ’ දැන් සැපය් නේද?

  3. අනාථ ජනයා says:

    මුන් ඔක්කොම බබාලා, බබා කතා පිලිගන්න උනුත් බබාලා. නීතිය ක්‍රියා ත්මක කරන උනුන් බබාලා නොවේද

  4. Karu says:

    මොන්ගලයා එක්ක ගිහින්ම කරන්නෙ මොකක්ද කියල ඇඟ පතෙන්ම තේරෙනවා.
    නරකද ඔය වහනේත් උඹ ආවද මතක නැ කියල හත් අතේ දිවුරල දැම්ම නං?

  5. රටෙ එකා says:

    මේ ආණ්ඩුවෙ ඇමතියොන්ටත් මම දන්නෙ නෑ ලෙඩේ. ආණ්ඩුවේ ඇමතිලාගෙ Boy Friend ලටත් මම දන්නෙ නෑ ලෙඩේ.

  6. අමිල says:

    කොල්ලෝ නේ ……..
    මංගල ගේ නේ..

    අවුලක් නැහැ නේ …..

Leave a Comment